දවස් ඉක්මනට ගෙවිලා ගියා අදට කුකී වී ත් එක්ක ඇවිත් මාස තුනක් වෙනවා. මේ මාස තුන ඇතුලට වී ට ගොඩක්ම අමාරැ වුනේ යුංගිත් එක්ක කාලේ ගත කරන එකයි යුංගි අහන ප්‍රශ්න වලට උත්තර දෙන එකයි. මුල් මාස ටික company එක රන් කරන්න වී ට අමාරැ වුනත් පස්සේ පස්සේ වී ඒ ටික පුරැදු වුණා. මේ මාස තුනට වී ගොඩක් අය එක්ක සෙක්ස් කරා එයාගේ පීඒ ලිසා එක්ක පවා හැබෙයි ඒ හැම දේම කුකීට වගේම යුංගිට හොරෙන්. මේ මාස තුන ඇතුලත වී කුකීත් එක්ක කිස් එකකින් එහාට යන්න බැරි වුනේ මොකක් හරි එකෙක් කඩා පාත් වෙන නිසා. ගොඩක් වෙලාවට යුංගි නිසා තමයි. ඒ වගේම මේ මාස තුනට වී ජන්හී එක්ක ගොඩක් එකතු වුණා. එයා කැමතියි ජන්හී එයාට බෙයා කියල කතා කරනවට.
වී ගේ පැත්තෙන් මෙහෙම වෙනකොට ටේ මේ දවස් වල ජිමින් එක්ක එකතු වෙලයි හිටියේ. ඉස්සර වගේ ටේ නොකා නොබී හිටියේ නෑ ජිමින් බලෙන්ම ටේට හැමදාම කන්න දුන්නා. ඒ වගේම හැමදාම එයාගෙයි කුකීගෙයි පරණ මතකවල් ජිමින්ට කියන්න ටේ පුරැදු වෙලා හිටියා ඒ හැම දවසකම ටේ හොදටම අඩලයි නිදා ගත්තේ. මේ දවස් ටිකට ජිමිනුයි ටේයි ගොඩක් එකතු වුණා හරියට සෝල්මේට්ලා වගේ. ජිමින් දැනන් හිටියා ටේ කුකීට ගොඩක් ආදරෙයි කියලා. ඒ වගේ අවංක ආදරයක් ලබන්න කුකී ගොඩක් වාසනාවන්තයි කියලා ජිමින් හැම වෙලේම හිතුවා.
අද උදේ ඉදන් කුකී හිටියේ ගොඩක් සතුටෙන් මොකද අද ටේගෙයි කුකීගෙයි දහවෙනි ඇන්වසරි එක. ඉතින් එයා හිටියේ ගොඩක් සතුටින්. උදෙන්ම නැගිටිලා breakfast එක රෙඩි කරපු කුකී වී ගේ කොෆි එකත් හදාගෙන රෑම් එකට ගියේ වීව නැගිට්ටවන්න. කාමරේට ආපු කුකී දැක්කේ පස්සත් උඩ දාගෙන නිදන් ඉන්න වී ව. තොල් දෙකත් උල් කරන් නිදාන් ඉන්න වී දිහා බලන් හිනා වුණ කුකී කොෆි කප් එක පැත්තකින් තියලා වී ගේ එහා පැත්තෙන් ඇල වුන කුකී වී දිහා බලන් හිටියේ ආදරේ පිරැණු ඇස් වලින්.
වී නැගිටිනකොට දැක්කේ තමන් දිහා බලන් ඉන්න කුකීව. ටික වෙලාවක් ඒ බෝල ඇස් දිහා බලන් හිටපු වී කුකීගේ ලිප්ස් වලට පහත් වුනේ කුකී ඇස් දෙක වහා ගන්නකොට. කුකීව කිස් කරන්න පටන් ගන්නකොටම එලාම් එක වැදුනේ වී ගැස්සෙනකොට.
YOU ARE READING
HYUNG
Romantizmහුංගි (කුකී) ආ- මොන මගුලක්ද මේක දැන් නම් මට හොදටම එපා වෙලා තියෙන්නේ. Don't call me hyung baby call me daddy Top tae Bottom kook Taekook Sinhala ff Write ✍️ by THV_babekook