"තෙවිදු මමත් එන්නද උබ එක්ක...."
"එපා බන් හෙට වැඩනෙ උබට...."
"ඔව්.... ඒත් උබටත් වැඩ නැද්ද....."
"හෙට නයිට් එකක් තියෙන්නෙ.... දැන් ගියොත් හෙට හවස් වෙද්දි එන්න පුලුවන්....."
"ම්ම්....... පරිස්සමෙන්....."ගෙදර ගිය ගමන් ත්‍රිකුණාමලයේ යන්න ලෑස්ති වුන මම.... google map එකෙන් කන්තලේ ටවුන් එකට පාර දාගෙන.... ඩ්‍රයිව් කරන්න ගත්තා.... වෙලාව හවස 6 යි.... මැප් එකේ හැටියට පැය තුනක් විතර යයි......
ඒ එක්කම හිතට කියා ගන්න බැරි සතුටක් දැනෙද්දී..... මම උපරිම සද්දෙත් වැඩි කරලා සින්දුවක් දැම්මා..... උමාරියාගේ සද කිදුරු බවේ සිට ඒමී සින්දුව....... මාව පිස්සු වට්ටපු සින්දුවක්..... ඒ කටහඩ ඇතුලේ තියෙන හැගීම්..... වේදනාව..... මගේ ජීවිතේට කිසිම සම්බන්ධයක් නැති සිද්දියක් කියන ගමන් හිටියත්..... ඒ වචන නිසා මගේ ඇස් වලට කදුලු පිරුනා.... මගේ ඇගේ හිරිගඩු පිපුනා.....
ඒ සින්දුව මහාචාර්ය ජයන්ත ධර්මදාස එයාගේ නැතිවුනු නෝන වෙනුවෙන් කරපු එකක් කියලා මතක් වෙද්දී..... මච්චර කාලෙකට මං මුලින්ම ආදරේ කරපු.... දැනටත් ආදරේ කරන.... මගේ පුංචි අතීතය මතක් වුනා.....එයා මොනවා කරනවද දන්නේ නෑ.....මං නිසා මගේ ප්‍රශ්නයක් නිසා එයා විදවන එක නවත්තන්න..... එයාගෙ අනාගතේ මගේ එක වගේ නොකරන්න..... ගන්න ඕන පලවෙනි පියවර දැනටමත් අරන් හිටිය මම...... එයාට කෝල් කලා....
"හෙලෝ......."
"................."ටික වෙලාවක් එයාගෙ කටහඩ අහන්න ඕනේ වුන මම සද්ද නැතුව එයාගෙ කටහඩ අහන් හිටියා.....
"හෙලෝ...."
"................"
"හෙලෝ ඩොක්ටර් තෙනූ....... ඔයා ලයින් එකේ ඉන්නවද......."
"ඩොක්ටර් නම් නෙවෙයි......"
"එහෙනම් කවුද ඔය......... මේ ඩොක්ටර්ගෙ ෆොන් නම්බර් එකනෙ....."
"ඔයාට ආදරේ කරන කෙනෙක් දැන් නම් කතා කරන්නේ....."
"ඩොක්ටර් ඔයා නේද මේ....."
"ඩොක්ටර් කියන්න එපා තරුක..... අපි හොස්පිටල් එකේදි නෙවෙයිනෙ මේ කතා කරන්නෙ...."
"ඕකේ.... තෙනු අයියේ කියන්නම්.... හරිනෙ...."
"ම්ම්......."
"ඇයි කතාකලේ........"
"නිකන් කතා කලේ..... ඔයා මොකද දැන් කරන්නේ....."
"දැන් මේ...... පොතක් කියවනවා........"
"මොකද්ද........"
"සෙංකොට්ටං....."
"ලස්සනද......"
"ඔයා කියවලා නැද්ද........"
"නෑනේ....."
"ජීවත් වෙලා වැඩක් නෑ........"
"ඉතින් කියවලා ඉවරද......."
"කලින් කියවලා තියෙනවා.... මේ දෙවනි පාර කියවන්නේ....."
"මොකක්ද වෙන්නේ..... මට කියන්නකෝ...."
