30

153 22 9
                                    

ටේහි හිමින් හිමින් ජන්කූක්ගේ කාමරේට යන්න ගියා .

අනේ ටේහි ඉක්මන් කරොත් හොදයි . මොකද ඔයා පරක්කු වෙන තප්පරයක් ගානේ තවත් තප්පරයක් වැඩියෙන් ඔයාට පසුතැවිලි වෙන්න වෙයි.

ටේහිට දෙයක් තේරුනා . එයාගේ කාමරේ වගේ නෙවේ ජන්කූක් හිටපු එක . ඒකේ කිසිම දෙයක් නෑ . හොදයි කියන්න කිසි දෙයක් නෑ . එහෙම තියෙයිද ජන්කූක් තමන් ගැන හිතනවාට වඩා ටේහි ගැන හිතද්දි.

ජන්කූක්ගේ බඩු අතපත ගාගෙන යද්දි ටේහිට අර චිත්‍රෙ හම්බ උනා . චිත්‍රෙ හැන සියුම් තැනක්ම අද්‍යනය කරපු ටේහි තමන්ගේ ඇගිලි තුඩු ඒ ජීවමාන චිත්‍රෙ උඩින් අරන් ගියා .

එක දෙක කදුලු කැට කඩන් වැටෙද්දි ඒ චිත්‍රේ පැත්තක තියපු ටේහි ජන්කූක් සහ එයාගේ ඔප්පා කියලා කියන්න පුලුවන් කෙනෙකුයි හිටපු චිත්‍රය හම්බ උනා. මතකද ඒක ඇන්දෙත් ජන්කූක්මයි .

ඔන්න එහෙම බැලුවොත් ජන්කූක් තවත් එක පොරොන්දුවක් ඉටු කරා . කවද හරි ටේහිට එයාගේ ඔප්පව පෙන්නනවා කියපු එක .

එහෙම්මම ජන්කූක්ගේ ඇදේ ඉදගත්ත ටේහි ආයේ නැගිට්ටුනේ ජන්කූක්ගේ ෆෝන් එක නිසයි . ෆෝන් එක ඕෆ් වෙලාම ගිහින් . ඒකත් චාජ් එකට දාපු ටේහි තව දුරටත් කූක්ගේ කාමරේ සැරිසැරුවා . ඔය අතරෙදී එයාට කූක්ගේ රිපෝට් හම්බ උනේ .

"දෙයියනේ එ එයාට කැ කැන්සර් එකක්ද "

ටේහිට ඒක ලොකු ශොක් එකක් උනා . එයාගේ හිතේ කූක් ගැන තරහ තිබ්බට ඒක ඉක්මනට උනු වෙන හිතක් නේ . එහෙම බැලුවම ටේහි හරි මෝඩ චරිතයක් නේද

ජන්කූක්ගේ රිපෝට් එක දිහා බලාගෙන ටේහි පැය බාගයක් විතර අඩන්න ඇති . ඒත් හෝන් සද්දෙ එක්කම එයා ගැස්සුනා .

තමන්ගේ කදුලු පිහිදගත්ත ටේහි ජන්කූක්ගේ ෆෝන් එකත් චාජර් එකෙන් ගලවගෙන පහලට ගියේ කායි එක්ක එයාගේ ගෙදර යන්නයි .

ඔක්කොම බඩු ඩිකියට දාලා ටේහි කායි එක්ක ඉදගත්තට් එයාගේ හිත අර ෆෝන් එකට . ඒකේ එක සෝශල් මීඩියා එකක්වත් නෑ . කන්ටෑක්ට් එක්කක්වත් නෑ .(මතකනේ ටේගේ ෆෝන් එකේ ජිමින්ගේ නම්බර් එක නෑ)

Her hero | JJK centricWhere stories live. Discover now