"හ්යුන්ගී !!! මේ අන්තිම පාර කියන්නේ . නැගිටිනවද නැද්ද " ඔව් ඔව් ටේහ්යුන්ග් ට උදෙන්ම ඇහුනේ කුලප්පු උන හාවෙක්ගේ හඩක්
"කුකී තව විනාඩියක් අනේ" ඇස් දෙක්වත් අරින්න කරදර නොවී ටේහ්යුන්ග් කිව්වා . ඉතින් අපේ කුකී සැලෙයිද .කොහෙත්ම නෑ
"හ්යුන්ගීඉ.... ඔයා විතරයි නිදි . නැගිට්ටේ නැත්තම් මගේ පොල් දත් දෙක ඔයාගේ අතේ තියෙයි"
කුකී ටිකක් සීරියස් කිව්වේ . හැබැයි කිව්ව එක කරොත් නම් ටේට අතක් නැති වෙනවා
1
2
3
"යා!!! මෝඩ හා තඩියා . ඔහෙ හිටු !"
හරිනේ ඉතින් . ටේ ගෙනෙ වැරැද්ද නේද. කිව්ව වෙලේ ඇහැරුනා නම් ලස්සන හා දත් දෙකක පාරක් අත මැදම හිටින්නේ නෑ නේ .
ලමා නිවාසේ හැමෝටම හුරුයි මේ දෙන්නගේ විකාර .කොහොමත් ඉතින් සතියකට සැරයක්වත් විනාසයක් කරේ නැත්තම් දෙන්නටම නින්දෙ යන්නේ නෑ නේ
ටේහ්යුන්ග් උනත් හොදාකාරවම දන්නවා මේ දග මල්ල ගැන . අනේ ඉතින් දෙකම එකයි . වයසින් වැඩි උනාට මොකෝ ටේත් පොඩි එකා වගේ .
කුකීගේ පස්සෙන් දුවද්දි කුකී කකුල පැටලිලා වැටුනා . පොඩ්ඩක් තුවාල උනා වගේම මූනත් බෙරි උනාද මන්දා
"අනේ කුකී . ඔයාට රිදෙනවද " කදූලු බෝල දෙකක් ඇස් අස්සේ පුරවන් හිටපු ටේ ඇහුවා
"අනී හ්යුන්ග් " කුකී හිනා වෙලාම කියනවා එක්ක ටේගේ කදුලු ගලාගෙන ගියා
"හ්යුන්ගී !! තුවාල උනේ මටනේ අනෙව් . ඔයානේ අඩන්නේ "
"ඒත්"
"තව පොඩ්ඩක් හරි ඇඩුවොත් ගහනවා හරිද " ඇස් දෙක හීනි කරලා ටේ දිහා බලපු කුකී කිව්වා . මන් හිතන්නේ මට ටේ කෙල ගිලින සද්දෙත් ඇහුනා .
YOU ARE READING
Her hero | JJK centric
Fanfictionඅනේ ලමයෝ ඔයා කවදාවත් උත්සහ කරලා තියෙනවද කැඩෙන්න තියෙන පොරොන්දු රකින්න? එතකොට එක පාරක් හරි අතහරින එක නවත්තන්න ? ඉතින්...හිමි නැති සඳකට ආල බැඳි ඇයගේ වීරයා ඔහු පෙන්නලා දුන්නා බලාපොරොත්තු දහසක් හැන්ගුන "පොරොන්දු" තියෙන්නේ රැකෙන්න මිසක් කැඩෙන්න නෙවේ...