විසි දෙවෙනි කොටස 🥀

1K 165 13
                                    

උදේ ලේස්ති වෙලා කා එකට නැගලා මං ස්ටියරින් වීල් එකට අත් දෙක තියාගෙන මං කල්පනා කලේ යන්න ඕනේ කොහෙටද කියලා. විහස්ය හොස්පිටල් එකේ. එයාව බලන්න යන්න ඕනේ. ඒත් අද choreographer audition එක. ඒකට මං අනිවාර්යයෙන්ම එනවා කිව්වා. කෑම කන අමතරෙත් කෙයාන් දෙතුන්පාරක්ම හිතලම වගේ මතක් කලා මං අද කම්පැනි එකේ ඉන්නම ඕනෙ කියලා. කා එක මේන්රෝඩ් එකට දාන තැනට ඇවිත් මං දෙපැත්තම බැලුවා. වම් පැත්තට හැරෙව්වොත් විහස්ය බලන්න යන්න පුලුවන්. දකුණු පැත්තට හැරෙව්වොත් කම්පැනි එකට යන්න පුලුවන්. හොඳ හුස්මක් අරගෙන මං කා එක හැරෙව්වෙ දකුණට. මං නැතත් එයා ළඟ ඩෙවෝන් ඉන්නවා. ගාඩ්ල ඉන්නවා. පවුලෙ අයත් ඇති. ඒත් මට බැ මගෙ වගකීම් මගාරින්න. මං කරන හැම දේකින්ම තව කෙනෙක්ගෙ ජීවිතේ තීරණය වෙනවා. කම්පැනි එකට ආවමත් එක්කම කෙයාන්ගෙ කෝල් එකක් ආව නිසා මං කෙලින්ම ගියේ කෙයාන්ගෙ කැබින් එකට.

"වාඩි වෙයන්කො"

ඇතුළට ගියාම කෙයාන් සෝෆා එක පෙන්නලා කිව්වම මං වාඩි උනා. මගෙ කැබින් එක තරම් ලොකු නැතත් කෙයාන්ගෙත් කැබින් එක ලොකුවට තිබ්බා. හැබැයි මගෙ කැබින් එකට වඩා කෙයාන්ගෙ එක හරිම එළියයි.

"මේ ෆයිල් එක බලහම්. අද judge board එක ඔය"

"ප්‍රොෆෙසර් අලුත්ගමගේ එන්නම් කිව්වද බං?"

"මුලින් reject කලත් අද ඇවිත්. මාත් දැක්කම සප්‍රයිස් උනා."

"අද වැඩෙ හොඳටම යයි"

"ම්ම්. මේ අගා ඒක නෙවෙයි. ඊයේ මොකක්ද උනේ කියපං. මං තාම දේවල් හරියට ගලපගන්න බැරුව ඉන්නේ. දන්න තරමින් විහස්ය මල්ලි උබට වඩා අපි දෙන්නා එක්ක ෆිට්. ඒත් මං කවදාවත්ම උගෙ බොඩිගාඩ් කෙනෙක් දැකල නැ.  අනික උට මොකක්ද වෙලා තියෙන්නේ"

"ඇක්සිඩන්ට් එකක් වෙලා."

"සිරාවට? අඩො ඊයෙ උදේ එකොළහට විතර මට කෝල් කරල කිව්වත් එක්ක කම්පැනි එකට එනව කියලා"

"එකට විතර වෙලා තියෙන්නේ"

"අමාරුද කොල්ලට"

"ලොකු ඩැමේජ් එකක් නෑ. වම් අත බැන්ඩේජ් කරලා තිබ්බා"

"ඇයි උබව එක්ක ගියේ?"

Us, Again || 🥀✨️Where stories live. Discover now