01.අනුධ🙋‍♂️& සිතෙව්🤦‍♂️

1.7K 91 81
                                    

"කොහෙද යකෝ යන්නෙ මී හරකෙක් වගේ. පාර බලා ගෙන පලයන් කො."

අනුධ කෑ ගැහුවෙ ෆස්ට් ඉයර් එකේ පිං ඌරෙක් වගේ හෙන හයේ හතරෙ සයිස් එකෙක් උරපත්ත ගලවන් යන්ඩම ඇගේ හැප්පී ගෙන ගේට් එක දිහාට දුවද්දි.

හෙන ගැම්මට සිතෙව් එක්ක කිරි ටොයියෙට සුදට සුදේ දිලෙන කාර් එකෙන් බැහැල හින්දි ෆිල්ම් එකක නලුව වගේ ස්ලෝ මෝශන් වයිබ් එකෙන් එද්දි ආධුනික සුනඛ පැට්ටෙක් ඒක කීතු කීතු කරපු හින්දා අනුධයට මල පැන්නා.

"කට වහන් ඉදපම් බං අනුවා. පොඩි උන් නෙ."

"පොඩි.? ඌ කොහෙද යකෝ පොඩි. උබට හතරැස් පොට්ටෙද . බලපන්කො උගෙ ඇගේ සයිස්. උබ වගේ දෙකක් විතර ඇති. උබ ඉතිං කොහොමත් කොටානෙ"

"අනේ මේ උබ මගෙන් මොකුත් අහ ගන්න එපා කොටි හපුවා"

සිතෙව් අනුධ දිහාට ලොකු රැව්මකුත් දාලා නීට් එකට අයන් කරල හෙන ගැම්මෙන් ඇදන් ආව අනුධගෙ සුදු පාට දොස්තර කබායෙන් හිර වෙන්ඩ අල්ල ගත්තා.

"පොඩි වෙනව යකො... ඒහ්.. හිපාටුවො. අතෑරපන් උබගෙ සීයගෙ පවර් මං ඉස්සර දාන්න තියාගන්න එපා උබ ඈ. තලනව ටීක් ටීක් දෙක"

සිතෙව්ගෙ මූණ අදුරු වෙලා ගියා. තලනව කිව්ව හින්ද ද ? නෑ නෑ.

"ඕයි ඕයි... ඔන්න ඉතිං ඒ පාර මූන අර අපෙ අම්මා පොල් සම්බෝලෙට මිරිකල ඉවර වෙච්ච දෙහි ලෙල්ලක් වගේ කරගත්තා. ආහ් ඒක සම්බෝලෙට ම දාලා ටික වෙලාවක් පැගිරි එන්න මිරිකව්ව ම අමුතු ගැම්මක් තියෙනවා හැබැයි. මං අහන් හිටියා දවසක් ආච්චි අපෙ අම්මට කියනව. උබ කාලා තියෙනවා නේ අපෙ ආච්චගෙ පොල් සම්බෝලෙ? ඒක අපෙ අම්ම හදන එකට වඩා රහයි බං. අපෙ අම්මා මිරිස් දාන්නෙත් අඩුවෙන් නෙ තාත්තා ගෑස් නිසා. ඒ තියා අර ගෙදර වැඩ ට ඉන්න ගෑනු මනුස්පයනෙ වැඩි හරියක් උයන්නෙ. ඒ ගෑනි උයන එව්ව බල්ලෙක්ටවත් කන්න බෑ ඕයි. පීට්සා හට් එක එහා පැත්තෙ හින්ද ම මගෙ හුස්ම වැටෙන්නෙ තාම හුම්ම්.. අම්ම වගේ අඩුවට මිරිස් දාන්නෑ අපේ ආච්චි කෙලී . වත්තෙ තියෙන කොච්චි ගස් ටිකත් බුබුලටම එන්ඩ හූරං ඇවිත් දානව සම්බෝලෙට "

"බුබුල? ඒ මොනාද "

සිතෙව් ට අනුධයා එක්ක මල පැනල ඉන්නෙ කියල ත් අමතක උනා උගෙ අමුතු වචනයක් ඇහිච්ච ගමන්. අනුධ සල්ලි බාගෙ තියෙන පව්ලක උනාට එයාලගෙ ආච්චි , සීයාගෙ ගම නුවර. ඒ කියන්නෙ අම්මා නුවර ළමා තැනී. අනුධගෙ තාත්තා ව කසාද බැදපු හින්දා තමා කොලබට ආවෙ. නැත්තං ඉතිං නුවර නිළමෙ කෙනෙක් බැදගෙන මාළිගාව වැදගෙන අනුධ වෙනුවට වෙන නමක් තියෙන ළමයෙකුත් වදා ගෙන යස අගේට ඉන්ඩ තිබ්බා. ඒත් අනුධගෙ අම්මගෙ වෙලාව තමා. අනුධගෙ ඇමති තාත්තා ජන රැලියක බේගල් දොඩ දොඩා ඉන්නද්දි තමා මේ සුකුමල ලලනාව ඇස ගැටිලා තියෙන්නෙ. දිගට දිගේ නිල් වරල පස්ස දිහාට කඩා දාගෙන මල් මල් ගව්මකුත් ඇදගෙන සීනි කූරු ගොට්ටකට ( බොම්බයිමොටයි) වග කිය කිය රැලියෙ මැද හරියෙ ඉදගෙන ඉන්නද්දි. ඉටපස්සෙ ඉතිං රැලිය පැත්තකින් තියල .. නෑ නෑ.. රැලිය ඉවර උනාට පස්සෙ ළගම උන්න මේ අනුධගෙ සීයා ගෙන් අහල දූ කුමරි ව ඉල්ලල තියෙනව. අනුධගෙ සීයත් තද දේශපාලන උණක් තියන මනුස්සය හින්දා එකෙන් ම කෙලීව දෙන්න කැමති වෙලා. ජයට මගුල් අරන් දැන් ඉතින් මේ ඉන්නෙ කුරුදු වත්තෙ කෑල්ල වගේ. දැන් ඉතිං අර යසට තිබ්බ දිග කොණ්ඩෙත් බෙල්ල මුලට ම කපා දාගෙන එහෙන් මෙහෙන් මළකඩ පාට කරගෙන හූල්ලනව පරණ පොටෝ බල බලා. බිසී ලයිප් එකත් එක්ක මේන් ටේන් කරන්නත් බෑ කියන්නෙ. ටැප් වතුරට හිස් කබලෙන් කෙස් ගිලිහෙනව ලු. ඔව්ව ඉතිං දැන් හිත සනස ගන්න කියන කතා. අනේ මල විකාර. යන ඈයන් ට යන්න දෙන්නැත්තුව. කෙස් ගස් උනත් මං නම් කියන්නෙ යනව නම් යන්න අරින්න ඕනි.

සුදු රෝස✅ [Nonfic BL💛💜️]Where stories live. Discover now