ටේහ්යොන්ග් ජන්කුක්ව තදින් අල්ලගෙන හිටියා... ජන්කුක් ටේහ්යොන්ග්ගේ උරහිස් වලින් අත් තියාගෙන ටේහ්යොන්ග්ගේ ඇස් දිහා බලාගෙන හිටියා... "I missed you a lot" ටේහ්යොන්ග් හිනාවුනා... ජන්කුක් කිසිම දෙයක් නොකිය ටේහ්යොන්ග්ගේ ඇස් වල අතරමං වෙලා හිටියා...
"ඇතුලට යන්න ඕනද?" ටේහ්යොන්ග් හිමින් ඇහුවා... අත උස්සලා අරගෙන ජන්කුක්ගේ රෝසපාට සිනිදු කම්මුලක් ටේහ්යොන්ග් හිමින් අතගෑවා... "ඔයාට ඕන නම් විතරක්" ජන්කුක් ටේහ්යොන්ග්ගේ හෙලවෙන තොල් දිහා බලලා, දෙන්නම හිටගෙන හිටිය තැන වටපිට බැලුවා... දොර දැක්කම ජන්කුක් හයියෙන් හුස්ම ගත්තා...
"ඕකේ ඕකේ" ටේහ්යොන්ග් ජන්කුක්ව පපුවට තුරුලු කර ගත්තා... "හිමින් හුස්ම ගන්න, මං ඉන්නවා" ජන්කුක් ටේහ්යොන්ග්ගේ බ්ලේසර් එක ඇගිලි වලට ගුලි කර ගත්තා... "ඔයාට එපා නම් අපි ආයේ යමු"
"න්-නෑ මට ඇතුලට යන්න ඕන" ජන්කුක් කෙලින් වෙලා හිට ගත්තා... "ඕකේ" ටේහ්යොන්ග් ජන්කුක්ගේ අත තදින් අල්ලගෙන දොර දිහා බැලුවා... ලොක් එක දිහා බලලා, අතින් ජන්කුක්ට ලොක් එක පෙන්නුවා... "මම" ජන්කුක් තමන්ගේ පැත්තට ඇගිල්ල දික් කරලා හුරතල් විදියට ඇහුවම ටේහ්යොන්ග් හිනාවුනා... "ඔව් කූ, මේකේ පාස්වර්ඩ් එක මම වෙනස් කරේ නෑ, පරණ එකමයි"
"ඔහ්" ජන්කුක් ඇස් ලොකු කරලා, ලොක් එක දිහා බැලුවා... "ෆකින් කියුට්" ටේහ්යොන්ග් හිමින් කිව්වා... "මොකද්ද?" ජන්කුක් ආයේ ටේහ්යොන්ග් දිහා බැලුවා... ටේහ්යොන්ග් ඔලුව දෙපැත්තට වනලා, මුකුත් නෑ කිව්වා... "ඔහ් ඕකේ" ජන්කුක් නැවිලා, පාස්වර්ඩ් එක ගැහුවා... ලොක් එක ඇරුනම ටේහ්යොන්ග් දොර තල්ලු කරලා ඇරියා...
ටේහ්යොන්ග් ඇතුලට යන්න අඩියක් ඉස්සරහට තිබ්බම ජන්කුක් හොද හුස්මක් අරගෙන ටේහ්යොන්ග්ගේ අත මිරිකලා අල්ල ගත්තා... "රිලැක්ස් කූ ඕකේ, මේක නිකන් අපේ stupid tiny home එක"
"ඕකේ Stupid tiny home" ජන්කුක් ඒක රිපීට් කරාම ටේහ්යොන්ග් හිනාවුනා... "Yeah stupid tiny home"
ටේහ්යොන්ග් ඉස්සර වුනා... ජන්කුක් ටේහ්යොන්ග්ගේ පස්සෙන් ගියා... දොරෙන් ඇතුලට ගිහින් හිට ගත්තම ජන්කුක්ගේ ඇස් ඉස්සරහා හැමදේම මැවිලා පේන්න පටන් ගත්තා... ටේහ්යොන්ග් එක්ක පලවෙනි වතාවට මේ ගෙදරට අඩිය තිබ්බ දවසේ ඉදන් අවසාන වතාවට මේ ගෙදරින් එලියට ගිය දවස වෙනකන් හැමදේම ජන්කුක්ගේ ඇස් වලට මැවිලා පේන්න ගත්තා... හැමදේම වෙලා අවුරුදු 8ක් ගතවෙලා තිබුනත්, අද ඊයේ හැමදේම වුනා වගේ ජන්කුක්ට දැනෙන්න ගත්තා...
VOCÊ ESTÁ LENDO
what happen to the NERDY ||vkook||
Fanfic[ sequel to the nerdy AND the handsome] "Taehyung looks at jungkook like he just realize what love IS"