මේ සතියම ඇඟට වගේම මනසටත් ගොඩක් මහන්සි නිසා ටිකක් පරක්කු වෙනකල් නිදාගත්තේ අද සෙනසුරාදා නිසා. කොහොමහරි අටටත් වෙලාව බැලුවා මතකයි. හැබැයි මට ආය නින්ද ගියාද කොහෙද. ආයෙ අවදි උනේ ආශ් කෑගගහා දොරට තඩිබාන සද්දෙ නිසා.
'මේ ලබ්බ ඇරපංකො යකෝ. අඩො අගෝ නැගිටපාංං'
උට තව ටිකක් කෑගහන්න දීලා මං ඇඳට වෙලා හිටියා.
'උබ මේ ලබ්බ අරිනවද නැත්තම් මං මේ ලබ්බ කඩන්නද? අගෝ. පගෝ'
අපො අන්න උදේ පාන්දර මිහිරි වචන දෙසන්න ගත්තා. දැන් දොර ඇරියෙ නැතොත් මූ අනිවා ලොක් එක කඩනවාමයි. මං ගිහින් දොර ඇරියම මාවත් තල්ලු කරන් නිකන් උගෙ ගෙදර වගෙ ඇතුළට ඇවිල්ලා කෙලින්ම ගියේ කුස්සියට.
'මොකද උදේ පාන්දර බෙරිහන් දෙන්නේ? නිදාගන්නවත් නැ මගුල'
'පාන්දර? හහ් හරි පාන්දර. යකො වෙලාව දහයටත් ළඟයි.'
'ඉතිම් අද නිවාඩුනෙ. මොකො ආවෙ?'
'යකො මේ ෆ්‍රිජ් එකේ බියර්, වතුර ඇරුනම බිස්කට් එකක්වත් නැනෙ බං. අඩුම කබඩ් එකක නූඩ්ලස් එකක්වත් නැනෙ බාං. උබ නම් හදන්න බැ අගා.'
මට බැන බැන අර යස්සයා කුස්සිය පුරා ඇවිදිනවා. ඇත්ත මගෙ කුස්සියේ පිඟානක්වත් නෑ. අඩුම කෝප්පයක්වත්. ෆ්‍රිජ් එකේ බියර්, වතුර විතරයි තියෙන්නේ. කන්නෙ බොන්නේ අරුන් දෙන්නගෙ ගෙවල්වල නිසා ඒවා මට ඕනෙ කියලා හිතුන්නෑ.
'දැන් උබ මෙ ආවේ මගෙ කුස්සිය චෙක් කරන්නද? දැන දැනම අහවල් එකකටද ඕක අවුස්සන්නේ?'
'නැ නිකන් ඉතිම් බැලුවෙ. මේ හෙට අනිද්දත් නිවාඩු එකේ යමංකො කොහේහරි.'
'බැ බං කැෆේ එකට යන්නෝනේ. කෝ කෙයාන්?'
'නවයට වගෙ අර කොහෙද ගියේ ඌ. උබට කැෆේ එකට යන්නම ඕනෙද?'
'කෙකර බාන්නෙ නැතුව මොකක්ද සීන් එක කියපංකො. ඊට පස්සෙ යනවද නැද්ද බලන්නම්.'
'නැ අප්පච්චි කෝල් කරලා කිව්වා නිවාඩු නිසා තුන්දෙනාටම ඇවිත් යන්න කියලා.'
'අප්පච්චි කෝල් කලාද?'
'ම්ම්'
'කෙයාන් මොකෝ කිව්වෙ?'
YOU ARE READING
Us, Again || 🥀✨️
Fanfic𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 ✔ ස්තූතියි ! මට ඔයාගේ ජීවිතයට එන්න දුන්නට. පොරොන්දු තියෙන්නේ රකින්න උනත්, කඩවුණු පොරොන්දුවක් එක්ක මගෙ අත අල්ලන් ඉස්සරහට ඇවිදන් ගියාට. __ ලෙයාන් අගන එදිරිසිංහ 🌼 "ඇයි මගෙ හිස් ජීවිතේ පාට කරන්නේ?" මං එයාගේ...