'ආශ් ඔක්කොම රෙඩි නේද.?'
'ඔව් අගා. තව පැයකින් පටන් ගන්නවා අපි. ආ මේ ෆයිල් එක චෙක් කරලා බලන්න. මාත් චෙක් කලා. ඒත් ඔයත් බලන එක හොඳයි.'
'ම්ම්'
'කෝ දෙන්නම එන්න කන්න.'
'අනෙ කෙයාන් මට නම් දැන් කන්න බැ බං. උබල දෙන්නා කාපංකො'
'අගා මේ කන පලාගන්නැතුව කන්න එනව. දැන් ඔය වැඩේට ගියාම අපිට ඔතනින් කීයට එළියට එන්න වෙයිද දන්නැ. අනික බ්‍රේක් ලැබුනත් උබ කන්නැ කියල දන්නවනෙ. වාඩි වෙයං. කාපං මේක'
ඇත්ත. අද audition එකේ වැඩ එක්ක කොයි වෙලේ කන්න වෙයිද කියලා කියන්න බෑ. කෙයාන්ගෙන් කුනු බැනුම් අහගෙන ඌටම කියලා අඟහරු වල විතරක් තාම දාන්න බැරි උන මාතර බත් කඩෙන් ඌ අරන් ආව කෑම එක කවෝගත්තේ මං ආශ් දුන්න ෆයිල් එක චෙක් කරග අතරෙ.
'ආ අඥ අබුත් ඩිබෙක්ටර් කෙබෙක් එබව'
'මොකක්.?'
මායි කෙයානුයි දෙන්නම එකපාර ඇහුවේ ආශ් බත් කට කටේ පුරවගෙන කියපු දේ නොතේරුන නිසා. වෙලාවකට මූත් හෙන තොත්තයි.
'ම්හ්. ච්. අද අලුත් ඩිරෙක්ටර් කෙනෙකුත් එනවා ඔඩිශන් එකට.'
'අලුත් කියන්නේ.? මං දන්නැනෙ එහෙම කෙනෙක් ගැන'
'ඇයි බං මතක නැද්ද ගිය සතියේ උබ නුවර ගිය දවසෙ අපේ තිබ්බ director meeting එකේදි අලුත් ඩිරෙක්ටර් කෙනෙක් ආවේ. මං උබට ඔක්කොම ඩීටේල් දැම්මනෙ. යකො බැලුවෙ නැද්ද.?'
'නැද්ද නෙවෙ නැ තමා. ඒක බැලුව නම් අඟහරු වලින් ආවෙකා වගෙ මගෙන් අහන්නැනේ ඒ මොකාද කියලා'
'මට බලන්න බැරි උනා බං. අනික උබල කරන වැඩ මං රීචෙක් කරන්නැනෙ බං. මේ ටිකේ මං කැෆේ එකත් එක්ක බිසී උන නිසා ඒක මිස් උනා. අවුලක් නැ අද පොරව මීට් වෙන්න පුලුවන්නෙ.'
'ඕ ඕ. මෙ කාලා ඉවර නම් යමල්ලා. දැන් කොහොමත් ජජ් බෝඩ් එකත් පිලි අරගෙන වැඩෙ හරියටම පටන් ගන්නකොට වෙලාව හරි.'
'ආ ආශ් මීඩියා වැඩේ හරිනේ'
'ඔව් ඒකේ ඔක්කොම මිස්ටර් පතිරණ බලනව. එයාගේ පළවෙනි ප්‍රොජෙක්ට් එක. ඕක පොඩ්ඩක් හරි ඌ ගැස්සුවොත් අගා මං නම් ඌව අතාරින්නැ හොඳේ. කෙලින්ම පුකට පයින් එකක් දීලම තමා එළියට දාන්නෙ මං ඈ. ඕන් කලින්ම නොකීවය කියන්නෙපා'
YOU ARE READING
Us, Again || 🥀✨️
Fiksi Penggemar𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 ✔ ස්තූතියි ! මට ඔයාගේ ජීවිතයට එන්න දුන්නට. පොරොන්දු තියෙන්නේ රකින්න උනත්, කඩවුණු පොරොන්දුවක් එක්ක මගෙ අත අල්ලන් ඉස්සරහට ඇවිදන් ගියාට. __ ලෙයාන් අගන එදිරිසිංහ 🌼 "ඇයි මගෙ හිස් ජීවිතේ පාට කරන්නේ?" මං එයාගේ...