මිස්ටර් කිම් ටේ එක්ක ගියායින් පස්සේ ජන්ග්කුක් බර කල්පනාවක වැටුනේ මේ හැම දේම එකට පැටලුනේ කොහොමද කියන සිතුවිල්ලෙන්. මොකද මිස්ටර් කිම් තියා ටේ වත් නොදන්න ජන්ග්කුක් ඒ වගේම එයාගෙ ඔම්මා අප්පා විතරක් දන්න වෙනමම දෙයක් මෙතන තිබ්බා.
.
.
.
.
.After Two Days
මිස්ටර් කිම්ගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා වගේම මොනා වුනත් අප්පව බලන්න යන්න ඕනෙ කියලා හිත හදාගත්ත ජන්ග්කුක් හාරිව නර්සරි දාලා අද කම්පැනි එකෙන් නිවාඩුවක් ගත්තේ කොහොම හරි අද අප්ප එක්ක කතා කරලා තීරනයක් ගන්නවා කියලා හිතාගෙන.
ජන්ග්කුක් කිසිම විදියකින් කලින් එනවා කියලා ඔම්මටවත් කිව්වෙ නැත්තේ ජන්ග්කුක්ට එයාගෙ දෙමව්පියො එයාට මහ ලොකුවට සලකනවා බලන්න තරම් කැමත්තක් තිබ්බෙ නැති නිසා. මේ යන ගමන ගැන කාටවත් නොකියන්නත් ජන්ග්කුක් හිතාගත්තේ ටේ, ජිමින් නොදන්න දේවල් තියන නිසාමයි.
ඇත්තටම ජන්ග්කුක් විතරක් දන්න අනික් අය නොදන්න ජන්ග්කුක් මෙච්චරටම හංගන්න හදන දේ මොකක්ද. ඊටත් වඩා ජන්ග්කුක් lee doha ව දන්නේ lee bin ගෙ පුතා විතරක් නිසාමද.
අවුරුදු ගානකට පස්සේ ජියෝන් මැන්ශන් එකට ජන්ග්කුක් අඩිය තිබ්බා. ජන්ග්කුක්ට අඩිය තියපු මොහොතෙම මතක් වුනේ ආයෙ කවදාවත් මේ මැන්ශන් එකට අඩියක් තියන්නෙ නෑ කියලා හිතාගෙන එයාගෙ එකම වස්තුව වුන හාරිවත් අරන් මේ මැන්ශන් එකෙන් ගිය දවස.
ඒ සිතුවිලි එක්කම ජන්ග්කුක් මැන්ශන් එකේ මේන් ඩෝ එක ගාවට ඇවිදන් ආවේ මැන්ශන් එකේ ආරක්ශාවට හිටිය සිකියුරිටි අන්කල් එක්කමයි.
පොඩි මහත්තයා ගොඩ කාලෙකින් නේ
ඒක තමා නේ අන්කල්.
පොඩි මහත්තය හොදින් හිටිය නේද.
අනිවාරෙන් අන්කල්. මම හොදින් හිටියා.
ජන්ග්කුක් මූනෙ පොඩි හිනාවක් රදවගෙන යම්තාක් දුරට බොරුවක් වුන ඇත්තක් කිව්වා. ජන්ග්කුක් ඇත්තටම පහු ගිය අවුරුදු ටික හිටියේ හොදින්ද. නෑ කොහෙත්ම නෑ. ඒත් ඇත්තටම එයාගෙ හාරි නිසා එයා හොදින් හිටියෙ නෑ කියන්න පුලුවන් කමකුත් නෑ.
YOU ARE READING
Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Roman d'amourවරක් ආගන්තුකයෙකු පමණක්ම වූ පුද්ගලයෙකු හදිසියේම ඔබට ඔබේ මුලු ලෝකයම සේ දැනෙන්නේ කෙසේද යන්න පුදුම සහගතය. It is amazing how a person who was once just a stranger can suddenly mean the whole world to you. හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා Strangers to Lovers රස...