කාර්යාලයෙන් එළියට අඩිය තැබූ වයස අවුරුදු 28 ක් පමණ තරුණයෙක් වෙහෙසකරව හුස්මක් හෙළුවා.
එයාගෙ එක් අතක පුංචි බ්රීෆ් කේස් එකක් තිබුනා වගේම අනික් අතේ මැණික් කටුවෙ බැඳලා තිබුනු අත් ඔරලෝසුවෙන් එයා වෙලාව බැලුවා.
"ඔහ් තාම හයයි." එයා එයාටම මුමුණගෙන ජනාකීර්ණ වීදිය සිසාරා එතන ඉඳන්ම ඇස් යොමු කලා.
එයා එයාගෙ නහය ටිකක් උස්සලා හොඳින් වාතය ඉව කරා. එයාට දැනුනා වෘක, වැම්පයර්, මිනිස් සුවඳ එකට මුසු වුනු වාතයන් ගොඩක්. එයාව පහු කරමින් ඇදුනේ වෘකයින්ද, වැම්පයර්ලාද, මිනිස්සුන්ද කියලා වෙන් කර අඳුනගන්න බැරි තරමට මාවත ජනාකීර්ණ වෙලා තිබුනා.
ඒ මේ වෙලාවෙ හැටි.
හැම වර්ගයකම අය මේ වෙලාවට ගෙවල් වල ඉන්න ඕන ඒක එයාලගෙ රටේ නීතිය. මොකද කොරියාවෙ භයානකම වෙලාව රාත්රී කාලය.
ගෙදර යන්න ඕන කියලා දැන දැනත් මේ තරුණයා තාමත් එතනම හිටගෙන එයාගෙ ඇහැට පේන හැම දර්ශණයක් දිහාම ඔහේ බලන් හිටියා.
එයාට ඕනෙ එයාගෙ හදවත වේදනාවෙන් පුරවගන්න, ඒ අනිත් අය දිහා බලලා. එයාට නොමැති දේ අනිත් අයට තියෙන විදිහ බලමින් එයාගෙම හිත රිද්ද ගන්න එක දැන් එයා පුරුද්දක් කරගෙන. එයාට නැති අනිත් අයට තියෙන ඒ දේ තමයි..
මේට්.
උපතින්ම සාමාන්ය ඇල්ෆා වෘකයෙක් වුනු තරුණයා තාමත් එයාගෙ මේට්ව හොයාගෙන තිබුනෙ නෑ. එයා දන්නෙ නෑ කොහොමද එයාගෙ මේට්ව හොයාගන්නෙ කියලා. එයා කලේ එයාගෙ ජීවිතේ ඔහේ ගලාගෙන යාමට ඉඩ දෙමින් බලන් හිටපු එක. එහෙම බලන් ඉඳලා අවුරුදු 10 කුත් දැන් ගෙවිලා. ඒත් තාමත් එයාගෙ මේට් එයාට මුන ගැහිලා තිබුනෙ නෑ.
එකිනෙකාගෙ තුරුලෙ කිචි බිචි ගාමින් සතුටින් ඇදෙන වෘකයො, වැම්පයර්වරු දිහා එයා වේදනාවෙන් බලන් හිටියා.
මේ අතරේ තමයි..
"ටේවොන්!!"
එයාගෙ නම ඇහෙනවත් එක්කම එයා පියවි ලෝකෙට ඇවිත් පිටුපස හැරුනා.
එයා දිහාවට එන ගමන් හිටියේ එයා වැඩ කරන ඔෆිස් එකේ එයත් එක්ක වැඩ කරන එයාගෙ යාළුවො තුන් දෙනෙක්.
YOU ARE READING
Prohibition Of Empire 👑✨️ || (Complete)
Fantasyඅහිංසක ජීවිත දහස් ගනන් බිලි ගනිමින් කාලාන්තරයක් තිස්සේ පැවත එන වෘක වැම්පයර් වෛරයේ අවසානයේ මුදුන්මල්කඩ ඔහුය.. සහකරුවෙකු නොමැතිව දුක්විඳි අධිරාජ්යයයෙකුට තම අසීමිත ප්රේමය පුදකරේ ඔහුය.. අධිරාජ්යයේ ආදරණීයම මිනිසාගේ ආදරය ලබන්නට තරම් වාසනාවන්ත වූයේ ඔහ...