මාමා ඇවිත් අදට සතියක්. එයා කිව්වා වගේම නැවතුනේ මගෙ ගෙදර. හැබැයි ආශ්,කෙයාන් කිව්වෙ නම් මාමා වැඩිය ගෙදර හිටියේ නෑ කියලා. සමහරවිට වැඩ නිසා වෙන්න ඇති. මාමා හිටිය හැම දවසකම මාව බලන්න දවසාට සැරයක් ආවා. ඒත් අපි අතරේ ලොකු කතාවක් උනේ නැ. ඒක මට ගොඩක් තදින් දැනුන දෙයක්. මාමා මේ විදියට අමුතුවට හැසිරෙන එක මගෙ හිතට වදයක්. කොච්චර උනත් කුනුහර්පයක් කියාගෙන, සුද්දා කියාගෙන හිටිය මාමා දැන් එහෙම නෑ. එයා ඉන්නේ ලොකු දෙයක් ගැන කල්පනා කරන ගමං. එක්කෝ වැඩ නිසා. නැත්තම් මායි, විහස්යයි නිසා.
ඒ වගේම විහස්ය, එයත් මාමා කොච්චර එපා කිව්වත්,බැන්නත් මාව බලන්න එන එක නතර කලේ නැ. දවස් තුනකට කලින් මාමා ඉන්න වෙලාවක විහස්ය ඇවිත් මාමා එයාට ගැහුවත් එක්ක. ගුටි කාගෙනත් එයා කලේ මාව අත් දෙකෙන්ම උස්සගෙන ගිහින් වොශ් කල එක. කොච්චර රූම් එකට වීල්චෙයා එක අරගෙන ආවත් විහස්ය ඒක දකින හැම වෙලාවකම එළියට ගිහින් දානවා. එයා මං වීල්චෙයා එක දිහා ඇහැක් ඇරලා බලනවටවත් කැමති නෑ.
ඒ වගේම එයා පුලුවන් හැම වෙලාවකම මට එයාගේ බිස්නස්වල දේවල් කියලා දෙනවා. කිසිම වෙලාවක මගෙ රූම් එක ඉස්සරහින් එයාගේ ගාඩ් කෙනෙක් නැති උනේ නෑ. එයා ඉන්නේ දැන් වෙනදටත් වඩා මං ගැන පරිස්සමෙන් කියලා මට හිතුනා. මාමා මේ දේවල් දැනගත්ත විදිය එයත් දන්නෙ නෑ කිව්වා. ඒ වගේම මාමට එයාගේ ෆැමිලි එක එක්ක තියන සම්බන්දෙ දන්නෙත් නෑ කිව්වා.
මටත් දැන් බෙහෙත් නිසා ගොඩක් දුරට හොඳයි. තාම කකුල් වලට ලොකුවට බර දීලා ඇවිදගන්න බැරි උනත් කකුල් දැන් දැනෙනවා. එක්ස්කියිස් පටන් ගත්ත නිසා කාටහරි වාරු වෙලා හිටගන්න ඇවිදින්නත් පුලුවන්. විහස්ය නිතරම මාව ඇවිද්දුවා. ආශ්,කෙයාන් උනත් පුලුවන් හැම වෙලාවකම ආවත් උන් දෙන්නා මං නැති නිසා වැඩ එක්ක හිර වෙලා. ඒත් මාත් පුලුවන් හැම වෙලාවකම වැඩ කළා. දැනුත් මේ ෆයිල් එකක් චෙක් කරන ගමං.
මං නිකමට ෆෝන් එකෙන් වෙලාව බැලුවා. 2.13 යි. දැන් හරි නම් ආශ් හරි කෙයාන් හරි එන්න ඕනේ. එහෙම හිතනකොටම රූම් එකෙ දොර ඇරුනා. හැබැයි මං කීයටවත් බලාපොරොත්තු උන රූපයක් නෙවෙයි ඇතුළට ආවේ.
YOU ARE READING
Us, Again || 🥀✨️
Fanfiction𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 ✔ ස්තූතියි ! මට ඔයාගේ ජීවිතයට එන්න දුන්නට. පොරොන්දු තියෙන්නේ රකින්න උනත්, කඩවුණු පොරොන්දුවක් එක්ක මගෙ අත අල්ලන් ඉස්සරහට ඇවිදන් ගියාට. __ ලෙයාන් අගන එදිරිසිංහ 🌼 "ඇයි මගෙ හිස් ජීවිතේ පාට කරන්නේ?" මං එයාගේ...