05.උලුදු වඩේ

563 76 11
                                    

මට පේනව මල් සරා මං දිහා හොරෙන් හොරෙන් බලනව. මගෙත් ඉතිං ඇස් යන්නෙ ම මේ මනුස්සයගෙ කකුල් වලට නෙ. මාට්ටු වෙලා ද දන්නෙත් නැ මං බලනව.

"මල්ලි 3 rd year එකේ නේද ?"

මේන් මේ යකා මාව කතාවට අල්ලගන්නද කොහෙද යන්නෙ. මටත් ඉතිං කට පියන් ඉන්න බෑ අමාරුව නෙ.

"අහ් ඔව් අයියෙ. අයියා final year law faculty නේ?"

"අහ් මල්ලි මාව දන්නව ද ?"

මොකෝ මං නොදන්නෙ දවල් මාට්ටු උනේ සලබලාන් ගාලා මල්ලෙ තියෙන ඔක්කොම වට්ටන්. හහ්.. එයා දන්නෑනෙ මං මල් සරාව අල්ලගත්තා කියල . දන්නැති පාට් එකට ම ඉන්න ඕන. මං ශේප් එකේ ඇස් කරකෝලා බැලුවෙ කිව්ව කතාව ඔප්පු කරන්න සාක්ෂි මොනා හරි තියනවද කියල අහල පහල. ආ මේ තියෙන්නෙ.

"අහ්.. එහෙම අදුරන් නෑ අයියෙ. අයියගෙ ඔය ක්ලියර් බෑග් එකේ ගහල තියෙන්නෙ law faculty කියල "

එයා ගාව තිබ්බ ක්ලියර් බෑග් එක ගිය අවුරුද්දෙ කැම්පස් එකේ එක එක faculty වල නම් ගහල දීපු එක. මේ මනුස්සයා තාම ඒක පාවිච්චි කරනවද. මාර කෙයාරින් කොව්වෙක් වගේ. මගෙ එක නම් එදාම ඉරිලා ගියා අනුධයා එක්ක ගහගෙන.

"අහ්.. එහෙමද ?"

මං හිනාවක් විතරක් දාලා ආයෙම මගෙ පාඩුවෙ බස් එකේ සෙනග එක එකා ගෙ මූණු දිහා බලන්න ගත්තා. ඉස්සෙල්ලා බලන්න ගත්තට මාව කතාවට අල්ලගත්තා නෙ මේ මනුස්සයා.

ඇගිල්ලක් ගහන්න බැරි තරමට ම සෙනග පිරිලා. කොන්දා තවත් නග්ගනව. අම්මපා ඔය වෙලාවට තමා අර කොරෝනාව තිබ්බ නම් එක අතකට හොදා කියල හිතෙන්නෙ. ඒම උනානම් සීට් ගානට විතරනෙ ගන්නෙ. එහෙම ද දන්නෑ හැබැයි ගත්තෙ. මොකෑ මං ඒ කාලෙත් බස් වල ගියා කියල යැ. අදමයි මේ අවුරුදු 23 ට ම මං බස් එකට නැග්ගෙ .

ඔෆිස් ඇරෙන ටයිම් එකද කොහෙද සෙට් වෙලා තියෙන්නෙ. කියද වෙලාව. අහ් මං වොච් බදින්නෑ නෙ. මං පොඩ්ඩක් එහෙන් මෙහෙන් පස්ස උස්සල සාක්කුවට අත දැම්මෙ ෆෝන් එක ගන්න. ම්ම්....මගෙ පිට අල්ලට දැවුනා මල්සරාගෙ හෙන හයිය කලවැයෙ රස්නෙ. ඌත් මං දිහා බලා ගෙන ඉන්නව. මං වෙලාව බලන්න ෆෝන් එක අතට ගන්න අදහස අතෑරල දාලා අත් එළියට අරගෙන පාඩුවෙ ඉදගෙන ගියා.

සුදු රෝස✅ [Nonfic BL💛💜️]Where stories live. Discover now