දහහත්වන කොටස 🥀

993 168 11
                                    

උදේ කැෆේ එකට නොයා කෙලින්ම කම්පැනි එකට ආවේ අද contract renewal meeting එක තියන නිසා. හිතුව තරම් ඒකට වෙලාව ගියේ නෑ. පැයකින් වගේ වැඩේ ඉවර උනා. පස්සේ ඒ artist , live එකකට ගිය නිසා මං කැබින් එකට ආවා. ලන්ච් එක වෙනකල් ආශ් එක්ක මීටින් එකක් තිබ්බා අලුත් project එකක් ගැන. ආශ් නොසෑහෙන්න මහන්සි වෙනවා. වෙලාවකට හිතෙනවා උට දෙන පඩිය මදිදත් කියලා. ආශ් ඉක්මන්ටම කාලා එළියේ වැඩක් තියනවා කියලා ගියා. කෙයානුත් ටිකක් බිසි වෙල හිටියේ. දවසම හොඳට ගෙවුනත් හවස මගෙ ලේ කෝප උනා. ඇත්තටම මට දැන් මේක එපා වෙලා.

"මිස් සනුකි මං තමුන්ව අස් කරනවා"

"ස්- සර්. අනෙ මං මට සමාවෙන්න. ඒත් අනෙ සර් ආයෙ මෙහෙම දෙයක් වෙන්නෙ නෑ."

"මං තමුන්ට කලින්ම warn කළා. තමුන්ගෙ වැඩ වලට අමතරව අනවශ්‍ය දේවල් කරන්නෙපා කියලා. එහෙමනෙ?"

"ඔ ඔව් ඔව් සර්."

"එහෙනම් මොකක්ද තමුන් අද කළේ ආ?"

"අනෙ සර් මිස්ටර් පතිරණ බලෙන්මයි සර් මේක දීලා ගියේ"

"මෙතන බොස් කවුද කියනව?"

"ස් සර්"

"මේ තමුන්ට මං දෙන last chance එක. ආයෙ මෙහෙම දෙයක් උනොත් බලාගමු"

මිස් සනුකි මුකුත් කියන්න කලින් මං එතනින් ආවෙ පුදුම කේන්තියකින්. අද අර තුමුල කියන එකා මට චොක්ලට් බොක්ස් එකක් එවලා. ඒක මිස් සනුකිගෙ ටේබල් එක උඩ තියනව දැකලා මගෙ යකා ආවේස උනා. එයාව අස් කරලා දාන්න බෑ මුකුත් වැරැද්දක් නැතුව. ඒත් එහෙමයි කියලා මට බැ මේ දේවල් බලාගෙන ඉන්න. ආශ් අද දේ දැනගත්තම තව විකාරයක් වෙනවා. ටිකක් හරි ඔලුව නිදහස් කරගෙන හිටිය එකම තැන කම්පැනි එක වෙද්දි ඒ මනුස්සයා ඇවිත් මට ඒකත් නැති කරනවා. මොකක්ද දෙයියනෙ මං එච්චර කල පව. මට නිදහසක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද? වෙලාවකට මං මගෙන්ම අහනවා මං දැන් හුස්ම ගත්තා ඇති නේද කියලා. ඒත් ඒ වෙලාවට මං ආයෙ මගෙන් අහනවා ආශ්, කෙයාන්, මාමා මං වෙනුවෙන් කළ දේවල්වලට වටිනාකමක් දෙන්නේ කොහොමද එහෙම කළාම කියලා. මං මාවම සමහර තැන්වලදි අසරණ කරගන්නවා.

කේන්තියටම එළියට ආවත් මට කරන්න ඕනෙ මොනවද කියලා හිතාගන්න බැරි උන නිසා කැෆටේරියා එකෙන් මිල්ක්ශේක් එකක් අරගෙන බිව්වා. ටික වෙලාවක් එහෙම්ම ඉදලා ආයෙ ගියේ කැබින් එකට. ඕනෙ නම් මට කම්පැනි නෑවිත් මගෙ පාඩුවෙ ඉන්න පුලුවන්. C.E.O නිසා කම්පැනි එකේ ඉන්න ඕනෙමයි කියල එකක් නැ. මුල් අවුරුදු දෙක තුනේ වගෙ නෙවෙ දැන් මං ආවත් නාවත් වැඩ ඔක්කොම හරියට රන් වෙනවා. ඒත් මට ඕනේ වැඩවලට අවදානෙ දීලා මගෙ ඇඟ නැතත් මනස මහන්සි කරගන්න. මං තනියෙන් ඉන්නව කියන්නේ එක එක විකාර හිතනවා කියලා. එතකොට අවසානෙ මං නවතින්නෙ මං ගැනම කලකිරීමකින්. ඉතිම් ඒ ඔක්කොටම වඩා හොඳයි ඕනෙවට වඩා වැඩ එක්ක හිර වෙලා ඉන්න එක. ඒ නිසයි හැම approval එකකටම මං ඉන්නම ඕනෙ විදියට හැම දෙයක්ම මං හදලා තියෙන්නේ.

Us, Again || 🥀✨️Where stories live. Discover now