දවස් දෙකක් විතර ගියා ජන්කූක්ට ජොබ් හොයා ගන්න . එයාගෙ යුනි වැඩ පවා පාඩු උනා . ඒත් කුකී මොනා කරන්නද . එයා පොරොන්දු දෙන්නේ කඩන්න නෙවේ නේ .
"ඔප්පා අද මට යන්න හම්බ වෙඉද " ටේහි ඇහුවේ උඩ බලාගෙන . පව් ඒ කෙල්ලගේ තරු කැට වගේ ඇස් වලින් කිසිම දෙයක් පේන්නේ නෑ නේ .
"ඔව් අපි යමු ටේහි" ඔක්කොම වැඩ ටික ඉවර කරලා ටේහි ගේ ටිකට් කපාගත්ත ජන්කූක් කිව්වා .
ටේහිව වීල් චෙයා එක්ක ගෙනියද්දි ඒ දර්ශනේ හරිම ආදරනීය විදිහට අනිත් අය දැක්කේ . හරියට කුකී ටේහිගේ බෝයි ෆ්‍රෙන්ඩ් වගේ . ඒත් ඒ වගේ හැගීම් කුකීගේ හිතේ තිබ්බද ?
මල් පෙත්තක් වගේ පරිස්සමට ජන්කූක් ටේහිව එයාගේ ඇදෙන් තිබ්බා . එයාට මහ ගොඩක් දුකයි . කුකීගේ ඇස් වල කදුලු
_හ්‍යුන්ගී . ඔයා හිටියනම් ඔයාගේ රෝස මලව දකින්න .එයා ඔප්පා කියලා කතා කරන වාරයක් ගානේ මගේ හිත රිදෙනවා හ්‍යුන්ගී. මට ඔයාව ගොඩක් මතක් වෙනවා. කුකී දග වැඩි උනාද මගේ හ්‍යුන්ගී. කුකී නරක වැඩි උනාද . ඒකද ඔයාගේ කුකීව තනි කරේ හ්‍යුන්ග් . ඔයාට අමතක උනේ කොහොමද මට ඔයා නැතුව් බෑ කියන එක_
ඔහේ ගලාගෙන යන කදුලු වලට තරවටු කරන ගමන් ජන්කූක් තමන්ටම කියා ගත්තා . කවදා ඉදන්ද කුකී අඩන බබෙක් උනේ . ඒක එයාමයි දන්නේ .
"ටේහි . මන් යුනි යනවා . එන්න ටිකක් රෑ වෙයි . එහා ගෙදර ඇන්ටි සැරින් සැරේ ඔයා ගැන බලයි හරිද . මන් ගිහින් එන්නම්"
"ඔප්පා . අනේ මට ඇස් පෙනුනා නම් ඔයාට උදව් වෙනවා _සත්තයි_"
"බය වෙන්න එපා ටේහි අපි ඔයාව හොද කරගම්මු .මට ටික කාලයක් දෙන්න"
"ඔය ඇත්තමද"
"ඇත්තමයි"
ටේහි පොඩි බබෙක් වගේ නලියන හැටි දැක්ක ජන්කූක් කිව්වා .
.
.
.
.
.
උදේ පාන්දර වැඩට ගියාට මොකද ජන්කූක්ට මහ රෑ වෙනකන් වැඩ තිබ්බා . වැඩට? . ඔව් කුකී ටේහිට බොරු කරේ .එයා යුනි ගියේ නෑ . ජොබ් වලටයි ගියේ .
සල්ලි වල උවමනාව කොයි තරම් ලොකු උනත් කොහොමද ටේහිව අර මහ රෑ තනියම ගෙදර තියන්නේ . ඉතින් එයා යුනි ජීවිතේට පොඩි පොඩි විරාම දුන්නා .
_ටේහි මොනා කන්න ආසද දන්නේ නෑ . කෙල්ලෝ මොනාටද ආස .ම්.. අනේ මන්දා . ඔන්න ඔහේ චොකලට් එකක් අරන් යනවා_ තමන් එක්කම කතා කරගත්තු ජන්කූක් චොකලට් එක්කුත් අරන් ගෙදර ගියා .
"ඔප්පා ඔප්පා මේ ඔයාද" ටේහි කෑ ගැහුවා
"ඕ ටේහියෝ.ඔහොම ඉන්න මන් ඔතනට එන්නම්
"
හාහ් ඇස් පේන්නේ නැති අය ටේහි වගේම හැම තප්පරේම ඇහෙන පොඩි සද්දෙට උනත් ගැහි ගැහි ඉන්නවා ඇති නේද . අදුරට හුරු නැති අය .
"ඔප්පා මේ මොනාද"
"ඉන්නකෝ මන් කඩලා දෙන්න"
"අනේ ඔප්පා ඇයි ඔයා මේවා ගෙනාවේ . මට ඔයා හිටියම ඇතී" ටේහි කිව්වා .
_මටත් ටේහි .මටත් හ්‍යුන්ගි හිටියනම් අඩුම තරමේ කතා කරන්න හරි කෙනෙක් ඉන්නවා_
ලොකූ හුස්මක් පහල දාපු ජන්කූක් ටේහිගේ ඔලුව අතගාලා ගිහින් එයාටත් එක්කම කෑම හැදුවා .
කුසියේත් මහ ලොකු දේවල් නැති වෙද්දි කුකීට උනේ තිබ්බ එලවලු වලින් සුප් එකක් හදලා බර වැඩි නිසා සුප් බොමු කියන්නයි
දවස පුරාම මහන්සියෙන් ඇදට ආප්‍ය් ජන්කූක් ඇද උඩ ඉදගත්තා .
_හ්‍යුන්ගී ඔයා කිව්වා හරි . අපිට ලැබෙන හැම දේටම අපෙන් දෙයක් ගන්නවා. ඒක හරි අමාරුයි_
අත් දෙක දිහා බලාගෙන ඇහෙන නෑහෙන ගානට තමන්ටම කියා ගත්තු ජන්කූක් ටේහිත් නිදි කියලා ශුවර් කරගත්තට පස්සේ ටේගේ ෆෝන් එකේ තිබ්බ ඩයරිය කියවන්න ගත්තා . අනුන්ගේ ඩයරි කියවන එක වැරැද්දක් උනත් කුකීගේ හිතේ කොනක විශ්වාසයක් තිබ්බා ඊලගට කරන්න ඔනේ දේ ගැන ටේ එයාගේ ඩයරියේ ලියලා තියේවි කියලා .
ඒ වගේම එයා රෑ එලි වෙනකන් තමන්ගේ පාඩු උන නෝට් ලියන්න ගත්තා .
බා එක්ක වැඩ කරන නිසා වීදුරු වලට උන කැපුම් පෑනට තද වෙද්දි ඉවසගන්න බැරි තරම් වේදනාවක් ආවත් කුකී ඉවසුවා . ඉවසුවා මහ ගොඩක් . එක වචනයක් නිසා . ඒ වචනය "පොරොන්දුව"
YOU ARE READING
Her hero | JJK centric
Fanfictionඅනේ ලමයෝ ඔයා කවදාවත් උත්සහ කරලා තියෙනවද කැඩෙන්න තියෙන පොරොන්දු රකින්න? එතකොට එක පාරක් හරි අතහරින එක නවත්තන්න ? ඉතින්...හිමි නැති සඳකට ආල බැඳි ඇයගේ වීරයා ඔහු පෙන්නලා දුන්නා බලාපොරොත්තු දහසක් හැන්ගුන "පොරොන්දු" තියෙන්නේ රැකෙන්න මිසක් කැඩෙන්න නෙවේ...