අදට සති දෙකක් වෙනවා. ටේ කුකීව වී ලගින් අරන් ඇවිත්. එදා වී කුකීව අරන් මැන්ෂන් එකට ඇවිත් ඒ දෙන්නගේ බෙඩ් රූම් එකට යන්න හැදුවත් කුකී බෑ කිව්වේ ඒ බෙඩ් රූම් එකේ වී එයාට කරපු දේවල් මතක් වෙලා. කුකී කියන දේ තේරුමු ගත්ත ටේ කුකීවත් අරන් ගෙස්ට් රූම් එකට ගිහින් එහෙමම කුකීව වඩාගෙන බාත්රූම් එකට ගියේ එයත් වොෂ් එකක් දාගෙන කුකීවත් වොෂ් කරන්න. කුකීගේ ඇදුම් ගලවපු ගමන් ටේගේ අත් මිටි මෙලවුනේ කුකීගේ ඇගේ තියෙන හිකීස් දැකලා. ටේට වී ව මරන්න තරම් තරහක් ආවා. ටේ කුකීගේ ඇග දිහා බලන් ඉනනකොට කුකී හිතුවේ ටේට එයාව අප්පිරිය වෙලා කියලා ඉතින් කුකී ටේගෙන් සමාව ඉල්ල ඉල්ල අඩන්න ගත්තේ ටේවත් බය කරලා. ටික වෙලාවක් කුකී දිහා බලන් හිටපු ටේ කුකීව තද කරලා බදාගෙන කිව්වේ එහෙම නෑ මැණික කියලා. කොහොමින් කොහොම හරි එදා මුලු රෑම කුකී ඇඩුවේ ටේ බොහොම අමාරුවෙන් කුකීව නිදි කරව ගත්තා. ඊලග දවසේ උදෙන්ම යුංගි එයාගේ මැන්ෂන් එකට ගියේ ටේටයි කුකීටයි තනියෙම ඉන්න දීලා.
කුකී කොච්චර උත්සහා කරත් එයාට වුණ දේවල් අමතක කරන්න බැරි වුණා. ටේත් සතියක්ම ඔෆිස් යන්නේ නැතුව කුකීව බලා ගත්තා. ටේ කොච්චර එළියට එක්කං යන්න හැදුවත් කුකී ගෙදරින් එළියට එන්න කැමැති වුණේ නෑ. මොකද එයා කොච්චර වෙච්ච දේවල් අමතක කරන්න හැදුවත් එයාට ඒක කරගන්න බැරි වුණා. සතියක් විතර ටේ කුකීව ලගම ඉදන් බලා ගත්තත් ඊළඟ දවසේ ඉඳන් ටේට ඔෆිස් යන්න වුනේ ඔෆිස් එකේ වැඩ ඔක්කෝම අනිත් පැත්ත හැරිලා නිසා. හැබෙයි ටේ පොඩ්ඩක් වත් කැමති වුනේ නෑ කුකීව තනියම දාලා යන්න. ඒත් ඔෆිස් එකත් බලන්න ඕනේ නිසා ටේ කුකීව බල ගන්න මෙඩී කෙනෙක්ව වැඩට ගත්තා. ටේ ඔෆිස් එකට ගිහින් බලනකොට තමයි ටේ දනනේ වී ඔෆිස් එකම අනිත් පැත්ත හරවල කියලා. ටේ ගියපු ගමන් කරේ ලිසව රිසප්ෂන් කරල හයන්ජින් ව එයගේ පීඒ කරපු එක. ටේ මේදවස් ටිකේම ගෝඩක් බිසී වුනේ වී මරු කරපු ඔක්කෝම ටික ආපහු මරු කරන්න වුන නිසා. ඔෆිස් එකත් එකක් බිසී වුණ නිසා ටේට කුකීව මේ දවස් ටිකේ මිස් වුනා.
කුකී මේ දවස් වල හිටියේ ටිකක් අසනීපෙන් එත් කුකී ඒක ටේට කියන්න ගියේ නෑ. මොකද ටේ මේ දවස් ටිකේම හිටියේ ඔෆිස් ටෙන්ෂන් එකෙන් ඉතින් කුකී දැන් එයා ඉනනේ අසනීපෙන් කියලා කිවුවෝත් ටේ තවත් ටෙන්ෂන් ගනියි කියල. අද උදේ ඉදන්ම කුකීට වමනේ ගියා,ඇගටත් හරි නෑ වගේ තිබුන නිස කුකී දවසම හිටියේ නිදා ගෙන. හවස හතරට විතර නැගිට්ට කුකී වෝෂ් එකක් දාගෙන පල්ලෙහට ඇවිත් සෝෆා එකෙන් ඉදගෙන හිටියේ දැන් ටේ එන වෙලාව නිසා. ටික වෙලාවක් ටේ එනකම් බලන් හිටපු කුකී නැගිටිලා කිචන් එකට යන්න ගියේ උදේ ඉදන් මුකුත්ම කපු නැති නිසා. කුකී සෝෆා එකෙන් නැගිටිලා ඉස්සරහට අඩියක් තියන්න හැදුවත් තියන්න බැරි වුණේ ඔලුව කැරකිල්ල එකක් වටේම කලුවර වුන නිස. ඒ වෙලාවෙම ගෙදරට ආපු ටේ දැක්කේ කුකී වැටෙන්න යනවා. ටේ දුවලා ඇවිල්ලා කුකීව අල්ල ගත්තේ වැටෙන්න දෙන්නෙ නැතුව. ටේ බය වුණ පාර කුකීව උස්සලා සෝෆා එකෙන් කියලා ෆෝන් එක අරන් family doctor ට කෝල් කරල ඉක්මනට එන්න කිව්වේ බයෙන්. ඩොක්ටර් විනාඩි දහයක් ඇතුලත ඉක්මනට ටේගේ mansion එකට ආවා. ඩොක්ටර් කුකීව චෙක් කරලා ටේ ළඟට ඇවිල්ල.
YOU ARE READING
HYUNG
Romanceහුංගි (කුකී) ආ- මොන මගුලක්ද මේක දැන් නම් මට හොදටම එපා වෙලා තියෙන්නේ. Don't call me hyung baby call me daddy Top tae Bottom kook Taekook Sinhala ff Write ✍️ by THV_babekook