chapter 01

173 29 16
                                    

" මේ තේ එකේ කිසිම රහක් නැ වෙන එකක් හදාගෙන එනවා "

කිම් හරු එහෙමත් නැතිනම් ජිමින්ගෙ බාල සහෝදරිය එයාගේ අතේ තිබුණ තේ එක ජිමින්ගේ මූණට හලලා එයාට බැන්නේ වෙන එකක් හදාගෙන එන්න කියලා.

" ඔක්කොටම කලින් ඔය බිම පිරිසිදු කරනවා.නැත්නම් ඔය අලුත් කාපට් එකේ තේ පැල්ලම් හිටින්න පුළුවන් "

බිඳුණු වීදුරු කැලි ටික අහුලගෙන එතනින් යන්න ගිය ජිමින් ආයෙමත් නැවතිලා එයාගේ කිමෝනා එකේ පැත්තක එල්ලලා තිබුණ රෙදි කැබැල්ලෙන් බිම පිරිසිදු කරන්න ගත්තා.

ජිමින්ගේ ලස්සන ඇස් වලින් වීදුරු බෝල වගේ කදුලු කඩන් වැටුණත් මේ ගෙදර ඒවා පිහදාන්න කව්රුත් හිටියේ නෑ.නැත්නම් තාමත් ජිමින්ගේ කොන්ඩෙත් බේරෙන තේ නිසා කාටවත් ඒවා නොපෙනුනා වෙන්නත් පුළුවන්.

ඒත් ඇත්තටම ඒක එහෙම ද ?

ජිමින්ගේ පියාගේ පෙළපත් නම කිම් උනත් ජිමින්ගේ කුඩම්මා කවදාවත් කැමති උනේ නෑ ජිමින්ට එයාගේ සැමියගෙ පළපත් නම යනවට.ඒ තරමටම ජිමින්ගේ කුඩම්මා ජිමින්ගෙ අම්මට වයිර කලා.ඒ වයිරය කොතරම් ද කියනවා නම් ජිමින් දැන් ගෙවන ජිවිතය මේ තරම් කටුක එකක් වෙන්න ඒක හේතුවක් උනා.

ඒකට හේතුව තමයි ජිමින්ගේ අම්මා උන සකුරාට වංශවත් පෙළපතක් හිමි වීම.ජිමින්ගේ පියාගේ සහ ජිමින්ගේ මවගේ විවාහය පවුල් තුලින් කතා කරලා ගොඩනගපු සම්බන්දයක් නිසා ඒක ඒ තරම් හොද පවුල් ජීවිතයක් ගත උනේ නෑ.ජිමින් ඉපදිලා අවුරුදු හතරක් පමණ වෙන විට සකුරා මිය ගිය සැනින් ජිමින්ගේ පියා ඔහුගේ කලින් සිටි පෙම්වතිය නැවත විවාහ කර ගත්තා.

ඒත් ඇය කිසිම වෙලාවක ජිමින්ට පොඩි හරි කැමැත්තක් පෙන්නුවේ නැ.ජිමින්ගේ තාත්තා උනත් ජිමින්ට වෙන හැම අකටයුත්තක්ම දැනගෙන හිටියත් ඒ කිසිම දෙයක් නතර කරන්න උත්සහ කලේවත් නැ.ඔහුටත් ජිමින්ව පෙනුනේ තවත් බරක් විදිහට පමණයි.

ඉතින් ජිමින්ගේ අම්මා මිය ගිය පසු පුන්චි ජිමින්ට උනේ හැමෝගෙන්ම උන හැම අකටයුත්තක්ම දරාගෙන පුන්චි වයසෙන්ම වැඩකාරයෙක් වෙන්න.

永遠の魂 | 𝗬𝗠 | 𝗼𝗻𝗴𝗼𝗶𝗻𝗴 Where stories live. Discover now