° CHAPTER 18 °

524 83 87
                                    

උදේ නැගිටලා ආවා ස්කෝලෙට මගුල අර හරකා ආවද දන්නෑ ස්කෝලේ..

අනේ මටෝන්නෙම නෑ හහ් අර මොකෙද්ද ගෙම්බෙක් එක්ක ෆොටෝ එකකුත් දැම්මනෙ..

මට ඉරිසියා හිතෙයි කියලා හිතලා වෙන්නැති අනේ මට ඉරිසියා හිතෙන්නම එකනෙ ගගේ නටන මාළු මගෙ ඇගේ නටනවා යකෝ..

ජිමින් එන්නෙ නෑ කිව්වනෙ අද ඒ අනික් බේසිකයා ශික්..

ගේට්ටුව ළග හිටියා අර පොල් ඔලුවගෙ යාළුවො දෙන්නා මං හැටට හැටේ රවාගෙනම ආවා පන්තියට..

බෑග් එක පුටුවෙන් එල්ලලා පොත අරගෙන හරවගත්තා.. රෙද්ද..

විනාඩි පහක් යන්න හම්බුන්නෑ මොකෙක් හරි ඇවිල්ලා අමතනවා..

" ටේහ්‍යුන් අයිසෙ.."

ආආආ නල්ල මලේ ජන්කුක් ඇයි දන්නෑ දැන් ආවේ..

අද ස්කෝලේ ටීචර්ලා මලගෙදරක ගිහින් වෙන ටීචර් කෙනෙක්ගෙ අම්මා කෙනෙක් නැති වෙලා ඒක තමා අද කොටත් ආවේ නැත්තේ..

මට ඉතින් ගෙදර ඉන්න බැරි නිසා ආවේ හහ්..

මං ඇහෙන්නෑ වගේම හිටියා..

ඊටපස්සෙ මේකා ලගට ඇවිල්ලා ඩෙස්ක් එකටත් අත මිට මොලවලා ගැහුව පාර මාව ගැස්සුනා..

" තමුසෙට කතා කරන්න බැරිද.."

මං හිමීට ඔලුව උස්සලා බැලුවා.. ජන්කුක්ගෙ ඇස් රතුවෙලා නහර ඉලිප්පිලා අත්වල බය හිතෙනවනෙ අනේ..

" ඇයි ආවේ.."

මෑන් පුටුවක් ඇදලා අරගෙන ඉදගත්තා මං ඉස්සරහින්..

" ඇයි මගෙ කොල්ලව බලන්න මට එන්න බැරිද යකාගෙ නීතියක්නෙ ඒක.."

මගෙ කොල්ලා කියලා නේද ඒ කිව්වේ.

" ඊයේ කොහෙද අර ගියේ මොකෙද්ද වස්සෙක් එක්ක ෆොටෝ එකකුත් දාලා තිබ්බේ.."

අර අමුතු සෙල්ලක්කාර හිනාවත් එක්ක පුටුවෙන් නැගිටලා මගෙ එහා පැත්තෙ තිබ්බ පුටුවෙන් වාඩිවෙලා මගෙ උකුලෙන් ඔලුව තියාගත්තා..

යකෝ මේක ස්කෝලේ හරියට නිකම් පාක් එකක් වගේ.. කමක් නෑ ඉතින් අද ස්කෝලේ ළමයි වැඩිය නෑනේ..

" ඔලුව ටිකක් අතාගානවකො ඕයි.. ඔලුව රිදෙනවා.."

ජන්කුක් මගෙ අත අරගෙන එයාගෙ ඔලුවෙන් තියාගත්තා..

𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓ Where stories live. Discover now