"නෑ නෑ ඇන්ටි..අර උඩ තියන එක ඕනෙ..අර නිල් පාර ඉරි ඉරි එක..අන්න ඒක"මම බලන් හිටියෙ ඉස්කෝලෙ බුක්ශොප් එකේ මට එහා පැත්තෙ ඉඳන්.. නිල් පාට මකනයක් ගහපු පැන්සලක් ඉල්ලන..කැරලි ගැහුන කොන්ඩයක් තියන රවුම් කණ්ණාඩි දෙකක් දාගෙන ඉන්න පිරිමි ළමයා දිහා..
"ඔයාගෙ කොන්ඩෙ පොඩ්ඩක් අඩු කරගන්න ශනුක..බලනවකො හැටි"
බුක්ශොප් එකේ ඉද්දිම මම ඒ කැරලි කොණ්ඩයක් තියන පිරිමි ළමයට කිව්වා..
"මොකක්ද?"
ඒ පිරිමි ළමයා මගෙන් ටිකක් සද්දෙන් ඇහුවා..
"ඔය කොන්ඩේ..අන්න ඒක කපාගන්න..නැත්තන් ප්‍රිෆෙට්ස්ලා කේස් දායි"
මමත් මගෙ සද්දෙ ටිකක් වැඩි කරලා කිව්වා..
" ආහ්..ඒක..බෑ....මට පර්මිශන් තියනවනේ වවන්න "
එයා මට එහෙම කිව්වෙ එයා ගත්ත නිල් පාට පැන්සල සාක්කුවට දාගන්න අතරෙ..
"ඒක නෙමේ ආදිත් මම අද හවස ක්ලාස් එන්නෙ නෑ"
එයා එහෙම කිව්වෙ අපි දෙන්නම බුක්ශොප් එකෙන් එලියට එද්දි..
"ඒ ඇයි"
මම එහෙම ඇහුවේ එයාගේ කන ගාව තිබුන හුලගට එහෙ මෙහෙ යන චූටි කොණ්ඩ කැරැල්ලක් දිහා බලාගෙන..
"මට හවස මියුසික් ප්‍රැක්ටිස්..ඒක ඉවර වෙලා මගේ හියරින් ඒඩ්ස් බලාගන්න යන්න ඕනෙ..සද්දෙ අවුල් මේ දවස් වල.."
එයා ඒක කිව්වෙ හිනා වෙවී..
ඒ වගේ ඒවට හිනාත් යනවද...
මට හිතුනෙ එහෙම.._________________________________
"ලියාගන්න මාතෘකාව කැටායන විශ්ලේෂණය"
මේසෙ උඩ ඔලුව තියන් හිටපු මට සර්ගෙ කටහඬ දැනුනේ හරිම කරදරයක් විදිහට..
එලියේ ධාරානිපාත වැස්සක්..යන්තම ඇරලා තිබුණ ජනේලෙන් පුන්චි පුන්චි වතුර බින්දු මගෙ කම්මුල් වලට වැටුනා...
වෙලාව තුන හමාරයි..පන්තිය ඉවර තව පැය දෙකක් එහෙමමයි...
"මචං ආදිත් මොකෝ අවුල.."
"නෑ බන් ශේප්"
"සර් දකී"
"නෑ නෑ බන්"
YOU ARE READING
A BOY WITH CURLS (B×B Sinhala)
Romanceඑයාට තිබුණේ උරහිස ගාවට දිග කැරලි කොණ්ඩයක්..✨️