5 කොටස 🌸

96 18 28
                                    

Akila' s Pov

මම අද උදෙන්ම නැගිට්ටේ ආදිව බලන්න යන බලාපොරොත්තුවත් එක්කමයි . මොකද ඒ පොඩිඩා මගේ නින්ද හොරකම් කරලා ගිහින් තිබ්බේ . මම දන්නේ නැහැ මම එයාට ආදරය කරන එක හරිද වැරදිද කියන්නවත් , මාස 6 කට කලින් වුන දේවල් ආයේ වෙයි කියලාත් මගේ හිතේ කොනක පොඩි බයක් නොතිබ්බත් නෙමේ එත් වෙන ඕන දෙයකට මුහුණ දෙනවා කියලා මම මටත් නොදෙනිමයි මම එයාට ආදරය කරන්න අරන් තිබ්බේ . මම මගේ හිතට කොච්චර තහංචි දාගෙන තිබ්බත් ඒ හැමදෙයක්ම යටපත් කරගෙන මගේ ආදරය උඩට ඇවිල්ලා තිබ්බා . මම එහෙමම හිතන ගමන් බාත් රුම් එකට ගිහින් හොදට නාගෙන ලෑස්තිවෙලා පල්ලෙහාට ආවේ ආදිව බලන්න යන්න පුළුවන් එකම පොට මගේ මලයව කැම්පස් අරගෙන යන එකම විතරක්ම වුන නිසා හේහේ කොහොමද මගේ ටිකිරි මොළේ ඕවා ඉතින් ටිකිරි මාරි කළා දියුණු වුන මොළ තමයි . මම එහෙමම පල්ලෙහාට යනකොට අම්මි කෑම මේසේ ලෑස්ති කරන ගමන් හිටියේ මම එහෙමම ගිහින් අම්මිව බදා ගත්තා .

" Good Morning අම්මි "

"Good Morning ලොකු ඔයා අද උදෙන්ම ඇහැරිලා මොකද මේ කවදාවත් නැතුව ම් "

අයියෝ ඉතින් බැහැ නේ කරන්නේ මම ඉතින් උදෙන්ම නැගිට්ටේ අම්මි ඔයාගේ බැණා පොඩ්ඩාව බලන්න යන්න නේ ඕක ඉතින් මම හිතුවා මිසක් කියන්න ගියේ නැහැ .

"අයියෝ අම්මි මොකද වෙන්නේ උදෙන්ම නැගිට්ටම මම ඉතින් නිකන් නැගිට්ටේ "

"මුකුත්නම් වෙන්නේ නැහැ එත් ඔයාගේ මොකක් හරි ලොකු වෙනසක් නම් තියනවා මේ දවස් දෙකට "

ඔව් එහෙම වෙන්න එපැයි මොකද මිට කළින් මම මෙහෙම හැසිරිලා නැහැ නේ කොටින්ම කිවුවොත් මම ජිවත් වුණේ හැගීම් දැනීම් නැති මනුෂයෙක් ගානට නේ එත් මගේ එන්ජල් නිසා මම දැන් වෙනස් වෙලා ආදරයක් නොබලත් ,එයත් මට ආදරය කරන්න ගත්ත දවසට මම තව මොන තරම් නම් වෙනස් වෙයිද එත් ඒ ආදරය ලබන්න මට වාසනාවක් තියෙයිද ?

"අම්මි එකනෙමේ මම මල්ලිව අද කැම්පස් අරන් යන්නම් "

"ඔයාගේ කැමැත්තක් ලොකු "

"එන්නකෝ දැන් කළා ඉන්න ,පොඩි පල්ලෙහාට එන්න .

"මේ එනවා අම්මි "

𝔽𝕠𝕣𝕖𝕧𝕖𝕣 𝕨𝕚𝕥𝕙 𝕌Where stories live. Discover now