කිසි කතාබහක් නැතුව ටවුන් එකේ තිබ්බ ෆුඩ් සිටි එකකින් බඩු ගොඩක් අරගෙන අපි ආයෙ එන්න ආවා. කෝකටත් කියලා බඩු තේරුවෙ මං. නැත්තම් ලොකු ගාර්ඩ්න් එකකුත් තියන එකේ මාමට පොළොව කොටන්න කියලා උදලු,අලවංගුත් උස්සන් එන්න බැරි නැ. එහෙව් මිනිහා. මාමගෙ ගෙදර ඉදන් ටවුන් එකට කිලෝමීටර් දෙකක් වගෙ තිබ්බා. එන්න තිබ්බ පාරත් හරිම ලස්සනයි. මං වටපිට බල බල එනකොට එකපාරටම වාහනේ නැවැත්තුවා. මං හිතුවේ වාහනේ අවුලක් කියලා.
"බහින්න"
ඒත් එහෙම කියාගෙන විහස්ය බැස්සා. දැන් එකට ළඟ නිසා කලින් තරම් සීතල නෑ. මං බැහැල එයා හිටිය තැනට ගියා. එයා කලේ සාක්කු වලට අත් දාගෙන ඈත බලාගෙන හිටිය එක. මාත් එයා බලන් හිටිය පැත්ත බැලුවා. ලස්සනයි කියලා කියන්න බෑ. මට හිතුනේ එකම එක දෙයයි. ඇයි අපිට ඇස් දෙකක් විතරක් තිබ්බෙ කියලා. මට දැන් පේන දේ බලන්න මට තව ඇස් කීපයක්ම තිබ්බා නම් කියලා හිතුනා. බලන බලන තැන කොළ පාට විතරයි. කඳු දෙකක් මැදින් වළාකුළු ලස්සනට පේනවා. ඈතින් පුංචි පුංචි ගෙවල් පේනවා.
"ලස්සනයි"
මට ඉබේටම කියවුනා.
"ඔව් ලස්සනයි"
එයත් කියනවා වගෙ ඇහුනට මං මගෙ ඇස් ඒ පේන දර්ශනයෙන් එහාට ගත්තෙම නෑ. පුදුම සැහැල්ලුවක් දැනෙනවා. ඇස් වහගන්න ලෝබ උනත් මං ඇස් දෙක වහගෙන හොඳ හුස්මක් ගත්තේ මේ පරිසරයෙන් එන සුවඳින් මගේ පෙනහළු පුරවගන්න ඕනෙ කියලා දැනුන නිසා. ඒ එක්කම මට ඇහුනේ capture sound එකක්. මං ඇස් ඇරලා බැලුවා. විහස්ය ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා.
"ලස්සන දේවල් ඇස් දෙකෙන් බලලා මතක තියාගන්න පුරුදු වෙන්න"
"ඒත් මං දැක්ක ලස්සනම දේ එහෙම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි"
එයා එක්ක කතා කරලා තේරුමක් නෑ. මං එහාට වෙන්න තිබුන ටිකක් දිරලා ගිය කොටයක් උඩින් වාඩි උනේ කඳු පේන විදියට. විහස්යත් ඇවිත් ඊට එහා පැත්තෙන් වාඩි උනා.
"මට වෙලාවකට හිතෙනවා මාත් වළාකුළක් උනා නම් කියලා"
එයා කතා කරනවා. මං එයාගෙ දිහා බැලුවා. එයා බලාගෙන ඉන්නේ අහස දිහා. මෙච්චර ලස්සනට බලන්න පුලුවන් පරිසරයක් තිබිලත් එයා බලාගෙන ඉන්නෙ අහස දිහා. මට අහන්න හිතුනා ඇයි ඒ කියල. ඒත් මං කතා කලොත් එයාගෙ දැහැනට, කතාවට බාධා වෙයි කියල හිතලා මුකුත් නොකියා මං කලේ එයා දිහාම බලාගෙන හිටිය එක. එක දෙයක් පැහැදිලියි. ඕනෙ තරම් වෙලා එයාගෙ දිහා බලාගෙන ඉන්න පුලුවන්. කේන්ති ගිය වෙලාවට යකෙක් වගෙ උනත් එයා මෙහෙම ඉන්නකොට හිත නිවන ලස්සන රූපයක්. හිත නිවන නෙවෙයි ඇත්තටම හිත හොල්ලන. මට විතරක් මේ රූපේ දකින්න තිබ්බා නම් කියලා මට හිතුනා. මං මේ එයාට ලෝබකම් කරන්න පටන් ගෙනද?
YOU ARE READING
Us, Again || 🥀✨️
Fanfiction𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 ✔ ස්තූතියි ! මට ඔයාගේ ජීවිතයට එන්න දුන්නට. පොරොන්දු තියෙන්නේ රකින්න උනත්, කඩවුණු පොරොන්දුවක් එක්ක මගෙ අත අල්ලන් ඉස්සරහට ඇවිදන් ගියාට. __ ලෙයාන් අගන එදිරිසිංහ 🌼 "ඇයි මගෙ හිස් ජීවිතේ පාට කරන්නේ?" මං එයාගේ...