හතළිස් පස්වන කොටස 🥀

854 160 36
                                    

මාසයක් හොස්පිටල් ඉඳලා ගෙදර ආවම ඇඟට වගේම හිතටත් දැනෙන නිදහස, සැහැල්ලුව කියාගන්න බෑ. නිකන් රටක් රාජ්‍යක් දිනලා පස්වනක් ප්‍රීතියෙන් පිනා යනවා වගේ හැඟීමක් ඒක. කෑම කාලා ඇවිත් ඇඳට වැටුනා විතරයි මතක උදේ එලාම් එකට නැගිට්ටේ නින්ද ගිහින්ද සිහි නැති වෙලාද කියලා හිත හිත. කාලෙකින් ඒ තරම් තදට නින්ද ගියේ.

අවදි උන ගමන් මට මතක් උනේ 'මගේ යුවී' ව. ඔව් එයා දැන් මගේ. ඒ වගේම මාත් ඉක්මන්ටම මගෙ අයිතියත් එයාට දෙනවා. එයාටත් ඉක්මන්ටම 'මගේ ලෙආන්' කියන්න පුලුවන් වෙයි. හැබැයි ඒ නපුරු අහංකාර මූණ දිග පස්ස රතු බැබුමා මට මුල් දවස් දෙක තුනට පස්සේ ලෙආන් කිව්වෙ නැනේ. මං එහෙම කියනවට ආසයි. එයා හිතලම වරද්දලා මගෙ නම කියනකොට මුලින් නම් ඇත්තටම තරහා ගියා. ඒත් දැන් කොහොමද දැනෙන්නේ කියලා හිතාගන්න බැ ඉතිම් මොකද එයා මට එයා ගැන පොඩි කැමැත්තක් ඇති උනාට පස්සේ එහෙම කිව්වෙම නැනේ. මහ මොකෙක්ද මංදා අප්පා !!

උදේ නැගිට්ට ගමන් මුලින්ම මතක් වෙන දේ හරි කෙනා හරි තමන්ගෙ ජීවිතේට ගොඩක් සමීප, වැදගත් කෙනෙක්ලුනේ. 'ලු' කිව්වේ ඒක මං කියපු එකක්වත් අඩුම හරියටම දන්න දෙයක්වත් නෙවෙයි නිසා. කොහොමහරි ඇඳට වෙලා විකාර හිත හිත ඉඳලා වොශ් එකකුත් දාගෙන පහළට ආවේ කන්න දෙයක් හොයන්. මං වැඩිය කන්නෙ නැති උනත් හොස්පිටල් එකේ හිටිය මාසෙට මට හැමවෙලේම කන්න දීලා දැන් බඩගිනි. බඩත් ටිකක් ඇවිත්ද මංදා.

මං ආශ්ගෙ ගේ ඇතුළට යනකොට ඉන්නවා මහ බේසිකයා පුරුදු විදියටම සිංහල තැටියක් දාගෙන. මූව නම් කෝවෙ දාලවත් මකන්න බෑ. තුන්දෙනාම ගෙදර ඉන්නවා නම් බලන්න ඕනේ සිංහල ෆිල්ම්. එහෙම නැත්තම් ෆිල්ම් බලන්න බෑ. උගෙත් මහ අමුතු තියරි තමා තියෙන්නේ. රංජන්ගේ දුර නෑයෙක් මූ !

"කෝ ආශ්?"

"....."

ෆිල්ම් එකේ ගිලිලා ඉන්න කෙයාන්ගෙන් මං ඇහුවා. ගිලිලම තමා. ලෝකෙ පෙරලුනත් මූ දන්නෑ. මං තව ටිකක් ළඟට ගිහිල්ලා පිට මැදට හොඳ ඩෑශ් පාරක් ඇතෑරියා.

"මොකක්ද හුත්තෝ කරන්නේ?"

"ආ උඹට දැනෙනවා නේ. මං හිතුවේ ඇහෙන්නෑ වගෙ දැනෙන්නෙත් නැ කියලා"

Us, Again || 🥀✨️Where stories live. Discover now