chapter 02

128 30 30
                                    

කලබලෙන් යුන්ගිගේ ගෙදර පිටුපස දොර ඇරගෙන ආව ජින් මේ යන්නේ ඔහුගේ 'මින් උතුමානන් හට' උදෑසන ආහාරය පිළියෙල කිරීමට.

උදෑසන ආහාරයට ටෝෆු සුප් සමග බත් පිසීමට ඔහු සැලසුම් කල අතර ටෝෆූ කැබැලි වල අනවශ්‍ය වතුර අයින් කරන ගමන් සිතුවේ ඔහුට දැනගැනීමට ලැබුණ ආරංචියට උතුමානන් හට පැවසීමට ආකාරයක් සිතන ගමන්.

මේ සම්බන්ද කාරණා වලදී යුන්ගි ගැන ජින් බොහෝම උනන්දු උනත් යුන්ගිට මේ මාතෘකාව සම්බන්දයෙන් එතරම් උනන්දුවක් නැති බව ජින් කාටත් හොදින් දැනගෙන හිටියා.

ඊටත් වඩා ඔහුගේ අවසරයක් නැතිවම ජින් ඔහු වෙනුවෙන් මේ ගත් තීරණය ගැන යුන්ගි කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා ජින් තරමන් තැතිගැන්කමකින් හිටියත් ඔහු කලින් වතාවල් වල වගේම මේ පාරත් ප්‍රතිචාර කරයි කියලා ජින් හොදාකාරවම දැනගෙන හිටියා.

" ජින් ඔයා බලලා හැම දෙයක්ම ලෑස්ති කරන්න "

" මින් යුන්ගි,මම කසාද බැදලා ළමයි හැදුවා නම් දැන් ඔයාගේ වයසේ ළමයි මට ඉන්නවා.මේ විවාහය මට නෙවෙයි ඔයාට "

" මට ඔව්වා තේරෙන්නේ නැ.කොහොමත් මාත් එක්ක කාටවත් වැඩි කාලයක් ඉන්නත් බෑ "

ඔහුගේ උදේ කෑම පිළියෙල කර අවසන් කළ ජින් ඔලුව දෙපැත්තට වැනුවේ අන්තිම පාරට යුන්ගිට විවාහ යෝජනාවක් ගෙන ආ විට ඔහු දැක්වූ ප්‍රතිචාරය මතක් වී.

' හැම දෙයක්ම මේ පාර හොදට වෙයි '

තමන්ගේ සිතින් සිතූ ජින් හොද හුස්මක් අරගෙන ඔහු සෑදූ කෑම සියල්ලම කුඩා මේසයක් මත තබාගෙන යුන්ගිගේ කාමරය දෙසට යන්නට උනේ විවාහ යෝජනාව සම්බන්දව යුන්ගිට දැනුම් දෙන අදහසින්.

" සුභ උදෑසනක් උතුමාණෙනි,මම ඇතුලට එන්නද "

"……"

ඔහු කොපමණ කලක් ඇහුවත් ඔහුට පිළිතුරක් ලැබෙන්නේ නෑ කියලා ජින් අත්දැකීමෙන් දැනගෙන හිටියත් සැම උදෑසනකම මෙය අසන්නට ජින් පුරුදුව සිටියා.

කෑම මේසයත් අතැතිව යුන්ගිගේ කාමරයට ඇතුලු වූ ජින් යුන්ගි ඉදිරියේ කෑම මේසය තියා තේ පිළියෙල කරන්නට උනා.

永遠の魂 | 𝗬𝗠 | 𝗼𝗻𝗴𝗼𝗶𝗻𝗴 Where stories live. Discover now