එයා ඉන්නව...රොබරෝසියා වැටිච්ච බංකුවක වාඩි වෙලා.....බැහැන් යන ඉරේ ලා අවු රැල්ලක් ඒ මූනට වැටිල...කොණ්ඩ කැරැල්ලක් හුලගට පැද්දෙනව....
ඒත්......එතන එක වැරැද්දක් තියෙනව...මට කවදාවත් හදාගන්න බැරි වෙන....
ඒ රොබරෝසිය පිරිච්ච බංකුවෙ එක කොනක තවත් කෙනෙක් වාඩි වෙලා ඉන්නව...ඒ කෙනා හිමීට එයාගෙ ලොකු අතකින් අර අවුරැල්ලෙන් එයාගෙ මූන මුවා කරනව...එතකොට එයා එයාගෙ ඔලුව අර කෙනාගෙ උරහිස උඩින් තියා ගන්නව...එතකොට අර හුලගට පැද්දෙන කොණ්ඩ කැරැල්ල අර කෙනා එයාගෙ කන් පිටිපස්සෙ රදවනව...ඒ දෙන්න ඊට පස්සෙ හිනා වෙනව....!
ඕක තමයි මගෙ ලොකුම වැරැද්ද...මමයි ඒ කෙනා වෙනුවට ඔතන ඉන්න ඕන..ඒත් ඉතින් මට ඉක්මන් වෙන්න බැරිඋන නිසා අද එතන වෙන කෙනෙක්...කමක් නෑ උබ කොතන හරි සතුටිම් නම්....
මට තිබුන උබට කලින් ම කියන්න...ඇයි මන් පරක්කු උනේ...ඒත් කමක් නෑ...දැන් මන් කියන්නම්...
"මන් උබට හරි ආදරෙයි මගෙ රොබරෝසියා"....!
නිමි......
YOU ARE READING
රොබරෝසිආ 🌸
Short Storyඅහලා තියෙනවද..අපායට උනත් කලින් යන්න කියන කතාව... මට බැරිඋනා විනාඩියක් ඉස්සර වෙන්න... අදත් මම යනවා..ඒ මතක පිරුනු මාවත් දිගේ.....තනියම....ඔව්..හැමදාටම තනියම...