02.අභී..?🙍‍♂️

853 88 11
                                    

හදවත තුවාල උනා ම ගලන ලේ රතු පාට නෑ.. මගේ හදවත පිරිල තියෙන්නෙ ඔයා ගැන ඇති වෙච්ච ආදරයෙන් ම විතරයි..❤️

ඔය ඇස් .
ඔය හිනාව.

දවසින් දවස මාව ඒවට ඇබ්බැහි කරනව.

ස්ට්‍රෝබරී ජෑම් තැවරුනු
සරාගී දෙතොලක්
සෙමින් රස කර බලන්න..

_අභී_

"මොන කෙහෙම්මලක් ද මේ... එන්න කියපන් මේක ලියපු එකීට මාව හම්බෙන්ඩ මං පෙන්නම් හදවත කපලා ලේ මොන පාටද කියල ."

අනුධයි සිතෙව් යි මේ මොලේට සමනල් ගැටේ වට්ටං හොයන්නෙ සිතෙව් ගෙ ලොකර් එක අස්සට ලා නිල් පාට සූටි සූටි හාට් වැටිච්ච කොලේක ලියපු පෙම් හසුනක් දාපු ප්‍රේම කිරිල්ලිව.

"කව්ද බං මේ මට පෙම් බස් ලියන මල් සරාගෙ ගෑණු පරානෙ. හැම සතියෙම මේ මගුලට ලියුමක් ඔබල යනව නෙ බං. වෙන වැඩ නැද්ද මට ලියුම් ලිය ලිය ඉන්නෙ. මගෙ පොත් මේසෙ ලාච්චුවෙ ඉදඩත් නෑ මේ මගුල් එකතු කරලම දැන්. අපෙ සීයා දැනගත්තොත් එල්ලයි ඕකිව."

"ම්ම්.. උබටත් මල් සරා විදල වගේ කොටෝ. ඒ උනාට අකුරු නම් කෙල්ලෙක් ගෙ වගේ නැහ්. පිරිමි පරානයක් වgay. වෙන්ඩ ඩොකෙක්ගෙ වෙන්නත් බැ. අපෙ වගේ කැත නෑ අකුරු. සාමකාමීව නිදහසේ ලියල තියෙනවා හැබැයි."

"පිස්සුද බං . මට විදින්න ගානට ඒම් එක අල්ලන් ඉන්න මල් සරත් ඊතලේ සාක්කුවෙ දාගන්නව අපෙ සීයව දැක්කම."

"සාක්කුවක්... ? මල් සරා ඉන්නෙ හෙලුවෙන් යකෝ.. උට ඇබිත්තං තටු දෙකක් විතර යි තියෙන්නෙ "

"ඇබිත්තං මොකක් ?"

"තටු ... යකෝ තටු "

සිතෙව් ගෙ මූණෙ තිබ්බ කුප්ප හිනාවෙන් ම අනුධ ට තේරුනා ඌට ඇහිල තියෙන්නෙ වෙන මගුලක් කියල .

"උබ නම් මහ බල්ලෙක් බං"

"මං ද තෝ නෙ මෙතන දැන් ඇබිත්තක් ඇද ගත්තෙ."

"අනෙ මේ උබගෙ ඇබිත්ත පැත්තකින් තියල වරෙන් යන්න ජිම් රූම් එකට "

"ඒ මොකටද ?"

"රෙදි හෝදන්න. අනෙ මෙ මගෙන් කුණු හරුප නාහා වරෙන්කො යන්න . කැම්පස් එකේ ජිම් එකට අලුත් අයිටම් වගයක් ගෙනල්ලා කියල කිව්ව අර හශේනයා. වරෙන් අද ඉදං අපිත් යන් වර්කව්ට් කරන්න."

සුදු රෝස✅ [Nonfic BL💛💜️]Where stories live. Discover now