ගෙදර ආව ගමන් මං කලේ නාගත්ත එක. ශවර් එක යටට වෙලා මට කල්පනා කරන්න ගොඩක් දේවල් තිබ්බා. මං සාමාන්‍යයෙන් කා ගැනවත් කලබල වෙන කෙනෙක් නෙවෙයි. මාව ගෙදරින් එළියට දැම්මට පස්සෙ කලබල උනේ එකම එක පාරයි. ඒ කෙයාන් ඇක්සිඩන්ට් උන දවසේ. එදා මං සිහියක් නැතුව හැසිරුනේ. කෙයාන්-ආශ්-මම. අපි තුන්දෙනාගේ බැඳීම සහෝදර බැඳීමක්. සමහරවිට ඒ බැඳීම ආත්ම ගානක ඉඳන් එන එකක් වෙන්න ඇති. අපි මීට් උනේ ඕස්ට්‍රේලියා වලදි. ඒකත් ක්ලබ් එකක වැරදීමකින්. එහෙම මීට් උන අපි අද මේ ඉන්න විදිය ඇත්තටම පුදුමයි. මොකද එදා එහෙම මීට් වෙනකොට මං එක එක ජොබ් කරන ගමන් හිටිය කෙනෙක්, කෙයාන් හොරෙන් ඕස්ට්‍රේලියා පැන්න කෙනෙක්, ආශ් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්. පුදුමාකාර හමුවීමක්. අපි අතරෙ රහස් ඇත්තෙම නැ. ඒත් අද මට එයාලගෙ රහසක් තියනවා. පුලුවන් ඉක්මන්ටම මං එයාලට ඒක කියනවා. ඒත් දැන්ම නෙවෙයි.
අද මං ඒ විදියට හැසිරුනේ ඇයි? මට තාම උත්තරයක් නැ ඒකට. කෙයාන්ටත් අනිවාර්යයෙන් එතන ප්‍රශ්නයක් ඇති මගෙ හැසිරීමට. එයා ආවම මං කොහොමද උත්තර දෙන්නේ. මගෙ ප්‍රශ්නවලටවත් මටවත් උත්තර නැති කොට. මගෙ ජීවිතේට මේ අවුරුදු ගානට එක එක්කෙනා ලං වෙන්න ආවත් මං කාටවත්ම ලං උනේ නෑ. ලං වෙන්න දුන්නෙත් නෑ. ඒත් මං දැන් විහස්යට ලං වෙනවා ඇත්තේ, නැ ලං වෙනවමත් නෙවෙයි. මං දන්නෑ. මගෙ ඔලුවෙ වැඩ කරන්නෙ එයා මගෙ හස්බන්ඩ් කියන එක විතරයි. මට ඊට එහා දෙයක් නෑ. ඒත් මේ හැමදෙයක්ම කැමැත්තකින් උන දේවල් නෙවෙයි. අනික කිසිම legal සම්බන්ධයකුත් නෙවෙයි. ශවර් එකෙන් වැටෙන වතුර ටයිල් එක දිගේ ඔහේ ගලාගෙන යනවා. ඒ වගේ මගෙ මෙ බර හැඟීමුත් ගලාගෙන යනව නම්.
විහස්ය !! එයා මට ආදරෙයි කිව්වා. මට තේරෙන්නෑ. එයා ළඟ මට දැනෙන අපහසුතාවයට, එයාගෙන් දැනෙන සුවඳට, එයාගෙ බර හැඟීම් මට ඒ හැමදෙයක්ම හිතට මහ ලොකු වදයක්. එයාගෙ වචන පවා මට හරි බරයි. අපි කතා කලෙ හරි අඩුවෙන්. ඒත් කතා කරන වචන දෙක තුන උනත් ලොකු කතාවක් කියනව වගෙ දැනෙනවා.
මං දන්නෑ මං කොච්චර වෙලා ශවර් එක යට හිටියද කියලා. වොශ්රූම් එකෙන් එළියට ඇවිත් ඇඳුමක් දාගෙන බියර් එකක් කඩලා අතට ගන්නකොටම වගේ කෙයාන් දොරට් තට්ටු කරලා කතා කළා. අතට ගත්ත බියර් එකත් අරගෙන මං ගිහින් දොර ඇරියා.
YOU ARE READING
Us, Again || 🥀✨️
Fanfiction𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 ✔ ස්තූතියි ! මට ඔයාගේ ජීවිතයට එන්න දුන්නට. පොරොන්දු තියෙන්නේ රකින්න උනත්, කඩවුණු පොරොන්දුවක් එක්ක මගෙ අත අල්ලන් ඉස්සරහට ඇවිදන් ගියාට. __ ලෙයාන් අගන එදිරිසිංහ 🌼 "ඇයි මගෙ හිස් ජීවිතේ පාට කරන්නේ?" මං එයාගේ...