සීතලයි සීතලයි හොදටෝම සීතලයි . මහ වැස්ස අස්සෙන් ඇහෙන අකුනු සද්දෙටත් වඩා අමිහිරියි දෙන්නෙක් වාද කරනකොට
"කිම් තමුසෙ නිසා තමුසේ නිසා මගේ ජීවිතෙත් විනාස වෙනවා . අපේ ඔම්මලත් මාව තමුසෙට දීලා කරගත්ත මෝඩකම"
"ඇයි මම උබත් එක්ක සහනෙන් ඉන්නවා වගේද . ඉන්න බැරිනම් යනවා . මෙන්න තමුසෙගෙ ඩිවෝස් එක" එහෙම කියපු පිරිමි කෙනෙක් තමන්ගේ අතේ තිබ්බ කොල කෑල්ල ගැහැනු කෙනාගේ මූනටම විසික් කරා
මේ දිහා කිසි දෙයක් තේරුම් ගන්න බැරි ලමයි දෙන්නෙක් බලාගෙන හිටියා . එතනින් එක්කිනෙක් ටේහි වෙනකොට අනිකා ටේ හ්‍යුන්ග් උනා
පුදුමයි නේද වචනෙකට හිත රිද්දන්න පුලුවන් වෙද්දි වාක්‍ය ගානකට බැදීම් කඩන්න පුලුවන් එක .
කිසිම පුන්චි ලමයෙක් මේ වගේ දේවල් දකින්න ඕනෙද .තමන්ගෙම ඔම්මා ,අප්පා මේ විදිහට රන්ඩු වෙන එක . නෑ නේද ?
"යනවා තමයි . තමුසේ ඉන්න තැනකවත් මන් ලගින් නෑ" ගැහැනු කෙනා තමගේ දරුවන් පැත්තට වේගෙන් ඇදිලා ගියා .
"ටේ , ටේහි ඇදුම් ටික දාගන්න" තරුන ගෑනු කෙනාකිව්වා
"උබ මේ කෙල්ල අරන් ගියත් කොල්ලට අතක් තියන්න එපා " පිරිමි කෙනා කිව්වා
එයාලා අතර ගිය සන්වාදේ චූටි ලමයෙක්ට තියා දැනුම් තේරුම් තියෙන කෙනෙක්ටවත් අහගෙන ඉන්න පුලුවන් එකක් උනේ නෑ . අන්තිමේදි තරුන ගෑනු කෙනා ටේහි අරන් යන්න ගියා
අසාදාරන නැද්ද ඒක . එයාලා ටේගෙන් ඇහුවද කවුරු එක්කද ඉන්න ඕනේ කියලා . ලමයෙක්ට ලන් වෙන්නේ ඔම්මනේ . එතකොට කෝ ටේට ඒ උනුහුම . ලෝකය අසාදාරනයයි . අපි හිතනවට වඩා .
දවසින් දවස ටේ ලොකු උනා . හැමදාම බීගෙන එන අප්පා එක්ක එයාට ඉන්න හරි අමාරු උනා . ඒත් සැනසීමකට වගේ එයාට ජිමින් හිටියා. එයාගෙයි *ඇයගෙයි* යාලුවා ජිමින්
ඒත් බැදීම් කැඩෙනවා .ඒක එහෙම නේද . ටේට ඒක තේරුනේ එදා වගේම මූසල දවසක . ඔව් එයාගෙම අප්පා එයාව අනාත නිවාසෙකට දාපු දවසේ . ඒකත් සෝල් වලින් දුර
අවුරුදු දොලහක් උන ඒ අහින්සක කොල්ලගේ හිතට සැනසීමක් ගේන්න පුලුවන් උන එකම යාලුවටත් කියන්නෙම නැතුව තවත් අදුරු තැනක තනිවෙන්න ටේට ඕනේ උනේ නෑ . වචනෙන් නොකිව්වට එයාගේ හිත මහ හයියෙන් කෑ ගහන්න ඇති නේද .
ඒත් කවුරු එයාට සවන් දෙන්නද . ලියකිවිලි හදව්වගෙන් පස්සේ බූසාන් ලමා නිවාසෙට ටේව බාරගත්තා .
ඒත් ටේ මුල ඉදන්ම අඩපු එකයි කරේ . ම්.. ඇඩියාව නිසාම එයා දකින්න නැතුව ඇති බැම්බි ඇස් දෙකක් එයා දිහා බලාගෙන කියලා
TBC
Bl nove 🥲🤌🏻
YOU ARE READING
Her hero | JJK centric
Fanfictionඅනේ ලමයෝ ඔයා කවදාවත් උත්සහ කරලා තියෙනවද කැඩෙන්න තියෙන පොරොන්දු රකින්න? එතකොට එක පාරක් හරි අතහරින එක නවත්තන්න ? ඉතින්...හිමි නැති සඳකට ආල බැඳි ඇයගේ වීරයා ඔහු පෙන්නලා දුන්නා බලාපොරොත්තු දහසක් හැන්ගුන "පොරොන්දු" තියෙන්නේ රැකෙන්න මිසක් කැඩෙන්න නෙවේ...