"පොඩි බේබි කොහොමද උයන්න ඉගෙන ගත්තෙ? බෝංචි ඔය තරමින් දිළිසෙන්න පෙනුමට උයන්න මටත් බෑනෙ.."
මං හැඳි ගාමින් හිටිය බෝංචි ඇතිලියට එබෙන ගමන් ඇසිලින් ඇන්ටි කියද්දි මං පොඩි හිනාවක් එක්ක ඒකෙ ලුණු බැලුවා.
"බෝංචි ඇදේට හීනියට කපලා තෙල් චුට්ටක් දාලා ඉව්වම අමු ගතියට නැවුම්ව තියෙනවා ඇන්ටි. බත් එකට තෙල් හිටියාම කන්න හිතෙනවා. මගෙ ආච්චිම්මා ඉස්සර ගෙවල් වල මළගෙවල් මගුල් ගෙවල් වල උයන්න ගියා. ආච්චම්මා කියනවා ඒ අත් ගුණේ මට තියෙනවා කියලා.."
මං කල්පනා කලේ ඒ දවස් ගැන. ආච්චම්මාට කවුරු හරි 'මේ දවසට කෑම ටිකක් හදාගන්න ඕනි නැන්දෙ' කියලා මතක් කරන්න එනවා. මමත් හරි ආසයි ඉතින් ඒ දවස් වලට. අනිවාර්යයෙන්ම ආච්චම්මට ලොකු කෑම එකක් හම්බෙනවා අපි දෙන්නටම ඇති වෙන්න. කේටරින් එහෙම එද්දි කෑම ඕඩර් අපිට ටික ටික අඩු වුනත් නැති වෙලාම ගියෙ නෑ. ආච්චම්මා මහණ වෙනකන්ම අපිට එහෙම ඉල්ලීම් ආවා.
"ඒක තමා එහෙනම් මේ පොඩි බේබිගෙ කෑම මෙච්චර රස.මංවත් දන්නෙ නෑ මේ බිත්තර හදපු හැටි.. හරි ලස්සනයි බත් එක. කෝ හිටින්න මං ඕක බාන්න දැන්. බේබි කෑම එක බෙදා ගන්නකෝ."
ඇසිලින් ඇන්ටි ලිප ඕෆ් කරන ගමන් මගෙන් හැන්ද ගත්තෙ එහෙම කියන ගමන්. මට අපේ ආච්චම්මා ගොඩක් මතක් වෙනවා. එයා නැත්තම් ඇත්තටම මං මේ දේවල් අහයිද? අම්මා තාත්තා නැති මට හැමදාමත් ඒ අඩුව යන්තමින් හරි නැති කරපු මගෙ එකම පවුල එයා. අම්මලගෙ 'වගකීම් යුතුකම් සල්ලි' වලට වඩා ආච්චම්මා ලොකු ලිපවල් අස්සෙ ගිනි කාලා හම්බකරපු සල්ලි වලට මං හරි ආදරෙයි. අපි ගොඩක් කෑවෙ බිව්වෙ ඒවෑන් කිව්වොත් වරදක් නෑ.
' කෑම එකක රසම විතරක් නෙවෙයි කොල්ලෝ. තව ගොඩක් වැදගත් දේවල් තියෙනවා. කන මනුස්සයගෙ හිත පිරෙන්න සතුට , ආදරය , ලස්සන එකතු කරපන් ඒකයි වැදගත්ම. '
ආච්චම්මගෙ වචන මගෙ කන් ඇතුලෙ දෝංකාර දෙනවා. වීදුරු පිඟානකට සුදු බත් බෙදාගත්තෙ දෙන්නෙක්ට ඇති වෙන්න. පරිප්පු , අල බැදුම , බෝංචි තෙල් හිටින්න බෙදාගත්ත මං තම්බලා බැදලා ගත්ත බිත්තරෙත් තිබ්බා. තම්බපු බිත්තර තෙලෙන් බැද්දාම ලස්සනට සිවියක් හිටිනවා.සලාදෙන් තක්කාලි පෙත්තේ මැද අයින් කරලා පිපිඤ්ඤා රවුමක් තියලා ඒක මැද්දට පාට තුනකින් බෙල් පෙපර් රවුම් හිර කරලා හදාගත්ත ආට් එකකුත් එකතු කලේ මං හිතන්නෙ මගෙ ඔලුව වැදිලා වෙන්න ඕනි.
ESTÁS LEYENDO
නු ග්ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]
No Ficción❝ ﹏ මට මේක කියන්නකෝ අග්ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? ﹏ ❞ ❝ ﹏ මටත් කියනවා එහෙනම් රාක්ෂයා බෙල්ව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙල් රාක්ෂයා දිහා බලයිව...