තිස් තුන්වන කොටස 🥀

953 158 15
                                    

මාමගෙ ගෙදර එනකොට ආව පාරෙ නැතුව අපි දෙන්නා ආවේ උඩට තිබ්බ පාරේ. හවස නිසා ටිකෙන් ටික අඳුර තිබ්බා වගේම සීතලත් ටික ටික වැඩි උනා. බයික් එකේ යන නිසා ඒ සීතල තව වැඩි උනා. බෑවුමයි වංගුයි නිසා මං හරි හෙමින් පරිස්සමෙන් ආවෙ. මේ පැත්‍ත කියාගන්න බැරි තරම් ලස්සනයි. කිලෝමීටර් දෙකක් විතර අපි ආවා. කලින් කරපු ඒත් දැන් ඇතෑරලා වගේ තිබ්බ පොල්අතු කඩයක් ළඟින් මං බයික් එක නැවැත්තුවම එයත් බැස්සම මාත් බැස්සා. කඳු මීදුමෙන් වැහෙන්න පටන් ගෙන. මං පුරුදු විදියටම ඇස් පියාගෙන හොඳ හුස්මක් අරගෙන බැලුවේ ලි බංකුව උඩ වාඩි වෙලා ඉන්න එයා දිහා. අපි මේ ලස්සන තැනක තනි වෙන දෙවෙනි දවස. මගෙ පපුව එකපාරටම ගැහෙන වේගේ වැඩි උනා. ඒ එක්කම එයා දිහා මං බලාගෙන ඉන්නව කියලා දැනිලා එයත් මගෙ දිහා බලලා බංකුවට තට්ටුවක් දැම්මේ ඇවිත් වාඩි වෙන්න කියලා පෙන්නලා.

"සීතලද?"

මං වාඩි උනාම එයා ඇහුවෙ මගෙ මූණ දිහා බලලා නෙවෙයි වේලිලා ගිහින් තිබුන මගෙ තොල් දිහා බලලා. මං ඒ එක්කම මගෙ තොල් දිවෙන් තෙමාගෙන අහක බැලුවා. බලාගෙන ඉන්න විදියට මගෙ පපුව ගැහෙන වේගේ වැඩි උනා මදිවට මං හිතන්නෙ එයාටත් ඇහුනද කොහෙද පපුවෙ සද්දෙ.

"මං ඔයාට දෙයක් කියන්නද?"

ටික වෙලාවක් අහස දිහා බලාගෙන හිටිය එයා අහස දිහාම බලාගෙන මගෙන් ඇහුවා. මීට කලින් එයා මට දේවල් කිව්වේ මගෙන් අහලා නෙවෙයි. ඇයි දැන් මේ? මං එයාගෙ දිහාම බලාගෙන හිටියා. එයා කතා කරනකොට මට කතා කරන්න ලෝබයි වගෙ දැනෙනවා. මට ඕනේ මගෙ කන් එයාගෙ වචනවලින් පුරවගන්න විතරයි.

"මං ගැන ඔයා දන්න දේවල් හරි පොඩ්ඩයි. මං දැන් කියන දේ හොඳට අහගන්න. මං මේ දේවල් කියන්නේ මගෙ ගැන අඩු වැඩි කරලා පිට අය කියන දේවල් නිසා ඔයාට හිත රිද්දගන්න වෙන නිසා. මොකද මං ඇත්තටම හොඳ කෙනෙක් නෙවෙයි. අඩුම මගේ හොඳයි කියලා කියන්න පුලුවන් කිසිම දෙයක් නෑ"

එයාගෙ කිසිම හොඳක් නෑලු. ඒත් එයා මට කොච්චර හොඳ වෙනවද කියලා මට දැනිලා තියනවනෙ.

"හැමෝම කතා කරන්නේ මං අඩු වයසින් මෙච්චර success උන එක ගැන. මට ඒවා වැඩක් නෑ. මං ඒ දේවල් කරන්නේ මට සල්ලි හොයාගෙන තනියෙන් නැගිටින්න ඕනෙ නිසා. මං මගෙ ජීවිතේ පළවෙනි වතාවට මෙච්චර කතා කරන්නෙත්. ඒකත් මෙච්චර හොඳින්. මං ජීවත් වෙන්නේ අමු අපායක. මංමයි ඒ අපායට අඩිය තිබ්බේ. මට දැන් එතනින් එළියට එන්න බෑ"

Us, Again || 🥀✨️Where stories live. Discover now