Us, Again || 🥀✨️
Ti aspetto
" අවසානේ උබ ඒකත් කලා එහෙනම්. නේද අගා.? "
" ම්ම්"
" බොන්න මොනාහරි ගේන්න කියන්නද මං? "
" ටිකකින් එන්නම් kitchen එකට. "
" හරි මං ගියා එහෙනම්.
.......
ආ අමතක උනා. Opening එකට ආව අය එක්ක පොඩ්ඩක් කතා කරපං හරිද.? නැත්තම් හරි නැනෙ බං. මොනා උනත් අද ඒ මින්- "
" මං එන්නම්. "
" හරි හරි. "
අද මගේ ලොකුම හීනයක් නෑ හීනයක් නෙවෙයි ඒක මගෙ ලොකුම බලාපොරොත්තුව. අවසානේ මං කොහොමහරි ඒක කළා.
'Ti aspetto' මගේ Coffee Shop එක. පිටින් බලන ඕනෙම කෙනෙක්ට අනුව ඒක coffee shop එකක්. ඒත් මේ මගේ බලාපොරොත්තුව. මගෙ සතුට. පොඩි කාලේ ඉදන්ම මට ඕනේ උනේ මගේම shop එකක් දාන්න. අවුරුදු ගානක් ගිහින් හරි අවසානේ මම ඒ බලාපොරොත්තුව ඉශ්ට කරගත්තා. පොඩි කාලේ ආස කලේ පුංචි මේස දෙක තුනක් තියෙන පොඩි shop එකක් දාන්න උනත් අද මගේ තත්වය මගේ වත්කම් එක්ක මගේ හීනේ හිතුවටත් වඩා
සාර්ථක කරගන්න පුලුවන් උනේ luxury type cafe එකක් විදියට." Good morning sir "
" ම්ම් "
" සර් මොනාහ්- "
" මං හදාගන්නම් "
" හරි සර් "
ටික වෙලාවක් office room එකේ ඉදලා මම kitchen area එකට ආවේ එතන වැඩ වෙන විදිය ටිකක් බලන්න ඕනේ නිසා. මම මගෙ cafe එකට baristas ලා බඳවගත්තෙත් එයාලට වෙනම පුහුණුවක් දීලා. කෑම උයන්න මට ඒ තරම් බැරි උනත් ඕනෙම coffee වර්ගයක් හදන්න, අලුත් coffee වර්ග try කරන්න මට පුලුවන්. පුලුවන් කියනවටත් වඩා ඒක මගෙ ලොකුම විනෝන්දාංශය උනා. මගේ ජීවිතය කොයි තරම් කාර්යබහුල උනත් මම කවදාවත්ම මගෙ විනෝදාංශය මගෑරෙන්න දුන්නේ නැහැ. මං හිතනව මේ ඒකේ ප්රථිඵලයක් කියලා.
Kitchen එකට ආව ගමන් cafe එකේ main barista උන අනුශ්කව ආයෙ අනික් වැඩවලට යවලා මම මේ ලෝකෙ කොයි තරම් coffee තිබුණත් හැමදාම බොන්න ආස coffee එක හදන්න ගත්තා.
මුලින්ම ඇඳන් හිටිය කළු shirt එකේ අත් දෙක වැලමිට ගාවට වෙනකල් නවාගෙන ඒප්රන් එක ඇඳගත්ත මම මට ඕනේ බඩු ටික ලඟට ගත්තා.
YOU ARE READING
Us, Again || 🥀✨️
Fanfiction𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 ✔ ස්තූතියි ! මට ඔයාගේ ජීවිතයට එන්න දුන්නට. පොරොන්දු තියෙන්නේ රකින්න උනත්, කඩවුණු පොරොන්දුවක් එක්ක මගෙ අත අල්ලන් ඉස්සරහට ඇවිදන් ගියාට. __ ලෙයාන් අගන එදිරිසිංහ 🌼 "ඇයි මගෙ හිස් ජීවිතේ පාට කරන්නේ?" මං එයාගේ...