"ඔයා ජන්කූක් නේද "
ජන්කූක්ගේ උරහිසින් අල්ලපු කෙනා කිව්වා
එකපාරම කලබල උන ජන්කූක් තමන්ගේ පිටි අල්ලෙන් ඇස් තදින් පිහිදගත්තා .
"දේ මම තමයි... " ජන්කූක් කියන්න ගිය එක නැවතුවේ එයාට යමක් නෝට් උන නිසා
"ඔයා...."
"දේ මම ඔයා හොයන ජිමින් තමයි"
ජන්කූක්ගේ එහා පැත්තේ ඉදගන්න ගමන් ජිමින් කිව්වේ එයාගේ දිහාවට පුදුමෙන් යොමු වෙලා තියෙන බැම්බි ඇස් මග හරිමින්
"ඒත් කොහොමද..."
"මන් මේ දේවල් ගැන දන්නෙද . මම ගොඩක් දේවල් දන්නවා කූක්"
"ඒත් මට එක දෙයක් තේරෙන්නේ නෑ කූක් . ඇයි ඔයාට මේ තරම් රිද්දවන කෙනෙක් වෙනුවෙන් තවමත් ඔයා ඉන්නේ . පොරොන්දුවක් නිසා උනත් ජන්කූක් පොරොන්දු තියෙන්නේ කැඩෙන්න"
ජිමින් කනස්සල්ලෙන් ජන්කූක් දිහා බලලා ඇහුවා .
ඒත් තමන්ගේ ඇස් අහස දිහාවට යොමු කරගත්ත ජන්කූක් හරි ලස්සන උත්තරයක් දුන්නා
"මම මට වටින මහ ගොඩක් දේවල් එක පාරම අතාඇරලා දැම්මා හ්යුන්ග් ...
ඒත් මට බලන්න ඕනෙ මන් එක පාරක් හරි අතහරින එක නැවැත්තුවොත් මොකද වෙන්නේ කියලා හ්යුන්ග්. ඒ වගේම කැඩෙන්න තියෙන පොරොන්දු රැක්කොත් මොකද වෙන්නේ බලන්නත් ආසයි "
" . යමු කූක්"
ජන්කූක්ට උත්තරයක් නොදී ජිමින් වෙනම මාතෘකාවක් ඇදලා ගත්තා .
ජිමින් යමු කියනවා එක්කම ජන්කූක්ගේ ඇස් ලොකු උනා . ඇයි යකෝ තේරෙන ලබ්බක් කියන්න එපැයි
"ඔයා අපේ ගෙදර යන්"
තවත් ජන්කූක්ට කතා කරන්න ඉඩ නොදී ජිමින් එයාව ඇදගෙන ගියා ..
සමහර වෙලාවට අහම්බෙන් හම්බ වෙන අය අපිව හොදට තේරුම් ගන්නවා නේද...
ලගම ඉන්න අයට වඩා
YOU ARE READING
Her hero | JJK centric
Fanfictionඅනේ ලමයෝ ඔයා කවදාවත් උත්සහ කරලා තියෙනවද කැඩෙන්න තියෙන පොරොන්දු රකින්න? එතකොට එක පාරක් හරි අතහරින එක නවත්තන්න ? ඉතින්...හිමි නැති සඳකට ආල බැඳි ඇයගේ වීරයා ඔහු පෙන්නලා දුන්නා බලාපොරොත්තු දහසක් හැන්ගුන "පොරොන්දු" තියෙන්නේ රැකෙන්න මිසක් කැඩෙන්න නෙවේ...