මාසෙකටත් වඩා වැඩි කාලෙකට පස්සේ මං අද කැෆේ එකට ආවා. හැබෑ කරගන්න බැරි වෙයි කියලා හිතුව මගේ අහිංසකම හීනේ මං නැති දවස් ටිකට අනුශ්ක හොඳට manage කරගෙන ගිහින් තියනවා. මගේ staff එක ගැන මට දැනුනේ අමුතුම ආඩම්බරයක්. මාව පිළිගන්න කියලා පැය බාගයක් විතර පොඩි event එකකුත් තිබ්බා. Staff එක කියලත් හිටියේ දහයක් වෙනකොට ඒ හැමෝම මගේ කම්පැනි එකේ staff එකට වඩා දැනුනා. සමහරවිට මගේ හීනෙකට වඩා මගේ ආසාව උනේ කැෆේ එක නිසා වෙන්න ඇති.
ඒ නිසාම වෙන්න ඇති මං 'Ti Aspetto' කියලා නම දැම්මෙත්. Waiting for you. හැබැයි මං බලාගෙන හිටියේ කවුරුවත් වෙනුවෙන් නෙවෙයි මං වෙනුවෙන්මයි.
උදේ වරුවම මං කැෆේ එකේ හිටියේ. ඒ මාසෙට මට මාවම අමතක වෙලා කියලා බයටම මං cafe kitchen එකේ ඉඳන් එක එක කොෆි වර්ග try කළා. මට මාව අමතක උනත් කොෆි අමතක වෙන්නේ නෑ කියලා මට පළවෙනි වතාවට අද ඔප්පු උනා.
කම්පැනි එකට එනකොට වෙනදා වගේම දකින හැම කෙනෙක්ම 'Good afternoon sir' කියනකොට මගේ පුරුදු ප්‍රතිචාරයම දෙන ගමන් මගෙ කැබින් එකට ගිහින් සීට් එකෙන් වාඩි උන තත්පරේම මිස් සනුකි ආවේ ලොකු මල් බොකි එකකුත් උස්සගෙන. කෙල්ලව පේන්නෙත් නැද්ද කොහෙද එච්චර ලොකුයි.
"It's really nice to have sir back"
මගේ ටේබල් එක උඩින් ඒ ලොකු මල් බොකි එක තියන ගමන් මිස් සනුකි කිව්වා.
"Oh thank you."
"Welcome sir. This is today's noon-shedule,....."
මිස් සනුකි ආයෙත් පුරුදු විදියටම මගේ ශෙඩූල් එක විස්තර කරලා ෆයිල් ටිකකුත් ටේබල් එක උඩ තියලා ගියා. දැන් ඉතිම් කලින් විදියටම තමා ඉන්න වෙන්නේ. ඒත් දැන් එහෙම මට ඉන්න පුලුවන් වෙයිද? මට ඉස්සර නම් වැඩ එක්ක කාලේ ගත කරන එක කොහෙත්ම ප්‍රශ්නයක් උනේ නෑ. ඒත් දැන් මට ඒ අතරේ විහස්ය වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න ඕනේ කියල දැනෙනවා. නෑ එයා වෙනුවෙන් නෙවෙයි 'අපි' වෙනුවෙන්.
මං නිකමට මගේ ෆෝන් එක අතට ගත්තා. වෙනදට මං කිසිම උවමනාවකින් බලන්නෙවත් නැති ෆෝන් එක මං දැන් අතට ගත්තේ හරි ආසාවෙන්. අපි දෙන්නා නම්බර් ශෙයා කරගත්තට පස්සේ ඕනෙ නම් උපරිම මැසේජ් විස්සක් ඇති අපි දෙන්නගෙ චැට් එකේ. ඒකත් නෝමල් මැසේජ්. අපි දෙන්නා එන්ගේජ් වෙලා තව සති දෙකකින් විතර මාස තුනක් වෙන්න එනවා. ඒත් අදටත් මට එයාගෙන්වත් එයාට මගෙන්වත් වට්සැප් මැසේජ් එකක් ගිහින් නැ. අඩුම අපි දෙන්නා facebook friends ලවත් නෙවෙයි. මට නිකමට හිතුනා වට්සැප් එකට ගිහින් බලන්න. වෙන මුකුත් නෙවෙයි එයාගේ dp එක. ඒක හිතාගන්න බැරි ෆොටෝ එකක්.
YOU ARE READING
Us, Again || 🥀✨️
Fanfic𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 ✔ ස්තූතියි ! මට ඔයාගේ ජීවිතයට එන්න දුන්නට. පොරොන්දු තියෙන්නේ රකින්න උනත්, කඩවුණු පොරොන්දුවක් එක්ක මගෙ අත අල්ලන් ඉස්සරහට ඇවිදන් ගියාට. __ ලෙයාන් අගන එදිරිසිංහ 🌼 "ඇයි මගෙ හිස් ජීවිතේ පාට කරන්නේ?" මං එයාගේ...