° CHAPTER 21 °

491 76 54
                                    

අයියා කාමරේ දොරට තට්ටු කරන සද්දෙත් එක්ක මම අමාරුවෙන් ඇස් දෙක ඇරගත්තා..

" ටේහ්‍යුන් තාම නිදිද ඉක්මනට ලෑස්ති වෙන්න නැත්තන් පරක්කු වෙයි.."

වෙනදට කටපුරා චූටි කියලා කියන අයියා අද ටේහ්‍යුන් කියලා කියනවා.. මං මුකුත් නොකියම ටවල් එකත් අරගෙන බාතෲම් එකට ගිහින් දොර වහගත්තා..

තාම පාන්දර 5.00ට විතර ඇති.. අයියා කලින් යන නිසා ගෙදරින් 6.15ට විතර යයි..

මං ටවල් එක රැක් එකෙන් දාලා සින්ක් එකට උඩින් අල්ලලා තියෙන කණ්ණාඩිය ඉස්සරහට ගිහින් හිටගත්තා..

ඊයේ රෑ ඉදන් අඩලා අඩලම ඇස් රතුවෙලා ඉදිමිලා ගිහින් ඇස් යටගිහිල්ලා.. ඔලුව රිදෙනවා පැලෙන්න වගේ..

ආයෙම ඊයේ උණ දේවල් එකින් එක ඔලුවේ මැවෙද්දි ඇස් දෙකට නම් නිවනක් උනේ නෑ..

උණු කඳුලු ආයෙමත් ඇස් බෝල වලින් වැටිලා කම්මුල් දෙක තෙමාගෙන පහලට රූටද්දි මං සින්ක් එකේ ගැට්ටට තියලා අත් දෙක තද කරගත්තා..

පැය කාලක් විතරම ඇස් වලට නිවනක් නැති නිසා මම අමාරුවෙන් හරි කඳුළු පිහගෙන ටැප් එක ඇරලා සීතල වතුර වලින් මූණ හෝදගත්තා..

පුරුදු විදිහටම ඇඟ හෝදගෙන ටවල් එකත් ඇඳගෙන බාතෲම් එකෙන් එළියට ඇවිල්ලා ඊයේ හවස ලෑස්ති කරලා තිබ්බ අනික් යුනිෆෝම් එකත් ඇඳගෙන, බෑග් ලෑස්ති කරගෙන මම ෆෝන් එක ඔන් කලා..

Yassaya 🐰🖤
Good Morning jungkookie ❤
මං අයියට ෆෝන් එක දෙන්න කලින් මැසේජ් එකක් දැම්මා ඔන්න.. පරිස්සමින් ස්කෝලෙට එන්න බයික් එකේ එද්දි හයියෙන් එන්න එපා.. ජන්කුකී මොනදේ උනත් මාව දාලා යන්නෙ නෑනේද.. මං ඔයාට ආදරෙයි ජන්කුක්..

මැසේජ් එක දාලා පොත් මේසෙ ළගට ගිහින් ෆයිල් එකකින් සුදු ඒෆෝ ශීට් එකක් අරගෙන ඊයේ අයියා ලියලා දෙන්න කිව්ව ක්ලාස් ටයිම් ටේබල් එක මං ලිව්වා..

සතියටම දවස් හතරයි තියෙන්නේ ක්ලාස් ඒ ටික වෙලාවයි තියෙන දවසුයි එක්කම කොලේ ලොකුවට ලිව්වා.. හැබැයි ඉතින් අමතර ක්ලාස් වැටුනොත් අයියට කියන්නෙ නෑ මම..

එහෙමයි කියලා එයාට ඒවා දැනගන්න ඕන තරම් විදිත් ඇති බලමුකො.. මං ඒක ලිය ලිය ඉද්දි ෆෝන් එකේ මැසේජ් එකක නොටිෆිකේශන් එකක් ආවා ජන්කුක් වෙන්න ඇති..

𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓ Where stories live. Discover now