'Cinnamon. Not bad'
'මොකක්ද කරන්නෙ? පිස්සුද?'
'ම්ම් දැන් නම් ඔව්'
නහයෙන් දුම එළියට දාන ගමං බණ්ඩාකාරයා කට කොනෙන් හිනා වෙලා කිව්වා. මුට පිස්සුම තමා. මොන මගුලක්ද අප්පා.
'ගෙදර යන්න උවමනාවක් නැද්ද?'
'ඒක තමුන්ට අදාල නැනෙ'
පුලුවන් තරම් ඔරවලා මං අහක බලාගෙනම කිව්වා. ඇයි දන්නැ අහන්නේ. යකො මේක මගෙ තැන. මට යන්න ඕනෙ වෙලාවට මං යන්නේ. මට ඕන්නම් මං මෙතන ඉන්නව.
'හැමවෙලේම තරහින් ඉන්නෙපා. මං කැමති නෑ'
.....
'ඔයාව මුලින්ම දැක්ක වෙලාවෙ නම් ඔය නපුරුකම් මං දැක්කෙ නෑ'
මේ මිනිහා මොනාද මේ කියවන්නේ.
'ඔය අහංකාරකමට තමයි වැඩියෙන්ම මගෙ හිත ගියේ'
'විකාර'
'වෙන්නැති.'
ආයේ දුම් වලාවක් තොල්වලින් එළියට දාන ගමන් එයා කිව්වා. එයා දිහා කෙලින් නොබැලුවත් මට එයාගෙ ඡායාව ඇස් කොනෙන් පේනවා. වැලමිට වීදුරු වැටට බරවෙලා හොයාගන්න බැරි අනන්තයක් දිහා බලාගෙන ඉන්නවා. ටික වෙලාවක් එහෙම ඉඳලා බර හුස්මක් හෙලලා ආයෙ මට කතා කලා.
'මං මේ විදියට කරන්න හේතුව මටම තේරෙන්නෙ නෑ. ගොඩක් වෙලා ඉන්නෙපා. මං යනවා. පරිස්සමෙන් ලෙයාන්'
සිගරට් බට් එක ඈශ් ට්‍රේ එකේ තියලා මගෙ ඔලුවත් ලාවට වගෙ අතගාලා එයා ගියා. මං හැරුනෙවත් නැ. එයාගෙ මේ හැසිරීම තේරෙන්නෑ. විකාරයක් වගෙ දැනෙනවා. මට ලං වෙන්න උත්සාහ කරනවද කියලා හිතාගන්නත් බැ. මොන දේ කලත් හරිම ප්‍රශ්නාර්ථයක් එයා. මට එයාගෙ හැසිරීම අදාලම නැ. ඊට වඩා මට වැඩ තියේ.
තව විනාඩි දහයක් වගෙ ඉන්නකොට ආශ්ගෙන් කෝල් එකක් ආව නිසා මං කැබින් එකට ඇවිත් උන් දෙන්නා එක්කම ආයෙ කැෆේ එකට ඇවිත් කෙලින්ම නතර උනේ මගෙ ඔෆිස් රූම් එකේ.
'මහන්සි බං අද නම්. ආශ් කෝල් එකක් දාලා අනුශ්කට කියනවකො කෝෆි තුනක් එවන්න කියලා'
'මේ කෙයාන් මගෙන් හුප්පදෙන් අහගන්නෙපා හොඳේ. යකො මං සෙකට්‍රිද මෙතනත් වැඩ කරන්න. ඒවා මෙතන තියාගන්න ලෑස්ති වෙන්නෙපා. ඕන්නම් උබ කියපං. නැත්තම් නිකන් හිටපං. මගුල'
YOU ARE READING
Us, Again || 🥀✨️
Fanfiction𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 ✔ ස්තූතියි ! මට ඔයාගේ ජීවිතයට එන්න දුන්නට. පොරොන්දු තියෙන්නේ රකින්න උනත්, කඩවුණු පොරොන්දුවක් එක්ක මගෙ අත අල්ලන් ඉස්සරහට ඇවිදන් ගියාට. __ ලෙයාන් අගන එදිරිසිංහ 🌼 "ඇයි මගෙ හිස් ජීවිතේ පාට කරන්නේ?" මං එයාගේ...