පෙරවදන

615 32 16
                                    


ඔබ කොතැනද මා මෙතනයි..
මා කොතැනද ඔබ එතනයි..
අහන්න මේ ඇහුනාද......
චන්ද්‍රයා වගේමයි ඔබ...

ඔබ කොතැනද මා මෙතනයි..
මා කොතැනද ඔබ එතනයි..
අහන්න මේ ඇහුනාද......
චන්ද්‍රයා වගේමයි ඔබ...

කින්නරියන් අතර මාත්තු ප්‍රේමයක
කාන්සියට ලොල් බදින...
සැමියෙක් උනේ කිමද...
මට විතරක් නමට..
තැන් තැන රහස් ඇයි මට...
ඔබේ චන්ද්‍ර මණ්ඩලේට වඩා කලුවර..
සැනසීමක්ය මට අද...


" කින්නරියන් අතර මාත්තු ප්‍රේමයක
කාන්සියට ලොල් බදින...
සැමියෙක් උනේ කිමද...
මට විතරක් නමට..
තැන් තැන රහස් ඇයි මට...
ඔබේ චන්ද්‍ර මණ්ඩලේට වඩා කලුවර..
සැනසීමක්ය මට අද... "

උරේෂා රවිහාරිගේ ගෑනු කට හඬ පරදලා රලු ගොරෝඩු පිරිමි හඩක් ඇහුනා. හැරෙන්න ඕනේකමක් නෑ. අවුරුදු ගානක් තිස්සේ මට පුරුදු ඒ රලු හඬ හිතට ගේනෙනෙ පුදුමාකාර සැනසීමක්.

සිංදුවේ කියවුනේ චපල සැමියෙක් ගැන..මට ඒක කොහොමත් අදාලම නැති දෙයක් උනත් මන් ඒ කතාවට පුදුම තරම් ආස කරා. මටත් වඩා එයා. කෑ ගහන බයිලා සිංදු වලට වඩා සන්සුන් සිංදුවේ ලස්සන රස තැන් මට කියලා දුන්නේ ඒ රලු හඬ. වලව්වේ හාමුවෙක් ගැනම තියෙන සිංදුවක් නිසාමදෝ අනිත් කෝකටත් වඩා මන් මේකට ආස උනා. ඊටත් වඩා මට හිතෙනවා මන් මේකට බයදෝ කියලා. මාත් චපල සැමියෙක් වෙයිදෝ කියන සැකයක්, බයක් හිත පුරාම උඩු දුවනවා. අවුරුදු 3ක් ගිහිල්ලාත් තාම අතීතේ මටයි එයාටයි වද දෙනවා

" නමට විතරක් සැමියා මමද ? "

" ඔබ කොතැනද මා මෙතනයි..
මා කොතැනද ඔබ එතනයි..
අහන්න මේ ඇහුනාද......
චන්ද්‍රයා වගේමයි ඔබ... "

ඉයර් බග් එකේ දකුණ ගලවන් කනේ ගහගෙන එයා මට උත්තර නොදීම සිංදුවේ ඉතුරු පද සම්පූර්ණ කරන්න ගත්තා. මන් ආසම සිංදුවක් ආසම මනුස්සයාගේ හඬින්... ඒ හැගීමට මන් ආදරෙයි

" මන් චන්ද්‍රයෙක් වෙන්න කැමති නෑ "

" එහෙනම් මගේ මහත්තයා කවුරු වෙන්නද කැමති "

සනුහරේට පුතු පැටියෙක් || BL || Ongoing Where stories live. Discover now