Chapter 01

1.4K 102 15
                                    

හුංගි කොහේද ඉන්නේ අනේ දැන් මම කියේ ඉදන් බලන් ඉන්නේ  

අනේ කූ බබා ඔයා දන්නවනේ සෝල් වල ට්‍රැෆික් එක  විනාඩි පහෙන් මම ගෙදර මැණික.

හරි හුංගි පරිස්සමින් එන්න 😘

හරි මැණික

     ෆෝන් එන පැසෙන්ජර් ෂීට් එකෙන් තිබ්බ අවුරුදු 26ක විතර තරුණයා එක අතකින් කොන්ඩේ හදන ගමන් ඉක්මනින් ඩ්‍රයිව් කරේ එයා එනකම් බලන් ඉන්න එයාගේ කූ මැණිකව ඉක්මනින් බලන්න ඕන නිසා .

සෝෆා එකට වෙලා පොතක් කියව කියව හිටපු තරුණයාගේ අවදානය බිදුනේ මිදුලේ වාහනයක් නවත්තන සද්දෙන් . තමන් කියව කියව හිටපු පොත  වහලා පැත්තකින් තියලා ඉක්මනට නැගිටිලා ගියේ දොර අරින්න

සොරි කූ ලේට් වුනාට හුංගි ඉක්මනට වොෂ් එකක් දාන් එන්නම්

         දොර ඇරපු ගමන්ම තමන්ට ලැබුණු ඒ ආදරණීය හාදුව විදගන්න ඇස් දෙක පිය වුනත් කටර් එක වගේ එක දිගට කියවගේන කියවගේන යන තමන්ගේ ආදර වන්තයා දිහා බලන් හිටියේ ඒ බෝල ඇස් තවත් බෝල කරන් . තමන් උත්තරයක් දෙන්නත් කලින්ම පස්ස කැඩිච්ච කඩියෙක් වගේ දුවන දිහා බලන් හිටියේ කලකිරීමෙන්.

හුංගි හිමින් යන්න අනේ දුවන්න එපා වැටෙයි !!!!! පස්සේ මගේ ලගට එන්න එපා අනේ කූ මම වැටුනා ගාගෙන මට තියෙන වැඩත් එක්ක ඔයාව නලවන්න බෑ !!!!!

මම දන්නවා කූ ඔයා ඔහොම කිව්වට මාව නලවන්න හරි ආසයි කියලා ඒකත් ඇදේදී 😉

වල් කතා කියවන්න එපා හුංගි!!!!!!!!!!!!!!!!!!

     මුලු ගෙදරම දෙවනත් වෙන්න කෑගැහුවත් එයාගේ හුංගිට ඒ කිසිම දෙයක් ඇහුනේ නෑ වගේ යන්න ගියා. කෑ ගහලා හැදෙන මනුස්සයෙක් නෙමෙයි තමන්ගේ මිනිහා කියලා දන්න නිසාම ආයේ කිසිම දෙයක් කියන්නේ නැතුව ගිහින් වාඩි වෙලා පොත කියවන්න ගත්තේ ඉක්මනට එනවා කියලා බාත්රෑම් එකට රිංග ගත්තට එන්න පැය භාගයක් වත් යයි කියලා දන්න නිසා.

HYUNG Where stories live. Discover now