මේඝා - Chapter 03

123 21 9
                                    

වර්ෂ 980
මූගල් අධිරාජ්‍යය.

" රැජිනියණි..නක්ශක්ත කරුවන් පැමිණිලා "

මූගල් රාජ්‍යයේ අධිරාජිනිය ඉන්වාන් රැජිනිය ලගට පැමිණි සේවිකාවක් කියනකොට ඇය සිය සය මසක් පමණ කුසත් දරාගෙන ඔවුන් ලගට පැමිණියේ දහසකුත් බලාපොරොත්තු තියාගෙනයි.

" සැරදේවා රැජිණියනි !! "

රැජිනගෙ පැමිණීමත් සමගම හැමෝම නැගිටලා ආචාර කරනකොට රැජින හිනාවකින් හැමෝගෙම ආචාර පිලිගත්තා..රූමත් නිරහංකාර තරුණියක් උන රැජින මුලු මූගල් රාජ්‍යයම ගරු කරන රැජිනක් විදියට මුලු ලෝකයක් අතරම ප්‍රසිද්ධයි..රජතුමාගේ අභාවයෙන් පස්සේ සිය කුසත් සමගම රාජ්‍ය පාලනය පටන් ගත්තාත් රැජින මුලු රාජ්‍යයම හොදට පාලනය කරා..රැජිනගේ පලවෙනි පුත් අවුරුදු හයක නම්ජුන් කුමරු කිරුල හිමි කුමරු වුවත් නම්ජුන් කුමරුට නිසි වයස එනකම් රැජිනයි මුලු රාජ්‍යයම පාලනය කරේ..

" ඉතින්..කුමක්ද ඔබලා මෙවර දෙන අනාවැකිය !! "

රැජිනා සිනා මුසු මුහුනෙන් අහනකොට නක්සක්‍ත කරුවන් රැජිනගේ අත්ලෙහි රේඛා පරීක්ෂා කරන්නට වුවා..

" රැජිනියනි අපිට කමා කරන්න !! "

රැජිනගේ අත්ලෙහි රේඛා පරීක්ෂා කරලා බයෙන් වගේම අදුරු උන මූනෙන් යුතුව සිටින නක්සක්ත කරුවන් හිස නමලා සමාව අයදිනකොට මොන හේතුවක් නිසාද මන්දා රැජිනගේ හදවත හයියෙන් ගැහෙනවත් එක්කම එක අතක් පුංචි නම්ජුන් කුමරු වටාත් අනිත් අත තමන්ගේ සයමස් කුස වටාත් එතුනා..

" කුමක්ද ගැටලුව ?? "

" මේක අසුභ නිමිත්තක් රැජිනියනි "

" කුමක්ද ඔබ පවසන්නේ ?? "

" අපිට සමාවෙන්න රැජිනියනි...රැජිනගේ කුසේ සිටින බිලින්දා කුමරියක් නම් මුලු රාජ්‍යයටම සෙත සැලසෙනවා..නමුත්..."

" ඇයි නමුත් කියලා නැවැත්‍තුවේ ?? පවසන්න මුනිතුමනි..කුමක්ද ගැටලුව ?? "

රැජින ඇස්වල කදුලු පුරෝගෙන අහනකොට රැජිනගෙන් නැවත වරක් සමාව ගත්ත නක්ශක්තකරුවන් කිසිම දෙයක් හංගන්නේ නැතුව හැමදෙම පැවසුවා.

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now