eighteen

1.1K 248 43
                                    

ටේහ්‍යොන්ග් ඇදුම් මාරු කරගෙන ඉක්මනට පහලට ආවා... දුවගෙන ඇවිත් රග් එක උඩ ජන්කුක් ලගින්ම ඉදගෙන ජන්කුක් දිහා බැලුවා... ජන්කුක් ලැප් එක දිහා බලාගෙන ඇගිලි එක්ක සෙල්ලම් කරා...

"කූ" ජන්කුක් ඔලුව හරවලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා... ටේහ්‍යොන්ග් මග් එක ජන්කුක්ගේ අතට දුන්නා... ජන්කුක් ඉක්මනට ඒකෙන් උගුරක් බිව්වා... "ඔහ්" ජන්කුක්ගේ කට පිච්චුනා... ටේහ්‍යොන්ග් ඉක්මනට ජන්කුක්ගේ අතින් මග් එක අරගෙන කොෆී ටේබල් එක උඩින් තියලා ජන්කුක්ගේ තොල පිහිදැම්මා... ජන්කුක් ඇස් පිල්ලම් ගැහුවා... "සොරි"

"ඉට්ස් ඕකේ, එනිවේ හොට් චොකලට් එක රහයි" ජන්කුක් බිම බලාගෙන කිව්වම ටේහ්‍යොන්ග් හිනාවුනා... "තෑන්ක්ස්" ජන්කුක්ට කියන්න ඕන වුනේ ඉස්සර වගේම රහයි කියලා වුනත් ජන්කුක්ගේ ඔලුව ඒක කියන්න ජන්කුක්ගේ හිතට ඉඩ දුන්නේ නෑ...

"සෝ" ජන්කුක් ඔලුව උස්සලා බැලුවා... ඇයි ටේහ්‍යොන්ග්ගේ කටහඩ මේ තරම් ගොරෝසු... "ඔයාට මොනවද කතා කරන්න තියෙන්නේ" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ගොරෝසු කටහටඩ තාමත් ගැස්සෙන එක ගනන් ගන්නේ නැතුව ඇහුවා...

"හැමදේම, ඔයා මාව දාලා ගිය දවසේ ඉදන් වුන හැමදේම" ජන්කුක් ඇස් රෝල් කරා... "ඔහ් කමෝන් ටේහ්‍යොන්ග්, දැන් මෙතන වැරදි මම වගේ කතා කරන්න එපා" ජන්කුක් කලබලෙන් නැගිට්ටා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අතින් ඇල්ලුවා... "ඕකේ, රිලැක්ස් කලබල වෙන්න එපා" ටේහ්‍යොන්ග් ජන්කුක්ව ඉන්දුවා... "දැන් කියන්න" ජන්කුක් ටිකක් සැරෙන් කිව්වා...

"මම සනාගෙන් ඩිවෝස් වුනා"

"මම ඒක දැනටම දන්නවා"

"මම ඩෑඩ් එක්ක තියෙන හැම කනෙක්ෂන් එකක්ම ඉවර කරා"

" I fucking don't care" ජන්කුක් සද්දෙන් කිව්වා... "මම දන්නවා, මම දන්නවා, අහන්න කූ" ටේහ්‍යොන්ග් බර හුස්මක් පහත දැම්මා... ඇයි මේ ජන්කුක් මේ තරම් තරහා අරගෙන කෑගහන්නේ... "ඕකේ හැමදේම මම කරේ ඩෑඩ්ගේ ඕනකමට"

"ඔහ් ෆක් යු ටේහ්‍යොන්ග් එකම දේ ආයේ ආයේ අහලා මට හරි මහන්සි, ඔයා ඇත්තටම වදයක්, වෙන දෙයක් කියන්න නැත්තන් මම යනවා" ටේහ්‍යොන්ග් ආයේ බර හුස්මක් පහත දාලා සෝෆා එකට පිට හේත්තු කරා... "එක විනාඩියක් තරහා නොගෙන ඉන්න බැරිද කූ"

what happen to the NERDY ||vkook||Kde žijí příběhy. Začni objevovat