21

109 23 1
                                    

"මට මහා මූසල හැගීමක් දැනෙනවා හ්‍යුන්ගි"

ටේගේ ග්‍රේව් එක ගාවට අපු ජන්කූක් කියන්න ගත්තා .

තමන්ගේ කකුල් දෙක බදාගෙන හිටපු කූක්ගේ හිත අදුරු පරිසරයත් එක්කම කලුවර වෙන්න අරන්

"දන්නවද හ්‍යුන්ග් කායි කියන්නේ හොද කෙනෙක් නෙවේ . එයාව වෙන කෙල්ලෙක් එක්ක මන් වැඩ කරන බා එකේදි දැක්කා . "

"හාහ් මට ඔයාගේ රෝස මල බලාගන්න බැරි වෙයිද හ්‍යුන්ග් . මට හරි බයයි . "

"ජිමිනි හ්‍යුන්ග් ගැන ආරන්චියක්වත් නැති වෙද්දි මන් කොහොමද හ්‍යුන්ග් හිත හදාගන්නේ . මටත් වැඩි කාලයක් නෑ "

ටේගෙන් කිසිම උත්තරයක් නැති බව දැන දැනත් ජන්කූක් කියවන්න ගත්තා . ඇයි ඒ . මොකද එයාගේ comfortable zone එක ටේ නිසා

අනේ ජන්කූක් දැනන් හිටියා නම් ඒ වෙලේ ටේගේ ග්‍ර්‍රෙව් එක පිටිපස්සේ හිටපු තව කෙනෙක් එයාගේ කතාව අහගෙන හිටියයි කියලා

''හ්‍යුන්ගී , මන් අනාතයෙක් වෙලත් ලමා නිවාසෙදි සතුට තිබ්බා . අනිත් අය වෙනුවෙන් හැම දේම කරා හ්‍යුන්ගී. එයාලට මාව ඕනේම වෙලාවට මන් එයාලා ලග හිටියා . ඒත් අන්තිමේදි මොකද වෙලා තියෙන්නේ. මටමයි රිදිලා තියෙන්නේ .

කෝ මට

ආදරයක් හ්‍යුන්ගී කවුද ඒක මැකුවේ

කෝ මට ජීවිතයක් ? කවුද ඒක හැන්ගුවේ

කෝ මට යාලුවෙක් ? කවුද ඒක නැති කරේ

ඉතින් හ්‍යුන්ගී කොතනද මට වැරදුනේ? "

අදුරු වෙමින් තිබ්බ අහස දිහා බලාගෙන ජන්කූක් කිව්වා . . තමන්ගේ හූඩි එක ගලවලා මේ වෙනකොටත් එයා ගාවටම තුරුල් වෙලා ගැහි ගැහී හිපු පුන්චි බලු පැටියව ඒකෙන් ඔතපු ජන්කූක් පොඩි වෙලාවක් ඒ අහින්සකයා දිහා බලන් හිටියා .

"අපි හැමෝටම කොහෙ හරි වැරදිලා නේද . ඒත් මන් මගේ තීරන ගැන පසු තැවෙන්නේ නෑ හ්‍යුන්ගී. ඒ තීරන හැම එකක්ම ඒ මානසික මට්ටම යටතේ ගත්ත හොදම ඒවා"

තමන්ටම කියාගත්ත ජන්කූක් එතනින් ගියේ සීතලේ ගැහි ගැහී .

"මිනිස්සුන්ට ඕනවට වඩා කරන්න යන්න එපා කුකී . එතනයි ඔයාට වැරදුනේ ".

ටේගේ ග්‍රේව් එකම පිටිපස්සේ හිටපු කෙනෙක්

තමන්ගේ කදුලු අතරින් දුරට ඇදීගෙන යන ජන්කූක්ගේ චායාව දිහා බලාගෙන එහෙම කිව්වා

.

.

.

.

.

.

.

තමන්ගේ මහන්සිය නිසාම පුන්චි පුන්චි අඩි තියමින් ගෙදර පැත්තට ආපු ජන්කූක්ට ගේ ඇතුලේ තව අය ඉන්නවා වගේ පෙනුනා . එතනින් කෙනෙක්ගේ ඉකි බිදීම් සද්ද ඇහෙද්දි ජන්කූක්ගේ හිත වගේම ඇගත් රත් වෙලා ගියා .

හිමින් හිමින් ගෙදර ඇතුලට ආපු ජන්කූක්ට කායි , ටේහි වගේම නොදන්නා පිරිමි චරිතයකුත් මුන ගැහුනා .

"තමුසේ කොහොම්ද මගේ පුතාගේ තැන ගත්තේ බ*#- ලෝ ?

Her hero | JJK centricWhere stories live. Discover now