09

450 65 19
                                    

මන් ක්ලාස් එකට එනකොටම පඩි පෙල ලග හිටියේ මට පුරුදු රූපේ...

බොකුට්ටා !!

ආහ්!
සාක්කුවේ තිබුනු අත ඇදලා අරගෙන අත උඩින් තිබ්බේ කඩදාසි බෑග් එකක්..

ජුජුස්?
මන් බෑග් එක අරගෙන බලන ගමන්.. ඇහුවේ ඒ දිලිසෙන ඇස් වලින්... ඒ ඇස් ආයෙත් දිලිසුනා.. මන් දැකපු පලවෙනො දවස වගේම..

එන්න පරක්කු උනානේ.. අතනත් අතු ගෑවා සේරම...
බොකුට්ටා අත දිග් කරලා පෙන්නද්දී මන් හැරුනේ එයා කියපු තැන බලන්න... මට හිනායි.. කුක්සන් පලවෙනි දවසේ බොකුට්ටට අතු ගාන්න කියපු තැන... එයා එතන අතුගාලා...

උක්කුං....
මන් ක්ලාස් එකට යන්න හදද්දී එයා ආයෙත් කතා කරා..

අදත් බස් එකේ යන්....
හිනා වෙවී කියලා ඇහැක් ගහපු බොකුට්ටා ඇඟිලි වලට ඒ තොල් තියලා මගේ කම්මුලක් උඩින් ඒ ඇඟිලි තිබ්බා... මගේ මුලු ඇඟම එයා කරපු වැඩේට හිරි වැටිලා යද්දී මන් එහෙම්ම දිව්වේ ක්ලාස් එකට....

පිස්සූ බොකූට්ටා...!
මන් මගේ ඩෙස්ක් එකෙ මුල්ලක චූටියට ලියුවා..

මන් හරි ආදරෙයි එයාට..

.
.
.
.

මන් දැන් මේ කීවෙනි පාරටද කියන්නේ කියලවත් මට මතක නෑ.. මන් ලෙඩ වෙලා දැන් සතියක් වෙනවා.. මේ දවස් ටිකේම ටේ ගෙදර නැවතුනේ මගේ උදව්වට කියලා උනාට ඒකෙන් ඇත්තටම උදව්වක් උනේ නෑ.. දෙන්නා එක්කම මුලු ගේම හැඩි කරන හැටි බලන් ඉදලම මට පෙශර් වගේ දැන්.. කුක්සන්ගේ රාජ්ජෙට සමහර විට මීට වඩා සේවකයෝ ඕන ඇති...

මුලු ගෙදරම ඒ දෙන්නා අස් කරා..දැන් සුට්ටකට කලින්.. මට මතකයි ටේ මට කියුවා චූටියයි මායි ආයේ ගෙදර බඩු අදින්නෑ කියලා.. ඇත්තටම මේ කුක්සන්ගේ මොලේ කොලොප්පන් වෙන්නේ අදින්නෑ කියපු දෙන්නම ආයේම බඩු හැමතැනම ඇදලා දාලා තියෙනවා දැක්කම..ර්‍ර්... කුක්සන්ට යකා නැග්ගට දැන් ඉස්සර වගේ මූට දෙකක් අනින්න විදියක් නෑ.. වේදනයි.. බොකුට්ටගෙන් තමා සේරම යවන්නේ..බොකුට්ටා තමයි මගේ තරහ පිට කරන්න ඉන්න හොඳම එක්කෙනා..

මේ දවස් ටිකේ බොකුට්ටා චූටියා එක්ක බලපු ෆිල්ම් එකක බොක්සිං තිබිලා.. බොකුට්ටා චූටියට බොක්සිං කියා දෙනවා..
දැන් මේ ලෑස්ති වෙන්නේ එයාව ක්ලාස් එහෙකට එක්කගෙන යන්න..

The Bullet🌝  Taekook ✔🔥🍄Where stories live. Discover now