ONELYA P.O.V
කවදාවත්ම ආලෝකයක් නොදකින කෙනෙක් ජීවිතේ පළවෙනි පාරට ආලෝකයක් දකිද්දි මොන වගේද? අඳුරටම හුරු වුන ඒ පිය වුන ඇස් වලින් ජීවිතේ එකම එක වතාවකට හරි ඇස් දෙකක් ලැබෙද්දී දැනෙන දේ මොන වගේ වෙන්න ඇතිද? එයාට මොන වගේ දැනෙනවා ඇතිද? එයා ඒ ඇස් වලින් දකින පලවෙනි දේ වෙන්න ප්‍රාර්ථනා කරන්නෙ මොන වගේ දෙයක් වෙන්න ඇතිද?
විශ්වාස කරනවද ඒ මං නම් ඒ ඇස් වලින් කරන පලවෙනි දේ අඬන එක කියලා? සතුටු කඳුලු.. ඔව් ඒ කඳුලු උනන්නෙ සතුටට. කවදාවත්ම නොදැක්ක ලෝකයක්.. කවදාවත්ම නොවින්ද හැඟීමක්.... කවදාවත්ම නොලැබේවි කියලා හිතට කා වැදුන දෙයක් ලැබෙද්දී දැනෙන දේ වචන කරන්න අමාරුයි..
ඉතින් මමත් ඒක වින්ද කෙනෙක්... නැහැ මගෙ ඇස් හොඳට පෙනුනා. ඒත් මං ජීවත් වුනේ අන්ධකාරයෙන් වැහුන ලෝකයක. එකම එක කලාමැදිරි එළියකින් විතරක් ඝන අන්ධකාරය මැකුව මැරුණ ලෝකෙක.
ඒත් එකම එක දවසක....... ඒ අන්ධකාර ලෝකෙට ලොකු ආලෝකයක් හදිස්සියෙම වැටිලා...ලොකු ඉරක් පායලා. මුළු අන්ධකාරයම එක මොහොතින් පහවෙලා යන්න තරම් ආලෝකයක්...
ඒ රෑ ඒ වගේ....මං අග්‍රගෙ වුන ඒ රෑ....
ඒක ලොකු ඉරක් පායපු රැයක්...
ඉර පායන්නෙ උදේට කියන එක මට මතක කරවන තරමට ඒක එළිය වැටුන රැයක්. සැබෑ දවසකට ඉර නැති රැයක් තියෙනවා කියලා මට අමතක වුනා.
ඉර නැති රෑ හරි අඳුරුයි කියලා අමතක වුනා.. ඉරක් පායපු රෑ ලැබුන සතුටට, ආදරයට, හැඟීමට මං අමතක කලා හෙවනැල්ලත් අඳුරෙදි මාව දාලා යනවා කියලා.. ඉර ගැන කවර කතාද?අන්තිමට මට බයයි මං ඉර වෙනුවෙන් බලාගෙන ඉන්න සූරියකාන්ත මලක් වේවිද කියලා.. කවදාවත්ම නොලැබෙන ඉරකට පෙම් බඳින සූරියකාන්ත මලක් වෙන්න මං හරි බයයි..
එයා අසිහියෙන් හිටියත් ලැබුන පරිස්සමට, කිව්ව වචන වලට හරි ලෝබයි දෙවියනේ.රිද්දුව නොරිද්දුව තැන් වලට ලැබුන උණුසුම් හාදු මාව නිවනවා..ගිනිගන්න මාව නිවලා දානවා....
අම්මා තාත්තා... ඒ මිනිස්සුවත් නොකරපු විදිහට මාව වඩාගෙන අත දරුවෙක් වගේ මාව පරිස්සම් කරන විදිහට මට හරි ලෝබයි... ඉතින් මට අමතක වෙන එක වැරැද්දක්ද ඒක ඉර පායපු එක රැයක් විතරයි කියලා....... හෙට ඉඳන් ආයෙත් රෑට ඉර පායන්නෙ නෑ කියලා..?
ESTÁS LEYENDO
නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]
No Ficción❝ ﹏ මට මේක කියන්නකෝ අග්ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? ﹏ ❞ ❝ ﹏ මටත් කියනවා එහෙනම් රාක්ෂයා බෙල්ව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙල් රාක්ෂයා දිහා බලයිව...