"හැම පැත්තකින්ම තැලෙන පොඩි වෙන මිනිස්සු කට්ටියක් ඉන්නවා...... ඒ ගොඩේ ලස්සන රූපයක් ලැබිලා.... ඒක සාපයක් වුනු ගෑනු කෙනෙක් ඉන්නවා..... තව පුංචි කොල්ලෙකුත් ඉන්නවා..... ඒ දුක් ගොඩේ ඉපදිලා පිනකටදො ජීවිතේ ගොඩ එනවා.... අනේ ඒත් පවකටදෝ මන්දා එයාට එයාගේ පුංචි පවුල සර්තකත්වය කියන තැනට එද්දී මගෑරිලා ගිහින් තියෙනවා......."
"ඔහොම නොකියා කතාව කියන්නකෝ......."
"එහෙම වැඩක් නෑ..... ආපහු හම්බවෙද්දී..... මං ඩොක්ටර් පොත ගෙනත් දෙන්නම්....... කියවන්න...."
"ඩොක්ටර් ට ගෙනත් දුන්නට වැඩක් නෑ..... ඩොක්ටර් ට පොත් කියවන්න වෙලාවක් නෑ..... මට පොත ගෙනත් දෙන්න......"
"මට එන්න බෑනෙ....... එහෙනම් ඔයා එන්න........"
"ම්ම්......"
"ඔයා කොහේ හරි යන ගමන්ද......"
"ඔව්..... ත්‍රිකුණාමලයේ යනවා...."
"ඇයි ඒ...."
"ඇවිත් කියන්නම්කො....."
"එහෙනම් ෆෝන් එක තියලා ඩ්‍රයිව් කරන්න......"
"ම්ම්...... රෑ වෙලා ගන්නම් බුදු සරනයි....."
"බුදු සරනයි......."එහෙම කිව්ව එයා කෝල් එක කට් කලා..... සෙංකොට්ටක්...... ලොකු දෙයක් නොකිව්වත්...... මගේ හිත ඒකට ඇදිලා ගියා.... ජීවිතේ හැමවෙලේම කලේ සින්දු අහන එක වෙද්දී..... පොත් වල තිබ්බ ලෝකේ මට හැමදාම මගෑරුනා........
වෙලාව රෑ 8 යි....... දැන් ඉන්නේ හබරණ හරියේ..... මේ වෙලාවට අලි ඉන්න නිසා..... වැඩි පරිස්සමට දුර බස් එකක් පස්සෙන් කර් එක දාගෙන ගියා......
නොකඩවා එකදිගට ගියපු සින්දු අස්සේන් දිවුල්ගනගේ මහත්තයා...... අන්දර යායේ කියලා කියද්දී........ කන්තලේ ටවුන් එකට ඇවිත්... රේඩියෝ ඕෆ් කරලා..... බැහැලා ගිහින් කඩේකට එඩ්‍රස් එක පෙන්නුවා.....
"මාමේ.... මේ එඩ්‍රස් තියෙන ගෙවල් තියෙන්නෙ කොයි හරියෙද......"
"ඕක නම් මන් දන්න හැටියට බාතියගම එඩ්‍රස් එකක්..... සමගි පාර නම් පන්සල පාර වෙන්න ඕනේ......"
"ඒ හරියට යන්නෙ කොහොමද මාමේ.....අර ඔරලෝසු කනුව ගාවින් දකුනට දාලා..... කෙලෙන්ම යන්න දකුනු අත පැත්තෙන් කන්තලේ සෙන්ට්‍රල් ඉස්කෝලේ හම්බෙනකල්........ එතනින් දකුනට දාල යද්දි මුලින්ම වමට හම්බෙන පාරේ තමයි ඔය එඩ්‍රස් බොහෝ දුරට ඇත්තේ...."
"හරි මාමේ මාමට ගොඩක් පින්...."
"හරි මහත්තයො......"කඩේ මනුස්සයා එහෙම කියද්දී..... කඩෙන් අම්මට ගෙනියන්න බඩු ටිකකුත් ගත්තු මම එන්න ආවා......
_________________________
මම^_^
Nara...
YOU ARE READING
Letter of November [yizhan] sinhala
Fanfictionආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ කෙස්ගහක වෙනසක් ඔයා තෝරාගන්නේ මොන පැත්තද එක තීරණය කරන්න පුළුවන් ඔයාටම විතරයි