"ටේහි මොකද උනේ"
"මට බයයි ඔප්පා .මට හරි තනියි . අකුනු ගහනකොට ඒ හඩ මගේ කන් අස්සේ දෝන්කාර දෙනවා . හරියට මන් දුපතක තනි වෙලා වගේ ."
හද එලිය එක්ක දිලිසෙන ටේහිගේ ඇස් වලින් ලොකු කදුලු බින්දු දෙකක් ගලාගෙන ගියා .
"අනේ මගේ ටේහි . එන්නකෝ ඔප්පා ගාවට" ජන්කූක් ටේහිව තමන්ගේ පපු තුරුලේ හන්ග ගන්න ගමන් කිව්වා.
"ටේහි එහෙම තමයි ජීව්තේ . අපිට හිමිවීම් වෙනවා අහිමි වීම් වෙනවා . ම්.. ඔයා සතුටු වෙන්න ටේහි . ඔයා වෙනුවෙන් මන් ඉන්නවා .ඒත් සමහර අය වටේ කී දාහක් හිටියත් එයාලා වෙනුවෙන් එයාලවත් නෑ ."
ටේහිගේ ඔලුව අතගාන ගමන් කූකී කිව්වා
"ඒත් මට බයයි ඔප්පා . මගේ ලෝකේ හරි අදුරුයි . අනේ පුලුවන් නම් අදට විතරක් මන් ගාව නිදාගන්න "
ටේහි කදුලු අතරින් කිව්වා
ජන්කූක් හිතින් ටේගෙන් දහස් වාරයක් සමාව ගන්න ඇති දැන් කරන්න යන වැඩේට .ඊටත් වඩා එයාගේ පපුව එකසිය ගානකට ගැහෙනවා .කවදා ඉදන්ද මෙහෙම හැගීම් ආවේ . ටේහි කිව්ව එක කුකීට අනුව වැරදි දෙයක් .කුකීට හිතන විදිහට එයා පිට පිරිමි කෙනෙක් .ඉතින් ටේහි එක්ක එක ඇදක ඉන්න එක එයාට ලොකු වැරැද්දක් වගෙයි .ඒත් එයත් අසරනයි . ඇත්ත කියන්න බැරි තරම්ම
අන්තිමේදි කුකී ටේහි එක්ක ඉන්න කැමති උනා . ඒත් ටේහිට නින්දෙ ගිය ගමන් කුකී හිමීට එලියට ගියා .
එයාගේ කමරේට ගිය කුකී ජනේලයෙන් ඔලුව තියාගෙන නිමක් නැතුව පෙනෙන කලුවර අහස දිහා බලන් හිටියා
"හ්‍යුන්ගී ඔයා සමාව දෙනවද හිටපු ගමන් මගේ හදවත කරන විකාර වලට . පොරොන්දු වෙනා ටේහිට කරදර වෙන්න දෙන්නේ නෑ .මට පුලුවන් මගේ හිතේ පිපුන ආදරේ මරලා දාන්න . එතකොට මට ටේහිගේ ඔප්පා විදිහට විතරක් හිතන්න පුලුවන්"
මහ වැස්සකට පස්සේ ඝන අදුරු අහසේ දිලිසෙන ලස්සන තරු කැට දිහා බලාගෙන කුකී කිව්වා .
"ජිමිනි හ්‍යුන්ග් ඔයා කොහෙ ඇතිද . ඔයා ආව නම් ටේහි ගැන මට බය නැතුව ඉන්න තිබුනා " ජන්කූක් සිහින් හඩින් කිව්වා
සමහර විට එදා වෙන්න ඇති කුකී එයාගේ අද්‍යාපනට පයින් ගහන්න ඇත්තේ .
ඔය තරම් පරාර්තකාමී වෙන්න එපා කුකී ඔයාටම රිදෙයි
.
.
.
°°°°°°°°°°°°°
ඔයාලට මතකද ටේ ජන්කූක්ට කිව්වා ජිමින්ට නන්ගිව බාර දෙන්න කියලා . අන්න ඒ කුකීව විශ්වාස නැති නිසා නෙවේ . වෙනමම හේතුවක් තියෙන නිසා
YOU ARE READING
Her hero | JJK centric
Fanfictionඅනේ ලමයෝ ඔයා කවදාවත් උත්සහ කරලා තියෙනවද කැඩෙන්න තියෙන පොරොන්දු රකින්න? එතකොට එක පාරක් හරි අතහරින එක නවත්තන්න ? ඉතින්...හිමි නැති සඳකට ආල බැඳි ඇයගේ වීරයා ඔහු පෙන්නලා දුන්නා බලාපොරොත්තු දහසක් හැන්ගුන "පොරොන්දු" තියෙන්නේ රැකෙන්න මිසක් කැඩෙන්න නෙවේ...