twenty

1.2K 253 25
                                    

ජන්කුක් ටොප් ෆ්ලෝර් එකෙන් හොටෙල් එක ඇතුලට ඇවිත් Elevator එක ලග හිටගෙන ෆෝන් එක අතට ගත්තා... ටේහ්‍යොන්ග් තවමත් දොර ලග හිටගෙන කලබලෙන් හැසිරෙන ජන්කුක් දිහා බලාගෙන හිටියා...

ජන්කුක් ෆෝන් එක කනේ තියාගෙන යටිතොල හපන ගමන් ටේහ්‍යොන්ග් දිහා බැලුවා... ටේහ්‍යොන්ග් හිමින් ඇතුලට ඇවිදගෙන එන්න පටන් ගත්තා... ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා... "ෆෝන් එක ආන්ස්වර් කරනවා සූබින්" ලයින් එකේ එහා පැත්තෙන් රින්ග්ස් විතරක් යන නිසා ජන්කුක් තමන්ටම කියා ගත්තා... "ජන්කුක්" ෆයිනලි සූබින් ආන්ස්වර් කරා...

"කොහෙද ඉන්නේ" ජන්කුක් ඉනට අත තියාගෙන පිටිපස්සට හැරිලා බැලුවා... "මම නැවතිලා ඉන්න හොටෙල් එකේ"

"හොටෙල් එක මොකද්ද?" ඇත්තටම මේ වෙලාවේ ජන්කුක්ට වෙන කෙනෙක් ඕන වුනා...

"Honeymoon, ඇයි මොකද්ද ප්‍රශ්නේ" සූබින් කිව්වම ජන්කුක්ගේ ඇස්දෙක ලොකු වුනා...

"මොන ෆ්ලෝර් එකේද?" ටේහ්‍යොන්ග් ඉක්මනට එනවා දැකලා, ජන්කුක් Elevator බටන් එක එබුවා... "රූම් නම්බර් එක" දොර ඇරුනම ජන්කුක් ඉක්මනට ඇතුලට ගියා... සූබින් උත්තර දුන්නම ජන්කුක් කෝල් එක කට් කරා...

දොර වැහෙන්න ගියාම ටේහ්‍යොන්ග් අත දාලා ඉක්මනට ඇතුලට ආවා... ජන්කුක් ඇස් රෝල් කරලා, පපුව ඉස්සරහින් අත් බැද ගත්තා... "කූ" ජන්කුක් ඇහුනේ නෑ වගේ හිටියා... ජන්කුක් දැන් කට ඇරියොත් මේක කොතනින් ඉවර වෙයිද කියලා ජන්කුක් දන්නේ නෑ...

"කූ අපිට බැරිද පොඩ්ඩක් කතා කරන්න" ටේහ්‍යොන්ග් හරිම හිමින් කතා කරා... ජන්කුක් යටිතොල හපාගෙන කෙලින් බලාගෙන හිටියා... "මම මේ වතාවේ හැමදේම කියන්නම් ප්ලීස්" ටේහ්‍යොන්ග් අත්දෙකේ ඇගිලි ගුලි කරගෙන ජන්කුක් දිහා බැලුවා... ජන්කුක් වේගෙන් හුස්ම ගත්තා... ජන්කුක්ගේ පපුව වේගෙන් උඩට, පහලට යනකොට ටේහ්‍යොන්ග් බය වුනා... "බේබි රිලැක්ස් ඕකේ"

ඒ එක්කම Elevator එක ෆ්ලෝර් එකෙන් නතර වුනාම, ජන්කුක් ඉක්මනට එලියට ආවා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ පස්සෙන් ගිහින් ජන්කුක්ගේ අතින් ඇල්ලුවා... "අත අරිනවා ටේහ්‍යොන්ග්, මට ඔයා එක්ක කතා කරන්න ඕන නෑ, ප්ලීස් මට පාඩුවේ ඉන්න දෙන්න" ජන්කුක් හයි ස්කූල් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් වගේ හැසිරුනා...

what happen to the NERDY ||vkook||Donde viven las historias. Descúbrelo ahora