ටේහි මේ ටිකේම කූක් දිහා බැලුවේ සැකෙන් . ජන්කූක් තියන පියවරක් පවා ටේහිගේ සැක ඇස් වලිනුයි දැක්කේ . අන්න එතන තමයි අපි වරද්දගන්නේ . අපි දෙයක් ගැන සැකෙන් බලන්න ගත්තොත් අපි හැම දෙයක්ම සැක සහිතව මවා ගන්නවා . ඒක අපේ හැටියක් නේ .
හිමින් හිමින් ජන්කූක්ගේ කාමරේ පැත්තට අඩිය තිබ්බ ටේහිට ජන්කූක්ව දකින්න ලැබුනා . ඒත් එක්කම ජන්කූකුඉත් ටේහි දිහාවට හැරුනා .
""ඔප්පා මොනාද ඔය බෙහෙත්"
ටේහි ඇස් දෙක පොඩි කරලා ඇහුවා .
"බඩ රිදෙනවට ගත්ත ඒවා"
ජන්කූක් කිසි වෙනසක් නැතුව කියලා දැම්මා . ටේහි දන්නේ නෑ නේ ජන්කූක් තරම් හැගීම් හන්ගන්න පුලුවන් කෙනෙක් හොයා ගන්නත් අමාරුයි කියලා .
ජන්කූක්ගේ මූනේ කිසි බොරුවක් හොයා ගන්න බැරි පාර ටේහි තමන්ගේ කාමරේට ගියා . එයාගේ ඔලුවේ තිබ්බේ කූක් එයාගේ ජොබ් වලට ගියාම කාමරේ චෙක් කරන්න .
ඕකනේ ඉතින් කියන්නේ අපි දකින හැම දේම ඇත්ත නෙවෙයි කියලා . එහෙම බැලුවොත් අපිට අපේම ඇස් වත් විශ්වාස කරන්න බැරිකොට තව කෙනෙක් කියන කතාවක් විශ්වාස කරන්නේ කොහොමද නේද .
ටිකක් උදේ උනාගෙන් පස්සේ ජන්කූක් තමන්ගේ ජොබ් වලට යන්න ගියා .ටේහි ගැන පොඩි සැකයක් ඇති උන නිසා බෙහෙත් ටික නම් හන්ගලයි ගියේ . ඒත් කූක් වැරදී . කෙනෙක් ගැන ඔය තරම් සරලව හිතන්න එපා කූක් . සමහර වෙලාවල් වල එයාලා පේනවට වඩා හොදයි ඒත් සමහර වෙලාවට එයාලා පේනවට වඩා නරකයි .
වටපිට බල බලා හිමින් හිමින් ජන්කූක්ගේ කාමරේට ගිය ටේහි කාමරේ පුරාම එයාගේ ඇස් යැව්වා .
"මොනා නැතත් පිලිවෙලකට ඉන්නවා "
කාමරේ පුරා කබඩ් පුරා එයාගේ ඇගිලි යැව්ව ටේහිගේ අතට හම්බ උනේ පින්තූරයක් . හරිම ලස්සන කොල්ලෙක්ගේ පින්තූරයක් . ඒ වගේ මිනිස්සු ඇත්තටම මේ ලෝකේ ඉන්නවද කියලත් ටේහිට සැක හිතෙන්න ඇති .
(Jjk kiyl tibb kiyl hitgnn)
පින්තූරේ පැත්තක JJK කියලා අත්සනකුත් තිබුනා . හේතුවක් නැතුව ටේහිගේ ඇස් වලින් කදුලු ගලන්න ගත්තා . ඇයි ඒ . මොකද සමහර බැදීම් අපිට දැනෙන්නේ හදවතින්මයි
"ඔප්පා මොනා හරි හන්ගනවා "
ටේහිට මෙහෙම හිතුනේ කබඩ් එක ලොක් කරලා තියෙද්දියී . ඒත් ඉතින් කබඩ් ලොක් කරන්න හේතුවක් ඕනෙමද . නෑ නේද . තමන්ගේ වෙලාවත් හරි නිසා ටේහි එයාගේ පොත් පත් ටික බෑග් එකකට දාගෙන දිව්වා .
_සමහරක් විට කායි මට උදව් වෙයි_ (කායි = bf)
ටේහි එහෙම හිතන ගමන් කායිවත් හම්බ වෙන්න ගියා .
අනේ ටේහි ටේහ්යුන්ග් හිටිය නම් කියලා දෙයි කෙනෙක්ට ඔයාව විශේශ නැත්තම් එතනින් අයින් වෙන්න කියලා . Bf කෙනෙක් බදින්නත් කලින් කම්මුලට ගහනව නම් අනාගතේ මොනා කරයිද ටේහි . එදාට ඔයා වෙනුවෙන් කෙනෙක් ඉදීවිද ? එදාටත් ඔයා වෙනුවෙන් ජන්කූක් ඉදීවිද ?
YOU ARE READING
Her hero | JJK centric
Fanfictionඅනේ ලමයෝ ඔයා කවදාවත් උත්සහ කරලා තියෙනවද කැඩෙන්න තියෙන පොරොන්දු රකින්න? එතකොට එක පාරක් හරි අතහරින එක නවත්තන්න ? ඉතින්...හිමි නැති සඳකට ආල බැඳි ඇයගේ වීරයා ඔහු පෙන්නලා දුන්නා බලාපොරොත්තු දහසක් හැන්ගුන "පොරොන්දු" තියෙන්නේ රැකෙන්න මිසක් කැඩෙන්න නෙවේ...