භවයෙන් භවයේ අහිමිව හිමි වන
නොපිරෑ පාරමිතාව පුරා
සමුගනිමුද අපි අපේම වූ මතු
භවයක යළි හමුවෙමුයි පතාවිඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරාසිත්තම් කරමින් මනසේ ඔබේ රැව
කවදා හෝ යළි දකින තුරා
රැව් පිලිරැව් දී ඇසෙන -ඇස් පියාගෙන දයාන් විතාරණ එක්ක තනි වෙලා හිටිය මං ඇස් ඇරියේ සින්දුව නැවතුන නිසා. නැවතුනා නෙවෙයි නැවැත්තුවා. විහස්ය!! ඒ මූණෙ නපුරුකම පිරිලා. ඒත් ඇයි ඒ?
"ආයෙ මේක අහන්න එපා!"
මොකක්ද? ඇයි එහෙම කියන්නේ? ඒක කොච්චර ලස්සන සින්දුවක්ද? මගෙ playlist එකේ මං නිතරම අහන සින්දුවක්.
"ඇයි?"
"ඒක ගැළපෙන්නෑ"
"මොකක්ද?"
"ඔයා විඳවන්නෑ. මං විඳවන්න දෙන්නෙත් නෑ"
දැන් මේ මට සින්දුව අහන්න එපා කියන්නේ ඒකටද? පිස්සෙක්නෙ. මං එයාගෙ දිහා බලාගෙන හිටියා. එයා මගෙ ෆෝන් එක සයිඩ් ටේබල් එක උඩින් තියලා සෝෆා එකෙන් වාඩි උනා. ඒ මූණ මහන්සියෙන් පිරිලා. මං ඇස් ඇරියට පස්සෙ අද වෙනකල් තාම මං එයාගෙ මූණෙ වෙනදා දැක්ක සැහැල්ලු බව දැක්කෙ නෑ. අනික් අය ඉස්සර කොහොම උනත් එයා මගෙ ඉස්සර හිටියේ හරිම සැහැල්ලුවෙන්. ඒත් ඒ සැහැල්ලුව දැන් මට පේන්නේ නෑ. තාම අවුරුදු විසි හතරයි. කොල්ලෙක් වෙලා ජීවිතේ විඳින්න සතුටු වෙන්න ඕනෙ වයස. අනික එයා කැම්පස් කොල්ලෙක්. ඒත් එයා මං නිසා එක තැන නැවතිලාද කියල හිතෙනවා. ඒත් මට එයාව නැවතුන තැනින් ආයෙ තනියෙන් ඇවිදින්න කියලා කියන්න හිතෙන්නේ නැ. එයාට එහා පැත්තෙන් එයාගෙ ළඟින් මටත් ඇවිදින්න හිතෙනවා. අවුරුදු තිහක් වෙලත් මාත් කවද්ද මගෙ ජීවිතේ වින්දේ?
"විහස්ය"
එයා මගෙ දිහා බැලුවා. මං ඔලුවෙන් එන්න කියලා කිව්වා. එයා පුටුව ළං කරගෙන වාඩි වෙලා ඇස්වලින් ඇයි කියලා ඇහුවා.
"ප්‍රශ්නයක්ද?"
එයා මුකුත් කිව්වෙ නෑ. ටික වෙලාවක් මගෙ දිහා බලාගෙන ඉඳලා මගෙ ඔලුව පරිස්සමෙන් අතගෑවා. ඒක පුදුමාකාර හැඟීමක්. එයා මාව අල්ලන්නේ මං බිඳෙයි කියලා බයෙන් වගේ. ඒ තරම් පරිස්සමකින්. එයාට තරහ ගිය කිසිම වෙලාවක මගෙ ළඟටවත් එන්නෙ නෑ. එයා බයයි මට රිද්දන්න.
YOU ARE READING
Us, Again || 🥀✨️
Fanfic𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 ✔ ස්තූතියි ! මට ඔයාගේ ජීවිතයට එන්න දුන්නට. පොරොන්දු තියෙන්නේ රකින්න උනත්, කඩවුණු පොරොන්දුවක් එක්ක මගෙ අත අල්ලන් ඉස්සරහට ඇවිදන් ගියාට. __ ලෙයාන් අගන එදිරිසිංහ 🌼 "ඇයි මගෙ හිස් ජීවිතේ පාට කරන්නේ?" මං එයාගේ...