50.༊ කළාමැදිරි එළි﹏࿐ ࿔

2.6K 451 178
                                    

"අපේ මාත්තයෝ මෙන්න මං අර මාත්තයලා ඇන්න ආවා. මේ අපේ ඕලු මහත්තයානෙ. ගම මහගේ නොදන්න ගානට කතා කලාම මං හිතුවෙ ඒරොප්පෙන් බැහැපු උන්දැලා කියලා.."

ඒක වලව්වක් තරම් ලොකු නැතත් අපි එනකොට දැක්ක පොඩි පොඩි ගෙවල් වලට සාපේක්ෂව ලොකුයි. අර කොල්ලා ලී දෙකක් හරස් කරලා තිබුන එක අයින් කරලා මටයි වීනුටයි ඒ මිදුලට යන්න ඉඩ දුන්නා. හරි අමුතු මිනිස්සු. ඕනි එකෙක්ට ඕකෙන් පනින්න පුලුවන්නෙ. ඒකත් නොතිබ්බත් කමක් නෑ. වටේවර්. ඇතුළෙන් ආවේ අපේ සීයප්පච්චි තරම් වයස මනුස්සයෙක්. එයා දැක්කම මට හිතුනෙ ලංකාවේ ස්ටෝරි බුක් එකක් තියෙන්නෙ අර මුත්තෙක් ද මොකෙද්ද ගැන ඒ වගේ කියලා. ඒ බුක් වල පික් තිබුනෙ මේ වගේ මනුස්සයෙක්ගෙ. මම පපුව උඩ අත් බැඳගෙන ඒ මනුස්සයාව පරික්ෂා කරද්දි ඒ කෙනා අත් පිටිපස්සට බැඳගෙන මාව ඒ විදිහටම බලනවා.

"ඔනෙල්‍ය දරුවා ඒරොප්පෙන් නොවුනට මේ මහත්තයා නම් ඒ වගේ."

ආයෙත් එරෝප්පයක් ගැන කියනවා. අර කඩේ මිනිස්සුත් කිව්වා. මම වීනු දිහා බැලුවෙ ඒ මොකද්ද කියන්නෙ කියලා දැනගන්න.

"මේ මිනිස්සු ඒරොප්පය කියන්නෙ යුරෝපීය කන්ට්‍රිස් වලට. වැඩියෙන්ම ඔය කියන්නෙ ගමේ මනුස්සයෙක් නෙවෙයි කියලා ඔයා..."

වාව් මට කීප තැනකම මීටර් වුනා මේ මිනිස්සුන්ට නිකන් හිත් කියවන්න පුලුවන් වගේ පවර් එකක් තියෙනවා. නැත්තම් මේ වයසක මනුස්සයා කොහොමද දන්නෙ මම UK කියලා..

"ඔව්නෙ මාමේ. එයා රට ඉඳන් ලඟදි ආවේ..."

"හුම්.... ඒක තමා. අපෙ මැණිකෙ මෙහෙට ආවනම්. මේන් අර මහත්තුරු ඇවිත්."

ඒ මනුස්සයා පිටිපස්සට ලාවට හැරිලා කියද්දි ඉක්මනට කවුරු හරි අඩි තියලා එනවා ඇහුනා. නෑ කීප දෙනෙක් වගේ. ඔහ්.. එයා ගෑනු කෙනෙක්. එයාගෙ වයිෆ් වෙන්න ඇති. මල් මල් තියෙන වටේවර් එකක් ඇඳලා සාරීස් වලට එන හැට්ටයක් ඇඳලා හිටියා. හිනාවෙන් පිරුණ ඒ මූණ ඉක්මනට ගෙදර ඉස්සරහ පඩි දෙක තුන බැහැලා ඇවිත් 'අනේ මේ පුතානෙ..' කියලා වීනුගෙ කම්මුල් වලින් අල්ලගත්තා.

"කොහොමද නැන්දා? අද ගොඩක් රෑ වුනානෙ.."

"අනේ ඒකනෙ පුතු. සීවරන් දෙයියන්ගේ පිහිටෙන් උබ හොඳින් නේද පුතේ. ආ එතකොට මේ මහත්තයා කවුද? "

 නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]Tempat cerita menjadi hidup. Temukan sekarang