68.༊ මායම් තරු රෑන﹏࿐ ࿔

1.9K 292 48
                                    

ONELYA P.O.V

සති දෙකක් ගෙවිලා ගිහින්.... අග්‍රව ආයෙත් නුවර වලව්වට එක්කගෙන ආවේ ඊයෙ. එයාට දැන් ඇවිදෑකි. අත පය තාමත් රිදුනත්.. තුවාල වලට බෙහෙත් තාමත් දැම්මත් එයාට දැන් හොඳයි. මට දැන් තාවකාලිකව සැනසීමක් දැනෙනවා.. ඒ ඇතිනෙ මට. ඒ ඇති තමා..

"මට මේක කියන්නකෝ..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙලා වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? "

එයා ඉස්සර කුමාරයෙක් වගේ.. ඒත් දැන්....... එයා විරූපී රාක්‍ෂයෙක් වෙලා. එයාව මාලිගාවටම හිර වෙලා. ඇත්තටම මට කියන්න රාක්‍ෂයට එහෙම නොවී කුමාරයෙක් විදිහටම හිටියා නම් බෙලාට ලං වේවිද?

තව මට කියන්න..........

"හැම සුරංගනා කතාවකටම ලස්සන අවසානයක් තිබුනද..? "

මං අහන්නෙ..

" රාක්‍ෂයා ආපහු කුමාරයෙක් වුනාට පස්සෙත් බෙලා ආදරේ කලාද දන්නෙ නෑ? එයාලා ඩිවෝස් වෙන්න එහෙම නැතුව ඇති නේහ්? "

මං කෝච්චිය වගේ කියවන් යනවා. එයා හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා මං දිහා බලන් ඉන්නෙ පපුව උඩ අත් දෙකත් බැඳගෙන. එයාගෙ ඇහැ හරහා ගිය ඒ දරුණු කැපුම් කැළලත් එක්ක රැළි වෙලා මං දිහා තියුණු ඇස් වලින් බලන් ඉන්නෙ. අපි බඳිද්දි ඒ මූණෙ නිය තුඩක සීරීමක් තිබුනෙ නැහැනෙ..

"උත්තර දෙන්නකෝ අප්පාහ්... මොකද්ද වෙන්න ඇත්තෙ.."

"ඇත්තමයි වීනූ තමුසෙ කෑ ගහලා මේකාව ඇහැරුවොත් දෙන්නෙ පස්ස රත් වෙන්න පාරක්. කියෙව්වොත් ඔලුව විකාර වෙන මොට්ට කතාවක්. මෙහෙ එනවා යන්න මට නිදිමතයි. "

"ඒත් මට උත්තරයක් ඕනිනේ.." මං මූණත් බෙරි කරන් එයා දිහා බලන් හිටියෙ කම්මුල් පුම්බන්. එයා ටිකක් වෙලා කල්පනා කරලා ලොකු බර හුස්මක් පහත දැම්මා. ඊලඟට කට කොණින් හිනා වෙලා මං දිහා බැලුවා.

"මට කියන්න එහෙනම්. රාක්‍ෂයා බෙලාව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙලා රාක්‍ෂයා දිහා බලයිවත්ද? එයත් අනිත් මිනිස්සු වගේ රාක්‍ෂයව දාලා යනවා එහෙනම් නේද වීනස් ? "

 නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]Tempat cerita menjadi hidup. Temukan sekarang