60.༊ ශ්‍රව්﹏࿐ ࿔

2.3K 407 107
                                    

AGRAW P.O.V

[ වර්තමානය ]

"ඈ අග්‍ර මේ කාද? "

වීනු ඇස් දෙක ලොකු කරන් මට එහා පැත්තෙන් හිටන් හිටියෙ ඩ්‍රෝ ඉස්සරහ ඉන්න කෙනා දිහා බලාගෙන ඉන්නවා. එයා මං දිහාත් බලලා ආපහු අපේ ගෙදරට ආව ගෙස්ට් දිහා බලන්නෙ මාරුවෙන් මාරුවට. මම ලොකු හුස්මක් යවලා ඇරලා තිබුන ඩ්‍රෝ එකේම ඔලුව හප්පගත්තා..

"ආෂ්...! සීයප්පච්චි මොන මල් ඉත්තක්ද අප්පා මේ..."

"ඔයා දන්නවද අග්‍ර එයා එනවා කියලා? " වීනු පුදුමෙන් මං දිහා බලද්දි මම උරහිස් ඇකිලුවා.

"වැඩි වෙලාවක් නෑ. ෆයිව් මිනිට්ස් ඇති.. අහස් අයියා ෆෝන් කරලා කිව්වා ඩ්‍රෝ එක ඕපන් කරන්න කියලා.එච්චරයි..ඉන්න මම සීයප්පච්චිට ෆෝන් කරන්නම්."වීනුට කියන ගමන්ම මම සීයප්පච්චිට කෝල් කලේ ඉණටත් අතක් තියාගෙන. වීනු හා කියන්න වගේ ඔලුව උඩ පහල වනන්නෙ ආව කෙනා දිහාම බලන්. එයා ගොඩක් පුදුම වෙලා. වෙනසක් නෑ මමත් එහෙමයි.

ඇත්තටම ඉස්සරහ ඉන්නෙ දොඩම් ගෙඩි දෙකක් උස පොඩි කරදරකාරයෙක්. බෝල ම බෝල ඇස් තියෙන මගෙ නීස් වලට විතර උස ඇති මේකා. පිටේ පූ කෙනෙක් ඉන්න බෑග් එකක් උස්සන් පොඩි කියුට් ලගේජ් එකකුත් බිම තියාගෙන ඒකා අපි දෙන්නා දිහා ඒ ලොකු ඇස් වලින් බලන් ඉන්නා. ජම්ප් සූට් එකකට කියුට් ෂූස් දාලා ඉන්න බේබි බෝයි කෙනෙක්. එච්චරයි අඩුවෙලා හිටියෙ අපිට...

"ඕ ගෝඩ් සීයප්පච්චි! අපි මෙහෙම එකක් ඔන්ලයින් ඕඩර් කලේ නෑ කියලා ෂුවර්. ප්ලීස් මේ පොඩි මෑන්ව ඩිලිවර් කරපු කෙනාටම අරන් යන්න කියන්න.."

"අර්තාපල්ද? ආ මේ කාලෙ අර්තාපල් මාකට් එක හොඳ ඇති තමා සන්. අපි එහෙමත් බිස්නස් එකක් පටන් ගමුද? "

මොකක්? ඒ මොකද්ද ඒ කිව්වෙ?

"මොන අල ගෙඩියක් ගැනද සීයප්පච්චි කතා කරන්නෙ? මම මේ කියන්නෙ බංග්ලෝ එක ඉස්සරහ ඩ්‍රෝ එක ගාව ඉන්න........"

"ආ ඔව් ඔව් ඔව් පුත්තලමෙත් කැරට් වගා කරන්න බැරි නෑ.. ඒ ගැන බලන්න කියලා මම අහස් කොල්ලටත් කියන්න ඕනි..! "

" ඕ ෂීට් සීයප්පච්චි..!! "

මම ෆෝන් එක ඉස්සුවෙ පොළවෙ ගහන්න. මම මෙහෙ එකක් කතා කරනවා එයා එහෙ අර්තාපලුයි කැරටුයි ගැන කතා කරනවා. ඕවා නම් කරන්නෙ හිතලමයි! මැණික අතේ එල්ලෙන්නෙ නැති වෙන්න ෆෝන් එකේ කෑලි ටික කොස්සෙන් එකතු කරන්න වෙන්නෙ...ඩෑ'මිට්!

 නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]Tempat cerita menjadi hidup. Temukan sekarang