11.༊ වට් අ ස්වීට් කපල්﹏࿐ ࿔

2.6K 508 39
                                    

එයා කතා කරලා අර හිටිය මිනිස්සු සේරගෙම අවදානය එයාගෙ පැත්තට ගත්තා. මං ලැබුන ටික වෙලාවෙන් පඩිපෙල අඩියට දෙකට බිමට බහිද්දි ඒ නපුරු ඇස් මට රැව්වෙ උඩ ඉඳන් පහලටම බැල්මක් දාලා. ඇයි එයා රවන්නෙ මට? මං බාගෙට ඇඳන් ඉන්න හින්දද? හුහ් මං මොනවා කරන්නද. මට මේ ඇඳුම් දුන්නෙ එයාමනෙ.

"නෑ නෑ සන්. ඇවිත් ඉඳගන්න අර දරුවා එක්ක."

සීයප්පච්චි හෙනම හොඳ විදිහට කතා කරන්නෙ දැන්. උදේ තමා අපිව මරන් කන්න හැදුවෙ.එයාගෙ ගොල්ඩ් ෆ්‍රේම් කණ්ණාඩි වලට උඩින් අරයා දිහා බලලා ඇස් වලින් මොනවා හරි සීයප්පච්චි ඉඟි කරද්දි ඇස් කරකවලා එපා වුන විදිහට බැලුව එයා මං දිහාට ඇවිදන් ඇවිත් මගෙ ඉණ වටේ අත දාලා ලඟට ගත්තෙ මං බය වෙලා වගේ බලන් ඉද්දි. යකෝ මේකට මොනවා වුනාද එකපාරට.

"බබා ඔයා ගොඩක් නිදියලානේ. මං පාලුවෙ හිටියෙ ඔයා ඇහැරෙනකන්.."

දෙයියනේ පොඩියෙකා හැමෝම ඉස්සරහ මගෙ කොණ්ඩෙ අවුස්සලා හිනා වුනේ මගෙ ඇස් වලට එබෙන ගමන්. හම්මේ මට හාට්ඇටෑක්. මාව හොස්පිට්ල් ගිහින් දාන්න අයියෝ..

"කියුට්.."

මේකා මගෙ නහයට තට්ටුවකුත් දාලා මගෙ ඉණෙන් අල්ලන්ම ඩයිනින් ටේබල් එකට ඇවිදන් ගිහින් සීයගෙ ලඟ හිස්ව තිබුන පුටුවෙන් මාව ඉන්දලා එයා මට එහාපැත්තෙන් ඉඳගත්තා.

"වට් අ ස්වීට් කපල්. ගොඩක් ආදරෙන් ඉන්න දෙන්නක් වගේ. මිස්ටර් ෆ'නෑන්ඩෝගෙ සන් හරි ලකී. එයාගෙ බෝයිෆ්රෙන්ඩ් කියුට්නස් ඕවර්ලෝඩ්. ඇක්චුවලි මට ලෝබ.. ඒක නේද වර්ඩ් එක? ඔව් හරි ලෝබ හිතුනා."

මං ඉස්සරහම හිටියෙ වයස තිහක් තිස් පහක් විතර කියන්න පුලුවන් කොල්ලෙක්. එයා මං දිහා දාන් හිටියෙ නම් මහ පැණි බැල්මක්. ඒක මාව අපහසුතාවට පත් කරනවා වගේ නිසා මං ප්ලේට් එක දිහා බලාගත්තෙ ලාවට හිනා වෙලා.

"ඔව් ඇත්තටම මගෙ සන් ගොඩක් ලකී. අපි හෙට අනිද්දා විතර වෙඩින් එක ගන්න ඉන්නෙ. ඒත් ඊට කලින් ඔයලාට ඩිනර් එකට ඉන්වයිට් කලේ වෙඩින් එකට පස්සෙ කියන්න හිටියත් කල්තියා කම්පැනි එකේ නිව් ඕනර් අඳුනගන්න එක හොඳ නිසා.."

 නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]Donde viven las historias. Descúbrelo ahora