'අහ් මගෙ හස්බන්නේ.? එන්න එන්න ඇතුළට එන්න.'
බියර් කොච්චර බීලා හිටියත් මං පියව් සිහියෙන් හිටියා. දොර ගාව ඉන්න කෙනා දැක්කම මට හිනා ගියා. දැන් ඉතිම් මට කොහෙද නිදහසක්.
'මං ගොඩක් බය උනා අයියේ. ඔෆිස් එකටත් ගිහින් නෑ. කැෆේ එකෙත් නෑ. කෝල් කරලා කොහෙද අහන්න නම්බර් එකක් නෑ.'
දොර ඇරිය ගමන් මගේ මූණ අත් දෙකෙන්ම අල්ලගෙන එයා කියවගෙන ගියා. මං ඔහේ බලාගෙන හිටියා. මොනා කියන්නද මං.
'ඔහොම ඉන්නෙපා දෙයියනේ. දන්නවා මං දන්නවා ඔයාගෙ කිසිම කැමැත්තකින් නෙවෙයි මේ දේවල් උනේ කියලා. ඒත් කිසිම හැඟීමක් නැතුව ඔහොම මගෙ දිහා බලන්නෙප. මට දරාගන්න බෑ.'
එයා කියවනවා. මං අහන් ඉන්නවා. වෙන මොනා කරන්නද? මං දැන් හුස්ම වැටෙන නිසා ජීවත් වෙනව වගෙ.
'මට වෛර කරනවද අයියේ?'
'මේ මගෙ ලැබීම වෙන්නැති'
මං කාටවත්ම වෛර කරන්නෙ නෑ. මට එහෙම ඕනෙත් නෑ. මං දන්නවා වෛර කරන එකෙන් වෙන්නෙ අපෙ සංසාරෙ තව ඇදිලා යන එක විතරයි. මට තව සංසාරෙ දික් කරගන්න ඕනේ නෑ.
'මගේ ආදරේ පොඩ්ඩක්වත්ම දැනෙන්නැද්ද?'
......
'මං උබට ආදරෙයි අයියේ. ආදරෙයි. ආදරේ කියන්නේ මොකක්ද කියලා මං තේරුම් ගත්තේ මේ සති දෙකට. මං කොච්චර නපුරු උනත් උබ මගෙ පණ බං. මට තේරෙන්නෑ මං කොහොමද මේ පපුව ඇතුළෙ තියන දේවල් උබට කියන්නෙ කියලා'
'අනික් කෙනාගෙ හැගීම් ගැනවත් හිතන්නෙ නැතුව බලෙන් ලබාගන්න එකද ආදරේ කියන්නේ?'
අපි දෙන්නා තාමත් දොරකොඩ ළඟ. මං එයාට ගෙට එන්න කිව්වෙත් නැ. එයාට එන්න ඕනෙ උනෙත් නෑ. මං එහෙම්ම මගෙ මූණෙන් ඒ අත් දෙක අයින්ට කරලා උලුවස්ස දිගේ ලිස්සලා ඇවිත් බිත්තියට හේත්තු උනා.
'ආදර වචන කියන්න මං දන්නැ බං. හැබැයි මං දන්නවා දැනට මං ගැන ඔය හිතේ තියෙන්නේ එච්චර හොඳ රූපයක් නෙවෙයි කියලා. කමක් නැ උබට ඕනෙ තරම් කාලයක් ගන්න අයියේ. මට බලන් ඉන්න පුලුවන්. මොකද දැන් මොකා කොහොම කිව්වත් උබ මම කසාද බැඳපු මිනිස්සු. ඒ නිසා මට බයක් නෑ. උබ කොච්චර කල් ගත්තත් මං උබේ පිටිපස්සෙන් ඉන්නවා'
YOU ARE READING
Us, Again || 🥀✨️
Fanfic𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 ✔ ස්තූතියි ! මට ඔයාගේ ජීවිතයට එන්න දුන්නට. පොරොන්දු තියෙන්නේ රකින්න උනත්, කඩවුණු පොරොන්දුවක් එක්ක මගෙ අත අල්ලන් ඉස්සරහට ඇවිදන් ගියාට. __ ලෙයාන් අගන එදිරිසිංහ 🌼 "ඇයි මගෙ හිස් ජීවිතේ පාට කරන්නේ?" මං එයාගේ...